Samsung ශ්‍රී ලංකා ළඟ එන අවුරුදු සමය වෙනුවෙන් ‘Wowurudu’ ප්‍රචාරණ ව්‍යාපාරය දියත් කරයි

Share

Share

Share

Share

අවුරුදු සමය වෙනුවෙන් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා වෙත අසමසම ප්‍රතිලාභ ලබා දීම අරමුණු කරගනිමින් Samsung ශ්‍රී ලංකාහි නවතම ප්‍රචාරණ ව්‍යාපාරය පසුගියදා දියත් කරන ලදී. ‘Wowurudu’ ලෙස නම් කරමින් 2026 පෙබරවාරි 15 වන දින දියත් කරනු ලැබූ එම සුවිශේෂී ව්‍යාපාරය තුලින් Samsung හි විශ්වසනීය තාක්ෂණය හරහා එදිනෙදා ජීවිතය වැඩි දියුණු කර ගැනීමේ සමාරම්භයක් හා සතුටක් පාරිභෝගිකයින් වෙත ලබා දෙනු ඇත.

උදාවන අවුරුදු සමයේදී Samsung ශ්‍රී ලංකා සමාගම විසින් නව Double Door Inverter No Frost ශීතකරණ මාදිලි දෙකක් සහ වායු සමීකරණ මාදිලියක් ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දී ඇත. බලශක්ති කාර්යක්ෂමතාව, කල් පැවැත්ම සහ විශිෂ්ට ක්‍රියාකාරීත්වය වෙනුවෙන් නිර්මාණය කර ඇති මෙම ගෘහ විදුලි උපකරණ හෙට දවසේ සියලු පවුල්වල දියුණුවේ සුවිශේෂී අවස්ථාවක් ලෙසද සඳහන් කළ හැකිය.

Samsung හි ඩිජිටල් ඉන්වර්ටර් තාක්ෂණයෙන් බල ගැන්වෙන මෙම නවතම ශීතකරණ බලශක්ති වියදම අවම කරමින් දිගු කාලීන විශ්වාසවන්ත සේවාවක් ලබා දීම වෙනුවෙන් අවශ්‍යතාව මත සිසිලස ලබා දීමේ තාක්ෂණයෙන් ක්‍රියාත්මක වේ. එහි ඇති No Frost තාක්ෂණය අයිස් බැඳීම වළක්වන අතර All Round Cooling මඟින් මනා ආහාර සුරක්ෂිතතාවයක් වෙනුවෙන් ඒකාකාර සිසිලස බෙදා හැරීමක් සිදු කරනු ලබයි.

මෙහිදී හඳුන්වා දෙනු ලැබූ Twin Inverter Air Conditioner, WiFi සමඟින් නිර්මාණය කර ඇති අතර එය බලශක්තිය භාවිත කරමින් වේගවත් සිසිලසක් ලබා දිය හැකි අයුරින් නිර්මාණය කර ඇත. ශ්‍රී ලංකාවේ දේශගුණික තත්වයන්ට ගැලපෙන උසස් තත්වයේ ඉන්වර්ටර් තාක්ෂණය හා කල් පවත්නා විශේෂාංග සමඟින් වසර පුරා කාර්යක්ෂම හා විශ්වාසදායී කාර්ය සාධනයක් අත්කරදීම වෙනුවෙන් මෙම වායු සමීකරණ යන්ත්‍රය නිර්මාණය කර ඇත.

ධපාස් විසින් සිදු කරනු ලැබූ වෙළෙඳපොල සමීක්ෂණයකට අනුව වසර 20ක කාලයක් තිස්සේ ලොව අංක 1 රූපවාහිනී නිෂ්පාදකයා ලෙස අඛණ්ඩව පෙරමුණ ගෙන සිටින Samsung රූපවාහිනී නවෝත්පාදන අත්දැකීමක් සමඟින් පාරිභෝගික විශ්වාසයක් තහවුරු කිරීමට සමත්ව සිටියි. නවතම ‘Wowurudu’ ප්‍රචාරණ වැඩසටහන සමඟින් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ට Samsung හි විශිෂ්ට රූපවාහිනී නිෂ්පාදනයන්හි අසමසම අත්දැකීම ලබා ගැනීමට හැකි වනු ඇත.
සෑම ගෘහ උපකරණයක් තුලින්ම විශ්වසනීයත්වය, කාර්ය සාධනය හා පාරිභෝගික පහසුව සඳහා නිර්මාණය කර ඇති ආහාර කල් තබා ගැනීම සඳහා වන ශීතකරණන්හි සිට රෙදි සෝදන යන්ත්‍ර දක්වා පවුගේ සියලු අවශ්‍යතාවන් සපුරලීමට Samsung කටයුතු කරනු ලබයි.
නවතම ‘Wowurudu’ ප්‍රචාරණ වැඩසටහන යටතේ සිංගර්, සිංහගිරි, දම්රෝ සහ සොෆ්ට්ලොජික් ඇතුලු Samsung හි බලයලත් බෙදාහරින්නන් මඟින් සියලු

Samsung ගෘහ විදුලි උපකරණ මිලදී ගැනීමේ අවස්ථාව දැන් උදා කර දී තිබේ. උදා වන අලුත් අවුරුද්දේ නිවසට අවශ්‍ය Samsung ගෘහ විදුලි උපකරණ මිලදී ගැනීම වෙනුවෙන් ප්‍රමුඛ පෙළේ ක්‍රෙඩිට් කාඩ්පත් හවුල්කරුවන් සමඟින් එක්ව පහසු ගෙවීමේ ක්‍රම සහ වාරික සැලසුම් යටතේ භාණ්ඩ මිලදී ගනිමින් සුවිසල් ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාවද මෙහිදී පාරිභෝගිකයින් වෙත ලබා දී තිබීම විශේෂත්වයකි.

උදා වන අලුත් අවුරුද්දේ Samsung හි නවතම ‘Wowurudu’ ප්‍රචාරණ වැඩසටහන සමඟින් එක්ව විශ්වාසය හා සුවපහසුව අත්විඳින ලෙස Samsung සියලු පාරිභෝගිකයින්ගේන් ඉල්ලා සිටියි.

Caltex Abimani Strengthens the Next...
STEM ක්ෂේත්රයේ අනාගත පරපුරේ කාන්තාවන්...
2026 මාර්තු මාසයේ සිට නවතම...
ආකර්ෂණීය රාත්‍රියක් සමඟින් සැබෑ රසයක්...
To reach US$8 billion, Sri...
UN Global Compact Network Sri...
Jazla Ismath Turns TikTok Into...
Samsung Sri Lanka Launches the...
UN Global Compact Network Sri...
Jazla Ismath Turns TikTok Into...
Samsung Sri Lanka Launches the...
2026 Effie සම්මාන උළෙලේදී හැටන්...