SLIM-Kantar People’s Awards 2025 හිදී අඛණ්ඩව හයවැනි වරටත් ‘වසරේ පාසල් උපකරණ සන්නාමය’ ලෙස Atlas, සම්මානයෙන් පිදුම් ලබයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas, සිය ජනප්‍රියතාවය නැවත වරක් තහවුරු කරමින් SLIM-Kantar People’s Awards 2025 හිදී අඛණ්ඩව හයවැනි වරටත් ‘වසරේ පාසල් උපකරණ සන්නාමය’ ලෙස SLIM ජනතා සම්මානය දිනා ගැනීමට පසුගියදා සමත් විය. පාසල් ලිපි ද්‍රව්‍ය සන්නාමයෙන් ඔබ්බට යමින් මෙරට දූ දරුවන්ට සතුටින් ඉගෙන ගත හැකි පරිසරයක් නිර්මාණය කිරීම උදෙසා කටයුතු කරන Atlas Axillia ආයතනයේ නොසැලෙන කැපවීම, මෙකී සම්මානයෙන් පිදුම් ලැබීමත් සමඟින් තවදුරටත් ඉස්මතු විය.

ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් අපේක්ෂාවෙන් උසස් තත්ත්වයේ පාසල් සැපයුම් සහ නව්‍ය ඉගෙනුම් අත්දැකීම් හඳුන්වා දෙමින් Atlas ආයතනය අනාගත පරම්පරාව සවිබල ගැන්වීමට නිරන්තරයෙන් කටයුතු කරමින් සිටී. පාසල් දුවා දරුවන් උනන්දුවකින් යුතුව සිය අධ්‍යාපන කටයුතු හැදෑරීමේදී ඔවුනට සතුටින් සහ පහසුවෙන් අවබෝධ කරගත හැකි ඉගෙනුම් ක්‍රමවේදයන් සපයන Atlas සන්නාමය, ඇට්ලස් සිප්සවි, ගුරුගුරු සහ ඇට්ලස් Learn වැනි මුලපිරීම් හරහා පාසල් සිසුන්ට මෙන්ම ගුරුවරුන්ට ද සිය කාර්යභාර්ය මැනවින් ඉටු කර ගැනීමට අනගි සහායක් ලබා දෙයි.

අඛණ්ඩව හයවැනි වරටත් ජනතා සම්මානයෙන් පිදුම් ලැබීම පිළිබඳව අදහස් දැක්වූ Atlas Axillia සමාගමේ අලෙවි ප්‍රධානී රන්දික ද සිල්වා මහතා මෙසේ පැවසීය. ‘’දශක 6කට අධික කාලයක් පුරාවට ශ්‍රී ලංකාවේ සිසු දරුවන්ට ගුණාත්මක නිෂ්පාදන හඳුන්වා දෙමින් යළිත් වතාවක් ජනතාවගේ හොඳම තේරීම බවට පත්වීම අප ලද විශාල ගෞරවයක්. 92% ක සාක්ෂරතා අනුපාතයක් සහිතව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන මට්ටම වැඩිදියුණු වී තිබීම සම්බන්ධයෙන් අප ජාතියක් වශයෙන් ආඩම්බර වනවා සේම එම ඉලක්කයන්ට මුහුණ දෙන දරුවන්ගේ අභියෝගයන් පිළිබඳවත් අවධානය යොමු කළ යුතු වෙනවා. එබැවින් ගුණාත්මක නිෂ්පාදන සහ ආකර්ෂණීය ඉගෙනුම් ක්‍රමවේදයන් ඔස්සේ දරුවන්ට ඇති අභියෝග විසඳමින් ඔවුන්ට සතුටින් ඉගෙන ගත හැකි වපසරියක් නිර්මාණය කර දීමට Atlas සන්නාමය උර දෙමින් සිටිනවා. අධ්‍යාපනය තුළින් දීප්තිමත් අනාගතයක් උදා කර ගැනීම සඳහා වෙහෙසන අනාගත පරපුරේ යහපැවැත්ම උදෙසා විශ්වාසවන්ත සන්නාමයක් වශයෙන් අප ඉදිරියටත් ඔවුනට අඛණ්ඩව සහයෝගය දැක්වීමට බැඳී සිටිනවා’’
මෙරට කිසිඳු දරුවෙකුගේ අධ්‍යාපනය අතරමඟ නතර නොකිරීමේ අභිලාෂයෙන් කටයුතු කරන Atlas සන්නාමය, පාසල් සිසු දරුවන් දැනුමෙන් සන්නද්ධ කරලීමට යුහුසුළු වන අතර, ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික අංශය නව්‍ය සහ බලපෑම් සහගත ක්ෂේත්‍රයක් බවට පරිවර්තනය කිරීමෙහිලා නොමසුරු දායකත්වයක් ලබා දෙනු ඇත.

Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
HNB FINANCE பணிப்பாளர் சபைக்கு சிவராஜா...
Janashakthi Finance appoints Ivon Brohier...
2027 முதல் காலாண்டில் கடந்த ஆண்டை...
ஆடம்பர விருந்தோம்பலில் புதிய புரட்சி: வாசற்கதவு...
Huawei Named Sole Leader in...
JXG Partners with Mercantile Hockey...
ஆடம்பர விருந்தோம்பலில் புதிய புரட்சி: வாசற்கதவு...
Huawei Named Sole Leader in...
JXG Partners with Mercantile Hockey...
Sampath Bank Partners GV Auto...