IPG සමූහ ව්‍යාපාරය සහ SLT-MOBITEL PEOTV ආයතනය ඉදිරියේදී පැවැත්වීමට නියමිත LPL තරගාවලිය වෙනුවෙන් උපායමාර්ගික හවුල්කාරිත්වයක් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Internet Protocol Television සේවා සපයන්නා වන PEOTV, මෙම සමස්ත තරගාවලියේ නිල හා විශේෂ මාධ්‍ය සහ විකාශන සහකරු ලෙස පත් කර තිබේ.
මෙම හවුල්කාරිත්වය හරහා ශ්‍රී ලංකාව පුරා සිටින ක්‍රිකට් ලෝලීන්ට PEOTV , PEOTV, PEO MOBILE සහ අනෙකුත් ඩිජිටල් වේදිකා ඇතුළු සියලුම PEOTV මාධ්‍ය ජාල ඔස්සේ සමස්ත තරගාවලියම සජීවීව නැරඹීමට අවස්ථාව හිමි වනු ඇත. තරගාවලිය පුරාවටම ප්‍රේක්ෂකයන්ට සුපැහැදිලි රූප රාමුවලින් යුත් සජීවී අත්දැකීමක් ලබා දෙමින්, සියලුම තරග තාක්ෂණය ඔස්සේ විකාශනය කිරීමට කටයුතු යොදා ඇත.
එසේම මෙම ගිවිසුම යටතේ, PEOTV ආයතනය මාධ්‍ය සහ විකාශන අයිතීන් පිළිබඳ සුවිශේෂී සහකරු ලෙස කටයුතු කරන අතර, IPG සමූහය සමඟ එක්ව විවිධ නැරඹුම් මාධ්‍ය ඔස්සේ තරගාවලිය ප්‍රේක්ෂකයන් වෙත සමීප කිරීමට කටයුතු කරනු ඇත. මීට අමතරව, ශ්‍රී ලංකාව සහ අනෙකුත් කලාපයන් තුළ වඩාත් පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ළඟාවීම සඳහා අනෙකුත් ඩිජිටල් නාලිකා සහකරුවන්ටද තමන් සමඟ එක්වන ලෙස PEOTV ආරාධනා කරයි. මෙම 2026 LPL තරගාවලිය ජූලි 17 වනදා ආරම්භ වීමට නියමිත අතර, ක්‍රීඩකයන් තේරීමේ ක්‍රියාවලිය ජූනි 01 වනදා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ට රූපවාහිනී නාලිකා, විනෝදාස්වාදය, සජීවී ක්‍රීඩා, පුවත්, අධ්‍යාපනික සහ ජාත්‍යන්තර වැඩසටහන් සමීප කරවීමේ ක්‍රියාවලිය නව මඟකට යොමු කිරීමට SLT-MOBITEL PEOTV සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇත. සැබෑ HD ගුණාත්මකභාවයෙන් යුත් දේශීය හා ජාත්‍යන්තර වැඩසටහන් සපයන ශ්‍රී ලංකාවේ විශාලතම ආයතනයක් ලෙස, PEOTV සතු ශක්තිමත් තාක්ෂණික විකාශන පද්ධතිය හරහා LPLතරගාවලිය වඩාත් පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ගෙන යාමටත්, රටේ ක්‍රීඩා සහ විනෝදාස්වාද විකාශන ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීමටත් හැකි වනු ඇත.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දැක්වූ SLT-MOBITEL PEOTVහි ප්‍රධාන නිලධාරී රුචිර වීරකෝන් මහතා “LPL තරගාවලියේ විශේෂ මාධ්‍ය සහ විකාශන සහකරු ලෙස IPG සමූහය සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම පිළිබඳව SLT-MOBITEL PEOTV ආයතනයට ඉතා සතුටට පත් වනවා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම PEOTVසේවා සපයන්නා ලෙස, දිවයින පුරා සිටින ප්‍රේක්ෂකයින් වෙත උසස් තත්ත්වයේ වැඩසටහන් සහ ඉහළ නැරඹුම් අත්දැකීමක් ලබා දීමට අපි නිරන්තරයෙන් කටයුතු කරනවා. අපගේ ඒකාබද්ධ මාධ්‍ය ජාලයන් හරහා වඩාත් පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ළඟාවීමටත්, සියලුම ක්‍රිකට් ලෝලීන්ට වඩාත් පහසු සහ ගැලපෙන නැරඹුම් අත්දැකීමක් ලබා දීමටත් මේ තුලින් අප බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් පැවසීය.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් IPG Global සමාගමේ නිර්මාතෘ සහ සභාපති අනිල් මෝහන් මහතා සඳහන් කර සිටියේ “ LPL තරගාවලිය තරගකාරී සහ විනෝදාස්වාද අවස්ථාවක් ලෙස අඛණ්ඩව වර්ධනය වෙමින් පවතිනවා. එම වර්ධනයට ශක්තිමත් විකාශන සහයෝගීතාවන් ඉතා වැදගත්. ශ්‍රී ලංකාවේ රූපවාහිනී සහ ඩිජිටල් විනෝදාස්වාද ක්ෂේත්‍රයේ විශ්වාසදායක සහ ප්‍රමුඛතම සන්නාමයක් වන SLT-MOBITEL PEOTV සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම පිළිබඳව ඉතා සතුටුයි. මෙම හවුල්කාරිත්වය හරහා ඉහළ ගුණාත්මකභාවයකින් යුතුව පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ස්ථාවර මට්ටමකින් තරගාවලිය සමීප කිරීමට අපට හැකි වෙනවා.” යනුවෙනි.
වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා “ ”අපගේ අරමුණ ශක්තිමත් මෙන්ම ඉහළ නිෂ්පාදන ගුණාත්මකභාවයකින්, පුළුල් විකාශන ප්‍රවේශයකින් සහ ප්‍රේක්ෂක සහභාගීත්වයකින් යුත්, බොහෝ දෙනා නරඹන තරගාවලියක් ලෙස LPL නිර්මාණය කිරීමයි. PEOTV ආයතනය මෙහි සුවිශේෂී මාධ්‍ය සහ විකාශන සහකරු ලෙස එක්වීමත් සමඟ, එළඹෙන තරග වාරය සියලුම ක්‍රිකට් රසිකයින්ට වඩාත් උසස් නැරඹුම් අත්දැකීමක් ලබා දෙනු ඇතැයි අපට විශ්වාසයි.” යනුවෙන්ද පවසා සිටින ලදී.
LPL හි තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා මෙහිදී සඳහන් කර සිටියේ “LPL තරගාවලිය දැක ගැනමේ අවස්ථාව ඉහළ නැංවීම සඳහා IPG සමූහය සහ SLT PEOTV අතර ඇති කරගත් මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉතා සතුටින් පිළිගන්නවා. PEOTV සතු IPTV, OTT සහ බහුවිධ මාධ්‍ය ජාල තාක්ෂණයන් හරහා, දිවයින පුරා සිටින රසිකයින්ට වඩාත් පහසුවෙන් සහ ඉහළ ගුණාත්මකභාවයකින් යුතුව තරගාවලියේ අත්දැකීම විඳීමට අවස්ථාව උදා වනවා. ප්‍රමුඛ ක්‍රිකට් සහ විනෝදාස්වාද සන්නාමයක් ලෙස LPL තරගාවලියේ අඛණ්ඩ වර්ධනය උදෙසා මෙවැනි ශක්තිමත් විකාශන හවුල්කාරිත්වයන් ඉතා වැදගත් වනවා” යනුවෙනි.



