නව්‍ය තාක්ෂණය යොදා ගනිමින් ඇඟලුම් නිෂ්පාදනය සිදු කරන දකුණු ආසියාවේ විශාලතම ඇඟලුම් සමූහ ව්‍යාපාරය වන MAS Holdings 2030 වසර දක්වා සිය සැලසුම් ඇතුළත් Plan for Change 2030 පසුගියදා කොළඹ Cinnaman Life හිදී එළි දක්වන ලදී. MAS Holdings හි තිරසාර ගමනේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරනු ලබන මෙම දියත් කිරීම තුලින් නිෂ්පාදනය, ජීවිත හා පරිසරය වෙනුවෙන් වන කැපවීම මෙන්ම ඒ තුලින් ඇඟලුම් කර්මාන්තයේ හෙට දවස සුරක්ෂිත කිරීමේ සිය සැලසුම් ප්‍රසිද්ධ කිරීමට ඔවුන් කටයුතු කර ඇත.
මෙම සුවිශේෂී අවස්ථාව වෙනුවෙන් එක් වූ ලන්ඩනයේ පදිංචි මාධ්‍යවේදියෙකු, ගත්කතුවරයෙකු, විශේෂඥයෙකු මෙන්ම තිරසරභාවය පිළිබඳ උපදේශකවරයකු වන Brooke Roberts-Islam විසින් ප්‍රධාන දේශනය පවත්වත්මින් Forbes සහ Business of Fashion සඳහා වන නවෝත්පාදනයන් පිළිබඳව අදහස් දක්වන ලදී. තිරසාරභාවය පවත්වා ගැනීමේදී නායකත්වයේ වැදගත්කම පිළිබඳව මෙහිදී ඔහු සඳහන් කර සිටියේය.
එසේම Dialog Axiata PLC හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ, Ambercycle හි ප්‍රධාන විධායක නිලධාරී සහ සම නිර්මාතෘ Shay Sethi, MAS Holdings හි සමූහ තිරසාර ව්‍යාපාර අධ්‍යක්ෂ නෙමන්ති කූරගමගේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ Takafumi Kadono යන මහත්ම මහත්මීන් සමඟින් විශේෂ සාකච්ඡාවක් මෙහෙයවීමටද Brooke මහතා කටයුතු කරන ලදී. එහිදී එක් එක් ව්‍යාපාර අංශයන්හි තිරසාර උපාය මාර්ගයන් ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවන් සහ ඒවායෙහි ප්‍රතිඵලයන් පිළිබඳව අදහස් බෙදා හදා ගැනීමට අවස්ථාව උදා විය.
2025 වසරේ අත්කර ගනු ලැබූ කාර්ය සාධන සාර්ථකත්වය මත Plan for Change 2030 අනුව සිය ව්‍යාපාර මෙහෙයුම් හා වටිනාකම් දාමය හරහා ආයතනික වශයෙන් තිරසාරභාවය යොදා ගැනීම MAS හි අරමුණ වී ඇත. HeiQ AeoniQ™ සහ Ambercycle සමඟ හවුල්කාරීත්වයන් හරහා ජෛව විවිධත්වයෙන් යුත් අක්කර 25,000කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කිරීමට ආයෝජනය කර ඇත. ඊට අමතරව විද්‍යාව පදනම් කරගත් ඉලක්ක වැඩසටහන් (SBTi) මඟින් කාබන් විමෝචනය කෙටි කාලයක් තුල අවම කිරීම ඇතුලු තිරසාර පියවර රැසක් තව දුරටත් ඉහළ නැංවීමට කටයුතු කර ඇති සමාගම 2040 වන විට සම්පූර්ණයෙන් කාබන් විමෝචනය රහිත මෙහෙයුම් දියත් කිරීමට අරමුණු කොට ගෙන ඇත.
එමෙන්ම සිය ව්‍යාපාරයේ සෑම ක්ෂේත්‍රයක් තුලින්ම සිදුවන බලපෑම ඉහළ නැංවීම සඳහා නව මිණුම් සලකුණු හඳුන්වා දීමට කටයුතු කර ඇති MAS 2030 වන විට සමාගමේ ආදායමෙන් 75%ක් තිරසාර නිෂ්පාදනයන්ගෙන් උපයා ගැනීමට සැලසුම් කර ඇත. ඒ සඳහා චක්‍රීය නිර්මාණ, හෙට දවසට ගැලපෙන අමුද්‍රව්‍ය සහ කෙඳි ලබා ගැනීමට අවශ්‍ය පුනර්ජනනීය මෙහෙයුම් වෙත ආයෝජනය කිරීමට ඔවුන් කටයුතු කර ඇත.
