KALBE සිය හිතවත් ඩයබිටසෝල් පාරිභෝගිකයින් ඇගයීමට ලක් කරයි

Share

Share

Share

Share

KALBE සිය ප්‍රධාන පෝෂණ සන්නාමය වන ඩයබිටසෝල් (Diabetasol) සමඟින් එක්ව පසුගියදා පැවති විශේෂ තේ පැන් සංග්‍රහයකදී ඔවුන් සමඟ දිගුකාලීනව විශ්වාසයෙන් රැඳී සිටි ඩයබිටසෝල් පාරිභෝගිකයින් ඇගයීමට ලක් කළේය. මෙම විශේෂ උත්සවය කොළඹ Cinnamon Life at City of Dreams හි Celestine හි උත්සව ශාලාවේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

මෙම විශේෂ අවස්ථාව සඳහා ඩයබිටසෝල් හි විශ්වාසනීය පාරිභෝගිකයින් 50 දෙනෙකු සහ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන නියෝජිතයින් පිරිසක් එක්විය. එහිදී ප්‍රධාන වශයෙන් අවධාරණය කෙරුණේ දියවැඩියාව යනු ක්‍රියාශීලී සහ ප්‍රීතිමත් ජීවිතයක අවසානය නොවන බවයි. ඒ වෙනුවට, එය වඩාත් අවධානයෙන් සහ ශක්තිමත්ව ජීවත් වීමට ලැබෙන ආරම්භයක් බව මෙහිදී පෙන්වා දෙන ලදී.

‘’දියවැඩියාව පාලනයෙන් ජීවිතය විඳින්න’’ යන තේමාව යටතේ පැවැත්වුණු මෙම උත්සවයේ අරමුණ වූයේ, දියවැඩියාව පිළිබඳව සමාජය සිතන ආකාරය වෙනස් කර, ඒ වෙනුවට දැනුවත්භාවය, සවිබල ගැන්වීම සහ ජීවිතය විඳීම කෙරෙහි අවධානය යොමු කිරීමයි. දියවැඩියාව පාලනය කිරීම යනු ආහාර රස විඳීම හෝ අන් අය සමඟ සුහදව කාලය ගත කිරීමෙන් බැහැර වීම නොවන බව මෙහිදී පැමිණ සිටි සියලු දෙනාට පෙන්වා දෙන ලදී.

එම උත්සවයේ ප්‍රධානතම අංගය වූයේ “සමබර ජීවන රටාව” යටතේ පැවති විද්වත් මණ්ඩල සාකච්ඡාවයි. එහිදී නිසි පෝෂණය, ධනාත්මක මානසිකත්වය සහ විනෝදයෙන් ක්‍රියාශීලීව සිටීම පිළිබඳව සාකච්ඡා කෙරිණි. දියවැඩියාව සමඟ ජීවත්වීම පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක කරුණු මෙන්ම පෞද්ගලික අත්දැකීම් සහිත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් දෙදෙනෙකු මෙම සාකච්ඡාවට එක්වූහ.

Heracle Care & Wellness හි ජ්‍යෙෂ්ඨ පෝෂණවේදිනී පාරමී වීරසිංහ මහත්මිය, රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම සඳහා පෝෂණය බලපාන ආකාරය පිළිබඳව කරුණු පැහැදිලි කළාය. එහිදී සීනි සහ රසකාරක පිළිබඳ පවතින මිථ්‍යා මත බැහැර කළ ඇය, අඩු ග්ලයිසිමික් දර්ශකයක් සහිත ආහාර දෛනික ජීවිතයට වැදගත් වන ආකාරය පෙන්වා දුන්නාය. තවද, ආහාර ලේබල් නිවැරදිව කියවන ආකාරය සහ ආහාර වේලක ප්‍රමාණය පාලනය කිරීම පිළිබඳ ප්‍රායෝගික උපදෙස් ද ඇය මෙහිදී ලබා දුන්නාය.

මීට අමතරව, මනෝවිද්‍යා උපදේශිකා අංජලී බුදවත්ත ජයවර්ධන මහත්මිය දියවැඩියාව පිළිබඳ සාකච්ඡා කෙරෙන විට බොහෝ විට අවධානයට ලක් නොවන පැතිකඩක් වන නිදන්ගත සෞඛ්‍යයමය තත්ත්වයක් පාලනය කිරීමේදී ඇතිවන මානසික සහ චිත්තවේගීය බලපෑම පිළිබඳව අදහස් දැක්වූවාය. දියවැඩියාව පාලනය කිරීමේදී ආහාර සහ ඖෂධ මෙන්ම, යහපත් මානසිකත්වය, දෛනික චර්යාව සහ සමාජයීය සහයෝගය ද ඉතා වැදගත් වන බව ඇය මෙහිදී පෙන්වා දුන්නාය.

