Prime Residencies සමාගමේ THE GOLF ව්‍යාපෘතියේ ඉදිකිරීම් කොළඹ 08, lake drive හිදී ඇරඹේ

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ සැබෑ ප්‍රමුඛයා වන Prime සමූහ ව්‍යාපාරයේ අනුබද්ධ සමාගමක් වන Prime Residencies හි නවතම අධි-සුඛෝපභෝගී ව්‍යාපෘතිය වන THE GOLF ව්‍යාපෘතියේ ඉදිකිරීම් පසුගියදා නිල වශයෙන් ආරම්භ විය. මේ සඳහා මංගල පස් පිඩැල්ල කැපීමේ උත්සවය කොළඹ 08 ලේක් ඩ්‍රයිව් හි එම ව්‍යාපෘති පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ව්‍යාපෘතියට සම්බන්ධ වී සිටින විවිධ පාර්ශ්වවල නියෝජිතයන් විශාල පිරිසක් එක්වූහ.

මෙරට ප්‍රමුඛතම ගොල්ෆ් ක්‍රීඩා සමාජයක් වන කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාජයට යාබදව මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිකෙරෙනුයේ Prime Residencies සමාගමේ ‘One Collection’ නම් විශේෂ අධි-සුඛෝපභෝගී ව්‍යාපෘති එකතුවෙහි කොටසක් වශයෙනි. ඉතාමත් අලංකාර ගෘහ නිර්මාණ ශිල්පීය සැලසුම්වලට අනුව, ඉහළම තලයේ අමුද්‍රව්‍ය හා උපාංග පමණක් භාවිතා කරමින්, නාගරික ජීවිතයේ පහසුකම් සමඟ සුඛෝපභෝගී ජීවන රටාවක සුවිශේෂීත්වය එක්තැන් කරමින් මෙම නිවාස ඉදිකෙරේ. THE GOLF ව්‍යාපෘතියද එලෙස නාගරික වටාපිටාවත් ස්වභාධර්මයත් සුසංයෝග කරන සුවිශේෂී ව්‍යාපෘතියක් ලෙස හැඳින්විය හැක.

රු. 95,700,000 සිට ආරම්භ වන මෙහි නිවාස, ගොඩනැගිල්ලේ දෙවැනි මහලේ සිට ඉහළට පිහිටා තිබේ. ඉහළම තලයේ පහසුකම් සහිත, හාත්පස රමණීය ලෙස දර්ශනය වන, නිදන කාමර 2 සහ 3 බැගින් වන අධි-සුඛෝපභෝගී නිවාස 66 ක් මීට ඇතුළත්ය. මෙහි පදනම ඉදිකරනු ලබන්නේ K.D Piling (පුද්.) සමාගම මඟින් වන අතර, එය සෑම ව්‍යාපෘතියක්ම ඉහළම ප්‍රමිතියකින් යුතුව ඉදිකිරීම සඳහා Prime Residencies සමාගම දක්වන උනන්දුවට මනා සාක්ෂියකි.

මෙම නිවාස ව්‍යාපෘතියට ඇතුළත් සුවිශේෂී පහසුකම් අතරට, කොළඹ රාජකීය ගොල්ෆ් සමාජය මනරම් ලෙස දර්ශනය වන Plunge pool වර්ගයේ පිහිනුම් තටාක දෙකක්ද ඇතුළත්ය. එය සුඛෝපභෝගී ජීවිතයක සැහැල්ලුව පරිසරයේ සුන්දරත්වය බව සමඟ සුසංයෝග කරන සුවිශේෂී අත්දැකීමක් නිවැසියන් හට ළඟා කර දෙනු ඇත. එමෙන්ම වාහන එසවීමේ යාන්ත්‍රණයක් සහිතව එක් නිවසක් වෙනුවෙන් වාහන දෙකක් නැවැත්වීමේ පහසුකම් ලබා දී තිබේ.

