MAS හෝල්ඩින්ග්ස් හා ශ‍්‍රී ලංකා ජාතික පැරාඔලිම්පික් කමිටුව අත්වැල් බැඳගනිමින් පැරා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගයීමට ලක්කරයි

Share

Share

Share

Share

MAS හෝල්ඩින්ග්ස් ශ‍්‍රී ලංකා ජාතික පැරාඔලිම්පික් කමිටුව (NPC) සමඟ අත්වැල් බැඳගනිමින් පැරා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සවිබලගැන්වීමට අඛණ්ඩව කැපවෙන අතර පසුගිය නොවැම්බර් මස 16 වන දින Hive Auditorium හි පැවති උපහාර උළෙලේදී බාධා බිඳ දමමින් ක‍්‍රීඩා ලෝකය තුළ ජය ධජ බැන්දු ජයග‍්‍රාහකයින් ඇගයීමට ලක් කරන ලදි.

පසුගියදා පැවති Hangzhou 2022 ආසියානු පැරා ක‍්‍රීඩා උළෙලට සහභාගි වූ ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 26 දෙනා පදක්කම් 11ක් (රන් 2ක්, රිදී 5ක් සහ ලෝකඩ 4ක්) දිනා ගනිමින් ලක් මාතාවට ආඩම්බරයක් ගෙන ඒම වෙනුවෙන් ඔවුන්ට උපහාර දැක්වීමට මෙම උත්සවය පැවැත්විණි.

MAS හෝල්ඩින්ග්ස් සහ NPC අතර ඇති හවුල්කාරිත්වය විසින් ශ‍්‍රී ලංකාවේ පැරා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ සුවිශේෂී අවශ්‍යතා සහ අභිලාෂයන් අවබෝධ කර ගනිමින් ඔවුන්ව ශක්තිමත් කිරීමට කටයුතු කරයි.

ශ‍්‍රී ලංකා ජාතික පැරාඔලිම්පික් කමිටුවේ උපසභාපති ප‍්‍රියන්ත පීරිස් මහතා සිය කෘතඥතාව පළකරමින් මෙසේ සඳහන් කළේය. ”මෙම කෙටි කාලය තුළ MAS හෝල්ඩින්ග්ස් සහ ජාතික පැරාඔලිම්පික් කමිටුව අතර ඇති හවුල්කාරිත්වය ශක්තිමත්ව ඉදිරියට ගියේ සංවිධාන දෙකෙහිම ඒකායන අරමුණ වන්නේ පැරා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට උපරිමයෙන් සේවය කිරීම වන නිසායි.”

”මෙම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඉදිරියට ගෙන යාමේ දී MAS හි නවෝත්පාදනයන් අතිශයින් වැදගත් වන අතර ඒ වෙනුවෙන් අපි ඔවුන්ට කෘතඥ වෙනවා. චීනයේ පැවති ක‍්‍රීඩා උළෙලේදී කී‍්‍රඩකයින්ට කැපීපෙනෙන දක්ෂතා දැක්වීමට නව තාක්ෂණය ඒකාබද්ධ කරගනිමින් නිෂ්පාදනය කළ කී‍්‍රඩා ඇඟලූම් බෙහෙවින් ඉවහල් වුණා. ඒ වගේම වඩාත් උද්යෝගිමත්ව, නැවුම්ව සහ සුවපහසුවෙන් කී‍්‍රඩා කිරීමට කී‍්‍රඩා ඇඟලූම් හි ඇති වැදගත්කම ඉතා ඉහළයි.” යනුවෙන් නවෝත්පාදනය සඳහා වන MAS හි කැපවීම තවදුරටත් පැසසුමට ලක් කරමින් පීරිස් මහතා පැවසීය.

මෙම සහයෝගිතාව හුදු අනුග‍්‍රහය දැක්වීමකින් ඔබ්බට විහිදෙන අතර MAS හි සුවිශේෂිත සන්නාමය වන “Lable”, ආබාධිත ප‍්‍රජාව තුළ අභිමානය සහ ගෞරවය ඇති කරමින් සමාජයේ පවතින පටු ආකල්ප වලින් මිදී ලෝකයා ඉදිරියට යාමට අවස්ථාව උදාකරයි.

මෙම උපහාර උළෙල තුළින් කී‍්‍රඩා ඇඟලූම් නිර්මාණයේ සහ සංවර්ධනයේ නව්‍ය ප‍්‍රගතිය ද ප‍්‍රදර්ශනය කරන ලදී. NPC හි නිල ඇඟලූම් අනුග‍්‍රාහකයා ලෙස MAS හෝල්ඩින්ග්ස්, ක‍්‍රීඩා ඇඟලූම්වල සාම්ප‍්‍රදායික සීමාවන් අභිබවා යමින් විශේෂයෙන් නිර්මාණය කරන ලද ක‍්‍රීඩා ඇඟලූම් සපයා දෙමින් සිය අඛණ්ඩ සහයෝගය පෙන්නුම් කළේය.

MAS හෝල්ඩින්ග්ස් හි නවෝත්පාදන පෙරළිය අද වන විට සමාජය තුළ ඵලදායී වෙනසක් නිර්මාණය කර ඇති අතර ඒ පිළිබඳවද මෙම අවස්ථාවේදී අවධානයට ලක් කරන ලදි. leg braces සහිත ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සඳහා සුදුසු සුවපහසු ට‍්‍රැක් කලිසම්, රෝද පුටු වල සිට කී‍්‍රඩා කරන ටෙනිස් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති කොට කලිසම් සහ මාංශ පේශි ක්ෂය වීම නිසා පාදවල ප‍්‍රමාණයේ වෙනස්කම්වලට ලක් වූවන් සඳහා පෞද්ගලිකව නිර්මාණය කරන ලද පිහිනුම් කොට කලිසම් ආදී නවෝත්පාදිත ක‍්‍රීඩා ඇඟලූම්, පැරා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ එක් එක් අවශ්‍යතා සපුරාලීම සඳහා වන MAS හි කැපවීම විද්‍යාමාන කරයි.

Lable by MAS පැරා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම පිළිබඳව ආඩම්බර වන අතර නව්‍ය ඇඟලූම් සංවර්ධනය කිරීමේදී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ අදහස් ලබාගැනීමේ වැදගත්කම අවධාරණය කළේය. මෙම නවෝත්පාදිත ඇඟලූම්වල සාර්ථකත්වය සෑම කෙනෙකු වෙතම ලගාකරදීම වෙනුවෙන් MAS සිය උපරිමයෙන් කැපවෙයි.

 

සතුට, විනෝදය සහ එකමුතුකම සමඟින්...
Global Talent Competes to Solve...
අපනයනාභිමුඛ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව...
MAS wins multiple honours at...
ලොව පිළිගත් DENZA නව බලශක්ති...
வலுவான நிதி செயல்திறனை வெளிப்படுத்தி, வங்கியின்...
கண்ணுக்குத் தெரியாமலும், மதிப்பிடப்படாமலும்: இலங்கையின் சிறு...
කොළඹ වරායේ බහලුම් තදබදය අවම...
வலுவான நிதி செயல்திறனை வெளிப்படுத்தி, வங்கியின்...
கண்ணுக்குத் தெரியாமலும், மதிப்பிடப்படாமலும்: இலங்கையின் சிறு...
කොළඹ වරායේ බහලුම් තදබදය අවම...
Softlogic Life wins best “AI...