Michelin Sri Lanka ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

Share

Share

Share

Share

2025 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කර ගනිමින් තම ආයතනය සමඟ එක්ව කටයුතු කරන කාන්තාවන්ගේ කැපවීම අගය කරමින් Michelin Sri Lanka විසින් විශේෂ උත්සවයකදී කාන්තා කණ්ඩායම් සාමාජිකාවන් 150 දෙනෙකුට උපහාර පිරිනමන ලදී.
මෙම උත්සවයේ ගෞරවණීය ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම දෘශ්‍යාබාධිත විලාසිතා නිර්මාණකාරිණී හා සමාගම් ප්‍රධානී ආශ්චර්යා පීරිස් ජයකොඩි මහත්මිය එක් විය. 2025 වසරේ කාන්තා දින තේමාව වූ “Accelerating Action for Diversity” අරුත් ගන්වමින් කාන්තාවන් දිරි ගැන්වීමට ඇය එහිදී කටයුතු කරන ලදී.

මෙහිදී කාන්තාවන් ලෙස වෘත්තීය ජීවිතයේදී මෙන්ම පෞද්ගලික ගමන් බිමන්වලදීද තමන්ට වැදගත් වන දැනුම හා තොරතුරු රැසක් ජීවිතයට එක් කර ගැනීම වෙනුවෙන් වූ වැඩමුළුවකට සම්බන්ධ වීමටද ඔවුන්ට අවකාශ උදා විය.

2025 ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම තුලින් සේවා ස්ථානය තුළ විවිධත්වය හා කාන්තා නියෝජනය වෙනුවෙන් තම නිරන්තර කැපවීම ප්‍රදර්ශනය කිරීමට Michelin සමත් විය. ආයතනයෙහි නායකත්ව තනතුරු ඇතුලු සියලු භූමිකාවන්හි කාන්තාවන් කටයුතු කිරීමේ වැදගත්කම හා සමානාත්මතාව මෙන්ම වඩාත් හොඳ තීරණ ගැනීමට විවිධ අදහස්, දැනුම හා අත්දැකීම් එකට ගෙන ඒමේ අඛණ්ඩ අවශ්‍යතාව පිළිබිඹු කිරීමටද ඔවුන්ට මේ තුලින් හැකියාව උදා විය.

2026 ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය...
Prime සමූහය LMD වෙතින් මෙරට...
FACETS Sri Lanka 2027: ஒரு...
Shantha Bandara reappointed SLCPI President...
500 ட்ரோன்கள், முன்னணி கலைஞர்களின் இசை...
“Just a Content Creator?” Tesaarah...
City of Dreams Sri Lanka...
LANKATILES and the Geoffrey Bawa...
“Just a Content Creator?” Tesaarah...
City of Dreams Sri Lanka...
LANKATILES and the Geoffrey Bawa...
உலகளாவிய சைபர் பாதுகாப்புப் தரவரிசையில் Sophos...