MAS හි සේවය කරනු ලබන පිරිසෙන් 70%ක් කාන්තාවන් වන අතර ඔවුන් වෙනුවෙන් සාධාරණ අයුරින් සැලකීමේ ප්‍රතිඵත්ති නංවාලීම, යහපැවැත්ම වර්ධනය කිරීම සහ අධ්‍යාපනය, ජීවනෝපාය සහ සමානාත්මතාවය තුලින් ශක්තිමත් ප්‍රජාවක් නිර්මාණය කිරීම සඳහා වන කටයුතු වැඩි දියුණු කිරීමට මේ තුලින් බලාපොරොත්තු වේ. 2030 වසර වන විට පරිසරයට එකතු වන හරිතාගාර වායු 80%කින් අවම කිරීමේ අරමුණින් MAS සිය නිෂ්පාදන මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ තුලින් තෙවන අදියරේ කාබන් විමෝචනය 46.2% කින් අවම කිරීම (2019 පදනම් කර ගනිමින්) ඔවුන්ගේ ඉලක්කය වී ඇත. එහිදී ජල සුරක්ෂිතතාව, චක්‍රීය අපද්‍රව්‍ය කළමනාකරණය සහ පරිසර පද්ධති නංවාලීම වැනි වැඩ කටයුතු තව දුරටත් ඉදිරියට ගෙන යාමටද MAS බලාපොරොත්තු වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් MAS Holdings හි ප්‍රධාන විධායක නිලධාරී සුරේන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ ‘’මානව ප්‍රජාව සහ පරිසරය වෙනුවෙන් සාධනීය බලපෑමක් සිදු කරන ව්‍යාපාර මෙහෙයුම් පිළිබඳ නිරන්තරයෙන් විශ්වාසය පළ කිරීම අපගේ දිගු කාලීන සාර්ථකත්වයට හේතු වී තිබෙනවා. MAS Plan for Change 2030 සැලසුම තුලින් ඒ සඳහා වන අපගේ විශ්වාසය තව දුරටත් ඉදිරියට ගෙන යාමට හැකි වී තිබෙනවා. එය ඇඟලුම් කර්මාන්තය සඳහා වඩා තිරසාර හෙට දවසක් උදා කර දීමට හේතු වන අතර වගකීමෙන් යුතුව වර්ධනය වීම සඳහා අවස්ථාවක් උදා කර දෙනවා.’’ යනුවෙනි.
මෙහිදී අදහස් දැක්වූ MAS Holdings හි සමූහ තිරසාර ව්‍යාපාර අධ්‍යක්ෂ නෙමන්ති කූරගමගේ මහත්මිය ‘’MAS Plan for Change 2030 තුලින් වඩා හොඳ ප්‍රතිඵල අත්කර ගැනීමට අපි බලාපොරොත්තු වනවා. එය පරිසර හිතකාමී මෙහෙයුම්, තිරසාර නිෂ්පාදන සහ සමාජ සාධාරණත්වය සඳහා MAS කැපවීම මනාව ප්‍රදර්ශනය කරන මෙම සැලසුම ආයතනික මෙහෙයුම් වල සෑම අංශයක් සඳහාම යොදා ගැනීමට කටයුතු කරනවා. අපගේ ව්‍යාපාර සාර්ථකත්වය සඳහා පාරිසරික මෙහෙයුම් වඩාත් වැදගත් වන අතර එය අපගේ සේවක ප්‍රජාව සඳහාත් ධනාත්මකව බලපානු ලබනවා. විශේෂයෙන් වගකීම් හා නව්‍යකරණය තුලින් ඉදිරි දශකයේ සාර්ථකත්වය උදෙසා තිරසාරභාවය ඉහළ නැංවීමට අපි බලාපොරොත්තු වනවා.’’ යනුවෙන් පැවසීය.
අද වන විට දිනෙන් දින විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් ඉදිරියට ගමන් කරන ඇඟලුම් කර්මාන්තය සඳහා ශක්තියක් වෙමින් සාර්ථක අනාගතයක් උදා කර දීමට මෙම MAS Plan for Change 2030 සැලසුම තුලින් අරමුණු කොට ගෙන ඇත. ඒ හරහා පාරිසරික සුරක්ෂිතතාවය හා සමාජ බලපෑම ඉහළ නංවමින් වෙනස්වන වෙළෙඳපොල අවශ්‍යතා සපුරාලීමට MAS කටයුතු කරනු ඇත.