“දියවැඩියාව නිසි ලෙස පාලනය කිරීම සඳහා ශාරීරික මෙන්ම මානසික විනයක් ද අවශ්‍යයි. දියවැඩියාව සහිත පුද්ගලයින් තමන්ගේ මානසික සෞඛ්‍යය සහ රුධිරගත සීනි මට්ටම පාලනය කිරීම අතර දැඩි සම්බන්ධයක් ඇති බව තේරුම් ගත් විට, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය බෙහෙවින් යහපත් වනවා,” යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසීය.

සෞඛ්‍ය සම්පන්න ආහාර පිසීම පිළිබඳ ප්‍රවීණයෙක් වන චෙෆ් නදී අමරසිංහ මහත්මිය, එදිනෙදා ආහාර සඳහා ඩයබිටසෝල් ඉතා රසවත්ව සහ පහසුවෙන් එක් කරගත හැකි ආකාරය සජීවීව පෙන්වූවාය. නිවැරදි ආහාර ද්‍රව්‍ය තෝරා ගැනීම සහ සැලකිලිමත් ලෙස පිළියෙළ කිරීම මගින්, දියවැඩියාව ඇති අයෙකුට වුවද ඉතා ප්‍රණීත ආහාර වේලක් රස විඳිය හැකි බව ඇය මෙහිදී තහවුරු කළාය.

මෙම උත්සවය වඩාත් රසවත් හා අමතක නොවන අත්දැකීමක් බවට පත් කළ අවස්ථාවක් වූයේ, එහි සිටි සියලුම ඩයබිටසෝල් පාරිභෝගිකයින් සජීවී නර්තන සැසියකට එක්වීමයි. මෙය මෙහෙයවන ලද්දේ Shadow Dance Academy හි නිර්මාතෘ මෙන්ම සෞඛ්‍යය හා යහපැවැත්ම සඳහා වන නර්තන ප්‍රවීණයෙකු වන නිලක්ෂ ප්‍රසාද් මහතා විසිනි.

“මෙම ඩයබිටසෝල් High Tea වැඩසටහන යනු ඩයබිටසෝල් සන්නාමය ඔවුන්ගේ දෛනික ජීවිතයේ කොටසක් කරගත් සෑම පාරිභෝගිකයෙකුටම අපගේ කෘතඥතාව පළ කරන ආකාරයයි. අප ඔබව අගය කරන අතරම මෙම ගමනේදී ඔබට සහය වීමට අපි කැපවී සිටිනවා. දියවැඩියාව සමඟ ජීවත්වීම කළ හැකි දෙයක් පමණක් නොව, එය සැමරිය යුතු දෙයක් බව අද දින තහවුරු වුණා.” යනුවෙන් KALBE හි පෝෂණ අංශ ප්‍රධානී කිෂාන් කනගසබේ මහතා පැවසීය.
මෙම උත්සවයට සියලු දෙනා මහත් උද්යෝගයකින් සහභාගී වූ අතර, සෞඛ්‍යය තත්ත්වය ගැන පමණක් නොව, පුද්ගලයෙකුගේ සමස්ත යහපැවැත්ම පිළිබඳවම KALBE ආයතනය දක්වන කැපවීම මෙමගින් නැවතත් තහවුරු විය.

22/5/2026
Hellmann மற்றும் MAS ஹோல்டிங்ஸ் இலங்கையில்...
ඇමරිකානු ආයෝජිකා Sandhya Ajjarapu, Kandy...
Hellmann සහ MAS සමූහය එක්ව...
10 වන Huawei ICT තරඟයේ...
GWM வாகன அணுகலை விரிவுபடுத்தும் வகையில்,...
Prime Group strengthens commitment to...
Hellmann and MAS Holdings launch...
GWM வாகன அணுகலை விரிவுபடுத்தும் வகையில்,...
Prime Group strengthens commitment to...
Hellmann and MAS Holdings launch...
Prime Melwa Formally Commences Asia’s...