#MentalHealthAwareness හරහා ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය යහපැවැත්ම සහතික කිරීමට TikTok කැපවෙයි

Share

Share

Share

Share

මානසික සෞඛ්‍යය හා සම්බන්ධ දුර්මත බිඳ දැමීමට සහ යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව ප‍්‍රජාව දැනුවත් කිරීමට TikTok උපරිමයෙන් කැපවෙයි. සිය කැපවීම ලෝක මානසික සෞඛ්‍ය දිනයට පමණක් සීමා නොවන අතර ගෝලීය #MentalHealthAwareness ව්‍යාපාරයේ ඉදිරියෙන්ම රැඳී සිටිමින් TikTok ප‍්‍රජාවේ ශක්තිය, ධෛර්යය සහ ඔරොත්තු දීමේ හැකියාව අගයමින්, මානසික යහපැවැත්මට ප‍්‍රමුඛත්වය දීමේදී එක්ව වැඩ කීරීමේ වැදගත්කම අවධාරණය කරයි.

TikTok ලොව පුරා මානසික සෞඛ්‍යය වැඩිදියුණු කිරීමේ අරමුණ සහිත සංවිධාන සමඟ අත්වැල් බැඳගනිමින් මානසික සෞඛ්‍යය සඳහා එහි කැපවීම මැනවින් පෙන්නුම් කරයි. ලෝක මානසික සෞඛ්‍ය දිනයේ දී, TikTok නිවේදනය කළේ එය ලොව පුරා සිටින තරුණ තරුණියන්ට මානසික සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය ලබාදෙන සමාජ සත්කාරක ව්‍යාපෘතියක් වන Rare Impact Fund සමඟ අත්වැල් බැඳ ගන්නා බවයි. ඔක්තෝම්බර් 4 වැනිදා පළමුවරට Rare Impact Fund සඳහා TikTok විසින් ඩොලර් 250,000ක් පරිත්‍යාග කරන ලදී. සෙලීනා ගෝමස් විසින් නිර්මාණය කරන ලද Rare Impact Fund, මානසික රෝග පිළිබඳ ඇති අපකීර්තිය තුරන් කිරීම සහ මානසික සෞඛ්‍ය සහ ස්වයං-පිළිගැනීම පිළිබඳ ධනාත්මක ආකල්ප ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.

මානසික යහපැවැත්ම සඳහා TikTok වේදිකාවේ සැලකිය යුතු බලපෑම පිළිබඳ වඩාත් පුළුල් අවබෝධයක් ලබා ගැනීම සඳහා TikTok විසින් ශ‍්‍රී ලංකාව තුළ සිය යෙදවුම හරහා සමීක්ෂණයක් පවත්වන ලදී. සමීක්ෂණයට සහභාගී වූ ශ‍්‍රී ලංකාවේ TikTok භාවිතකරන්නන් අතරින් 67% ක් වාර්තා කළේ TikTok භාවිත කරන අතරතුර තමන් එම යෙදවුමට අයත් වීමේ හෝ සම්බන්ධතාවයක් ඇති හැඟීමක් දැනුන බවයි.

TikTok මානසික සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳ සංවාදවලට සක‍්‍රීයව සහභාගී වන ආරක්ෂිත සහ ධනාත්මක ගෝලීය ප‍්‍රජාවක් දිරිගන්වයි. #MentalHealth, #SelfCare සහ #MentalHealthAwareness වැනි අදාළ හැෂ්ටැග් හරහා බිලියන 100, බිලියන 50, සහ බිලියන 25 කට වඩා වැඩි නැරඹුම් වාර ගණනක් ජනනය කර ඇත.

මීට අමතරව, පුද්ගලයින්ට ඒ සමාන අදහස් ඇති මානසික සෞඛ්‍ය උපදේශකයින් සහ සංවිධාන සමඟ සම්බන්ධ වීමට මෙන්ම TikTok හි නව මානසික සෞඛ්‍ය සහ ඩිජිටල් සුවතා මධ්‍යස්ථානය හරහා ඊට අදාල සම්පත් වෙත ප‍්‍රවේශ විය හැකිය. තවද, මානසික සෞඛ්‍යය පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීමට, මානසික අවපීඩනයට එරෙහිව සටන් කිරීමට සහ online භාවිතයේදී අනුගමනය කළ යුතු ආරක්ෂිත ක‍්‍රම ගැන කතා කිරීමට, TikTok, නිර්මාණකරුවන් සහ Vida Medical Clinic සහ Unicef South Asia වැනි සංවිධාන සමඟ අඛණ්ඩව කටයුතු කරයි.

ප‍්‍රමුඛතම අන්තර්ගත නිර්මානකාරිණියක් වන පර්ලිජා (@pearlijja.jeyarajah) පවසන්නේ, ”විශේෂාංග ක‍්‍රියාත්මක කිරීමෙන් සහ මානසික සෞඛ්‍යය අවධාරණය කරන නිර්මාණකරුවන් සමඟ හවුල් වීමෙන් එහි පරිශීලකයින්ගේ යහපැවැත්ම පිළිබඳව අවදානය යොමු කිරීමට TikTok පියවර ගෙන තිබෙනවා. මෙම මුලපිරීම තුළින් පරිශීලකයින්ට හොද මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීමට වැදගත් වන සම්පත් සහ සහාය ලබා දීමට අරමුණු කරනවා. මානසික සෞඛ්‍ය අභියෝගවලට මුහුණ දුන් බොහෝ පරිශීලකයින් TikTok හි මානසික සෞඛ්‍යය පිළිබඳ ඔවුන්ගේ පුද්ගලික අත්දැකීම් බෙදාහදා ගන්නා අතර එය ප‍්‍රජාව අතර ඒ පිළිබඳ අවබෝධය වර්ධනය කිරීමට උපකාරී වෙනවා. එය මානසික සෞඛ්‍ය ගැටලූවලට මුහුණ දෙන සෑම පුද්ගලයෙකුටම ඉතා ප‍්‍රයෝජනවත්.” යනුවෙනි.

ඔක්තෝබර් මාසය පුරාවටම, TikTok සිය ගෝලීය ප‍්‍රජාවට #MentalHealthAwareness: Better Together ව්‍යාපාරයට සම්බන්ධ වන ලෙස ආරාධනා කරයි. #MentalHealth සහ #SelfCare යන හැෂ්ටැග් භාවිතා කරමින් ජනතාව දැනුවත් සහ උද්යෝගිමත් වන කථා මෙන්ම පුද්ගලික සාර්ථකත්වයට හේතු වන කාරණා ද පරිශීලකයින් සමඟ බෙදා ගැනීමට ශ‍්‍රී ලාංකිකයන් දිරිමත් කරනු ලැබේ.

 

பரீட்சை தயாரிப்பு முதல் தொழில் தேர்வு...
Sri Lanka’s apparel exports grow...
TikTok 2025 තෙවන කාර්තුවේ ප්‍රජා...
Softlogic Life நிறுவனத்தின் புதிய வளர்ச்சிப்...
අටාලේ ශ්‍රී ලංකාවේ විශාලතම රබර්...
2025 மூன்றாம் காலாண்டில் 20 கோடிக்கும்...
கொழும்பில் நடைபெற்ற விசேட மாநாட்டில், தனது...
CINEC Celebrates 1,800 Graduates and...
2025 மூன்றாம் காலாண்டில் 20 கோடிக்கும்...
கொழும்பில் நடைபெற்ற விசேட மாநாட்டில், தனது...
CINEC Celebrates 1,800 Graduates and...
Sunshine Holdings to Acquire 75%...