SLIIT Soft Skills+ 2026: මෘදු කුසලතා සවිබල ගන්වමින් අනාගත නායකයන් තැනීමේ මෙහෙවර ඇරඹෙයි

Share

Share

Share

Share

ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) මගින් ක්රියාවට නංවනු ලබන මෘදු කුසලතා සංවර්ධන වැඩසටහන, ඔවුන්ගේ ආයතනික සමාජ වගකීම් න්යාය පත්රය යටතේ ක්රියාත්මක වන එක් ප්රධානතම ව්යාපෘතියකි. සාම්ප්රදායික පන්තිකාමර ඉගැන්වීම් ක්රමවේදයන්ගෙන් ඔබ්බට යමින්, ශීඝ්රයෙන් වෙනස් වන තරගකාරී ලෝකය තුළ සාර්ථක වීමට අවශ්ය මූලික ජීවන කුසලතා පාසල් මට්ටමේ සිසුන්ට ලබා දීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.

ශාස්ත්රීය දැනුම සහ ප්රායෝගික භාවිතය අතර පවතින පරතරය අවම කිරීම මෙම ව්යාපෘතියේ ප්රධානතම අභිලාෂයයි. නිර්මාණශීලීත්වය, නව්යකරණය සහ ධනාත්මක ආකල්ප දිරිගැන්වීමට අමතරව, ගැටලු විසඳීම, සාමූහිකත්වය සහ සන්නිවේදනය වැනි අත්යවශ්ය මෘදු කුසලතා වර්ධනය කිරීම කෙරෙහි මෙහිදී වැඩි අවධාරණයක් යොමු කෙරේ.

11 සිට 13 ශ්රේණි දක්වා ඉගෙනුම ලබන සිසුන් ඉලක්ක කරගනිමින් නිර්මාණය කර ඇති මෙම වැඩසටහන රජයේ පාසල්, පෞද්ගලික පාසල් මෙන්ම ජාත්යන්තර අධ්යාපන ආයතන සඳහා ද විවෘත වේ. සියලුදෙනා එකතුකරගත් මෙම ක්රියාවලිය හරහා විවිධ අධ්යාපනික පසුබිම් සහිත සිසුන්ට මෙම වැඩසටහනට ලියාපදිංචි වීම මගින් තම පෞද්ගලික සහ වෘත්තීය නිපුණතා වර්ධනය කර ගැනීමට සමාන අවස්ථා හිමි වේ.

Soft Skills+ 2026 වැඩසටහන ප්රධාන අදියර දෙකකින් සමන්විත වන අතර, ඒවා නම් මූලික වටය සහ අවසන් මහා තරගයයි. වැඩසටහන ආරම්භ කරමින් 2026 අප්රේල් 28වෙනි දින ගුරුවරුන් වෙනුවෙන් මාර්ගගත පුහුණු වැඩමුළුවක් පැවැත්වේ. අලුතින් එක් කරන ලද මෙම අංගය හරහා ගුරුවරුන්ගේ මගපෙන්වීමේ හැකියාව වර්ධනය කිරීම මගින් වැඩසටහනේ තිරසාරත්වය සහ දිගුකාලීන බලපෑම තහවුරු කිරීමට බලාපොරොත්තු වේ.

මූලික වටයන් 2026 මැයි 9 වන දින මාලඹේ, මහනුවර සහ මාතර යන කලාප තුනක් ආවරණය කරමින් මාර්ගගත ක්රමයට පැවැත්වීමට නියමිතය. මෙයට මෘදු කුසලතා පදනම් කරගත් විවිධ ක්රියාකාරකම්, ප්රශ්නාවලි සහ අන්තර්ක්රියාකාරී වැඩමුළු ඇතුළත් වේ. සියලුම ක්රියාකාරකම් සහ ප්රශ්න සිංහල, දෙමළ සහ ඉංග්රීසි යන භාෂා ත්රිත්වයෙන්ම ඉදිරිපත් කෙරෙන අතර, එමඟින් සිසුන්ට තමන් කැමති භාෂාවකින් වැඩසටහනට දායක වීමේ අවස්ථාව උදා වේ.

මූලික වටවලින් තේරී පත්වන දක්ෂතම කණ්ඩායම් 50ක් 2026 මැයි 16 වන දින මාලඹේ SLIIT පරිශ්රයේදී පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබනු ඇත. වැඩසටහනේ සාධාරණත්වය සහ විනිවිදභාවය සුරැකීම සඳහා, අත්දැකීම් බහුල ප්රවීණ විනිශ්චය මණ්ඩලයක් මගින් අවසන් මහා තරගයේ ඇගයීම් කටයුතු සිදු කරනු ලබයි.

තවද මෙහිදී සහභාගී වන සියලුම සිසුන්ට සහ ගුරුවරුන්ට සහතික පත්ර පිරිනමන අතර, අවසන් මහා තරගයට තේරී පත්වන කණ්ඩායම් සඳහා විශේෂ තෑගි පිරිනැමේ. ජයග්රාහී කණ්ඩායම්වල සුවිශේෂී දක්ෂතාවය සහ කැපවීම අගය කිරීම පිණිස ඔවුන්ට මුදල් ත්යාග ද පිරිනැමීමට කටයුතු සූදානම් කර ඇත.
තරගාවලිය සඳහා දිවයින පුරා පාසල්වලින් ලැබුණු ඉහළ ආකර්ෂණය සහ යහපත් ප්රතිචාර හමුවේ 2025 වසරේ පැවති වැඩසටහන ඉතා සාර්ථක විය. එහිදී ශූරතාව දිනා ගැනීමට මාතර ශාන්ත සර්වේශස් විද්යාලය සමත් වූ අතර, රත්නපුර සීවලී මධ්ය මහා විද්යාලය අනුශූරතාව දිනා ගත්තේය.

අධ්යාපන අමාත්යාංශයේ පූර්ණ අනුමැතිය ලත් මෙම වැඩසටහන, ජාතික අධ්යාපන අරමුණු ශක්තිමත් කරමින් අනාගත නායකයන් හැඩගැස්වීමේ ප්රබල වේදිකාවකි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු SLIIT ව්යාපාරික පාසලේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය රනිත වීරරත්න මහතා හරහා 0776503079 / 0764403664 යන දුරකථන අංක මගින් හෝ [email protected] විද්යුත් තැපෑල මගින් ලබාගත හැකිය.

2.5 டிரில்லியன் ரூபா சொத்து என்ற...
ஜனசக்தி லைஃப், பணியிட மனிதநேயத்தை உயிர்காக்கும்...
HNB සමස්ත වත්කම් රුපියල් ට්‍රිලියන...
இலங்கையில் மின்சார வாகனப் புரட்சி: 20,000...
කොළඹ වරාය නගරයේ සුඛෝපභෝගී marina...
ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී...
CA Sri Lanka இனது 60...
Prime Group appoints Dr. Saman...
ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී...
CA Sri Lanka இனது 60...
Prime Group appoints Dr. Saman...
JAAF says rupee movement reflects...