KIA වාහන සඳහා පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දීමට HNB සහ KIA Motors අත්වැල් බැඳගනී

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, KIA Motors (ලංකා) සමාගම සමඟ පසුගියදා නව හවුල්කාරිත්වයකට එළඹිණි. මේ හරහා පාරිභෝගිකයින්ට ඔවුන්ගේ අවශ්‍යතාවලට සරිලන ආකාරයේ පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දෙමින් විවිධ මාදිලියේ ණෂ් වාහන සඳහා ප්‍රවේශය ලබා දෙයි.

මෙම හවුල්කාරීත්වය යටතේ HNB විසින් පාරිභෝගිකයින්ට අඩු ලීසිං අනුපාත, ඉතා ඉක්මනින් අයදුම්පත්වලට අනුමැතිය ලබාදීම, විශේෂ රක්ෂණ සැලසුම් සහ ලිපි ලේඛන සඳහා අවශ්‍ය සහායට අමතරව බැංකුවේ ලීසිං නිලධාරීන් විසින් ලබා දෙන සහාය හා අවශ්‍ය මග පෙන්වීම ආදී සුවිශාල ප්‍රතිලාභ රැසක් ලබා දෙයි. මීට අමතරව එක් එක් පාරිභෝගිකයින්ගේ ඒකපුද්ගල ආදායම් රටාව, වාහනය භාවිතා කිරීමට සැලසුම් කරන ආකාරය සහ ආපසු ගෙවීමේ හැකියාවට ගැළපෙන ලෙස නිර්මාණය කර ඇති ලීසිං විසඳුම් ද මෙමගින් පාරිභෝගිකයින්ට තෝරා ගැනීමේ හැකියාව ඇත.

මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා පැවසුවේ මෙම හවුල්කාරිත්වය ප්‍රසිද්ධ සහ විශ්වසනීය මෝටර් රථ සන්නාම හරහා පාරිභෝගිකයින්ට වැඩි වටිනාකමක් ලබා දීම කෙරෙහි බැංකුවේ අවධානය පෙන්නුම් කරන බවයි. ‘’KIA යනු මගී වාහන සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් කීර්තිමත් සන්නාමයක් වන අතර, අපගේ පාරිභෝගිකයින්ට නම්‍යශීලී සහ දැරිය හැකි ලීසිං විකල්ප ලබා දීම සඳහා KIA Motors ලංකා සමඟ කටයුතු කිරීමට ලැබීම ගැන අපි සතුටු වනවා. මෙම හවුල්කාරිත්වය පාරිභෝගිකයින්ට වැඩි තේරීමක් ලබා දෙමින් පුද්ගලයින්ගේ සහ ව්‍යාපාරවල ප්‍රවාහන අවශ්‍යතා සඳහා සහාය වනු ඇති බව අපට විශ්වාසයි.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

පාරිභෝගික අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරන මූල්‍ය විසඳුම් අද මෝටර් රථ වෙළඳපොළ තුළ ඉතා වැදගත් බව KIA Motors ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ ඇන්ඩෘ පෙරේරා මහතා පැවසුවේය. ‘’ශ්‍රී ලංකාව පුරා සිටින පාරිභෝගිකයින්ට අපගේ KIA වාහන පරාසය මිලදී ගැනීම පහසු කිරීම සඳහා HNB සමඟ කටයුතු කිරීමට ලැබීම ගැන අපි ඉතා සතුටු වනවා. මෙම හවුල්කාරිත්වය මඟින් අපට උසස් තත්වයේ වාහන පමණක් නොව නම්‍යශීලී ගෙවීම් සහ විශ්වසනීයත්වය සමඟින් බාධාවකින් තොර පහසු හිමිකාරීත්ව අත්දැකීමක් ද ලබා දීමට ඉඩ සලසනවා.’’ යනුවෙන් වැඩිදුරටත් පැවසුවේය.

KIA හි ශ්‍රී ලංකාවේ වාහන පරාසයට සෙඩාන්, SUVs සහ crossovers ඇතුළත් වේ. මෙම වාහන විශ්වසනීයත්වය, මගී ආරක්ෂාව සමඟින් නවීන පෙනුමෙන් යුතුව නිර්මාණය කර ඇති අතර ඒවා නගරාන්තර සහ දිගු සංචාර සඳහා ද සුදුසුය.

HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට...
Power World joins hands with...
Janashakthi Finance Wins Bronze Effie...
ரமழான் கால உணவுகளும், சமூகப் பிணைப்பும்:...
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
Huawei Unveils Three Key Values...