ගොඩනැගිල්ලේ Rooftop කොටස එයටම ආවේණික විශේෂ පහසුකම් රැසකින් සමන්විතය. වැඩිහිටියන් හා දරුවන් වෙනුවෙන් වෙන වෙනම පිහිනුම් තටාක, සියලු පහසුකම් සහිත ව්‍යායාම ශාලාවක්, උත්සව ශාලාවක්, The Sunset Lounge නම් Poolside bar එකක් සහ දරුවන්ට කෙළිදෙලෙන් පසුවීම සඳහා මෙන්ම සැහැල්ලුවෙන් පොතපත කියවීම සඳහා Little Greens Club නම් ස්ථානයක් වැනි පහසුකම් රැසක් ඊට ඇතුළත් වී තිබේ. මෙම නිවාස සියල්ලම පූර්ණ පහසුකම් සහිත මුළුතැන්ගෙවල් වලින් සමන්විත වන අතර, බිම් මහල අමුත්තන් පිළිගැනීමේ සහ රැඳී සිටීමේ ස්ථානයකින් සහ නිවාසවලට සේවා සපයන සේවා ස්ථානයකින්ද සමන්විතය.

“THE GOLF යනු කොළඹ නගරයේ පහසුවෙන් හමු නොවන ආකාරයේ නේවාසික දේපළක් ලෙස හැඳින්වීමට පුළුවන්. මෙවැනි ව්‍යාපෘතියකින් නිවාස මිලදී ගැනීමට අවස්ථාව ලැබෙන්නේ වාසනාවන්ත ගැනුම්කරුවන් අතළොස්සකට පමණයි. මෙය සුවිශේෂී බව, ගෞරවණීයත්වය සහ ඉහළ තලයේ ජීවන රටාවක ප්‍රතිලාභ යනාදී සියල්ල එක්තැන් කරන ව්‍යාපෘතියක්.” Prime සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා පැවසීය.

දැනටමත් මෙම නිවාස සඳහා ගැනුම්කරුවන් අතර විශාල ඉල්ලුමක් මතු වී තිබේ. නිවාස අතරින් බහුතරයක් දැනටමත් වෙන්කරවාගෙන ඇති අතර, නිවාස සීමිත සංඛ්‍යාවක් පමණක් තවමත් ඉතිරිව පවතී. මෙම ඉල්ලුම මඟින් පෙනී යන්නේ THE GOLF යනු කෙතරම් වටිනා නේවාසික දේපළක්ද යන්නයි.

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ වසර 30 කට අධික පළපුරුද්දක් හිමි Prime සමූහය මේ වන විට සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘති 70 කට අධික සංඛ්‍යාවක් සහ ඉඩම් සංවර්ධන ව්‍යාපෘති 10,000 කට අධික සංඛ්‍යාවක් රට පුරා ක්‍රියාත්මක කර තිබේ. එමෙන්ම පසුගිය වසර කිහිපය පුරා අඛණ්ඩව Real-Estate Asia සම්මාන උළෙලේදී ‘Developer of the Year – Sri Lanka’ සම්මානය දිනාගැනීමටද එම සමූහය සමත් විය. නිවාස ගැනුම්කරුවන්ගේ අපේක්ෂාවන් නිවැරදිව අවබෝධ කරගෙන, එම අපේක්ෂාවන් සපුරාලන දේපළ සමාගමක් ලෙස කීර්තියක් දිනාගැනීමට Prime සමූහය සමත් වී තිබේ. THE GOLF ව්‍යාපෘතිය මෙම සාර්ථකත්වයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් වන අතර, කොළඹ නගරයේ ඉහළම වටිනාකමක් සහිත ස්ථානයක ඉදි වන මෙම ව්‍යාපෘතිය, දැනටමත් රට තුළ වැඩියෙන්ම කතාබහට ලක්වෙන නිවාස ව්‍යාපෘතියක් බවට පත් වී ඇත.

FitsAir commences only direct air...
From Colombo to Melbourne: Enfection’s...
මෙරට සෞඛ්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ හෙට...
මෙරට ටෙනිස් ක්‍රීඩාවේ අනාගතය වෙනස්...
Prime Lands commences construction of...
නවතම Abans ප්‍රදර්ශනාගාරය විවෘත කරමින්...
ITC Ratnadipa Presents “Changes &...
Scalable capture: Sri Lanka’s Marine...
නවතම Abans ප්‍රදර්ශනාගාරය විවෘත කරමින්...
ITC Ratnadipa Presents “Changes &...
Scalable capture: Sri Lanka’s Marine...
ප්‍රයිම් මෙල්වා විසින් Port-City Marina-Front...