SMEs සවිබල ගැන්වීම: කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා POS පද්ධති ක‍්‍රියාත්මක කිරීමට HNB, Pay&Go සමඟ අත්වැල් බැඳගනී

Share

Share

Share

Share

ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය අතිනවීන POS පද්ධතියක් හඳුන්වා දීම සඳහා පසුගියදා Pay&Go සමඟ අත්වැල් බැඳගත්තේය. මෙම පද්ධතිය මගින් කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර (SMEs) සඳහා සහාය වීම කෙරෙහි අවධානය යොමු කරමින් එම ව්‍යාපාර සඳහා දැරිය හැකි ගෙවීම් විසඳුම් ලබා දෙයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කාඞ්පත් ප‍්‍රධානී ගෞතමී නිරන්ජන් මහත්මිය පැවසුවේ ‘‘කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ වර්ධනය සහ රටේ ආර්ථික සුබ සිද්ධිය ඉහළ නැංවීම සඳහා තාක්ෂණය සහ ඩිජිටල් මුලපිරීම් ප‍්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ලබන බව අපි විශ්වාස කරනවා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශ‍්‍රී ලංකාවේ ව්‍යවසායන්ගෙන් 75% කට වඩා වැඩි ප‍්‍රමාණයක් නියෝජනය කරන අතර ඔවුන් ආර්ථික වර්ධනය, කලාපීය සංවර්ධනය, රැකියා උත්පාදනය සහ දරිද්‍රතාවය අඩු කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. වර්තමාන ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ තිරසාර වර්ධනය සඳහා ඔවුන්ව අවශ්‍ය සම්පත්, තාක්ෂණය සහ සහාය ලබා දීම අපේ රටේ දියුණුව සඳහා අත්‍යවශ්‍ය වන අතර, මෙම තීරණාත්මක ගමනට පහසුකම් සැලසීම සඳහා Pay&Go සමඟින් එක්ව මෙම මුලපිරීම ක‍්‍රියාත්මක කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වනවා.’’ යනුවෙනි.

මෙහි පළමු අදියරේදී, HNB සහ Pay&Go විසින් බස්නාහිර, දකුණ සහ මධ්‍යම පළාත්වල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා විශේෂ POS යන්ත‍්‍ර ලබා දෙනු ඇත. මෙම යන්ත‍්‍ර මගින් බිල්පත් ගෙවීම්, ඩිජිටල් ගනුදෙනු කටයුතු සහ QR කේත මගින් ගෙවීම් කිරීම් ඇතුළුව ව්‍යාපාරික කටයුතු වලදී දියුණු ගනුදෙනු පිළිගැනීමේ විසඳුම් සඳහා ප‍්‍රවේශය ලැබෙනු ඇත. තවද මේ හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට නව පාරිභෝගික අංශ වෙත සුවිශේෂී ප‍්‍රවේශයක් ලබා දීම සඳහා ශක්තිමත් ඊ-වාණිජ්‍ය හැකියාවන් වඩාත් උපරිම ලෙස භාවිත කරමින් නිර්මාණය කර ඇති අගය එකතු කළ සේවාවන් කිහිපයක් සමඟින් අඩු වියදම් ගෙවීම් පිළිගැනීමට ද හැකියාව ලබා දෙයි.

ජංගම ගෙවීම්, අත්‍යවශ්‍ය සේවා බිල්පත් ගෙවීම්, අන්තර්ජාල සේවා, රක්ෂණය, රූපවාහිනී නාලිකා, වැඩසටහන් හෝ අන්තර්ගතයට ප‍්‍රවේශ වීම සඳහා ගෙවනු ලබන සේවා ගාස්තු (television subscriptions) සහ අන්තර්ජාල බැංකුකරණ විසඳුම් වැනි පුළුල් පරාසයක විසිරුණු අමතර සේවාවන් HNB විසින් පාරිභෝගිකයින්ට ලබා දෙනු ඇත. මෙම පරිපූර්ණ සේවාවන් මගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල දෛනික මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂම කරමින් ගනුදෙනුකාරභවතුන් සහ හවුල්කරුවන් සමඟ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමේ හැකියාව වඩාත් සරල කරයි.

MegaPay (Pvt) Ltd හි අධ්‍යක්ෂ වාර්ඩන් ඇස්ලිබෙක්යන් පැවසුවේ ‘‘වර්තමාන ලෝකයේ ව්‍යාපාර තිරසාර ලෙස වර්ධනය වීමට ඩිජිටල් තාක්ෂණයේ වැඩිදියුණු කිරීම් අත්‍යවශ්‍යයි. බැංකුවේ පුළුල් SME කළඹ සහ මෙම පරිවර්තනීය කාල සීමාව තුළ ඔවුන්ට සහාය වීමට ඇති බැංකුවේ කැපවීම තුළින් HNB යනු මෙම මුලපිරීම සඳහා සුදුසුම හවුල්කරුවා බව අපට සහතිකයි. ව්‍යාපාරවලට නව පාරිභෝගික කොටස් වෙත ළඟා වීමට සහ පහසු ගෙවීම් විසඳුම් සැපයීමට HNB සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අප බලාපොරොත්තු වනවා.’’ යනුවෙනි

 

பிரதான 9 துறைகளில் சிறந்த திறமைகளை...
2026 ONE LOVE ரெகே நிகழ்ச்சி...
SWEDEN: A PUBLIC HEALTH BLUEPRINT...
ලංකා ටයිල්ස් නව ප්‍රදර්ශනාගාරය බොරැල්ලේදී...
LANKATILES Unveiled 60th Showroom, Elevating...
Prime Group අනුග්‍රහය යටතේ අරලියගහ...
Prime Group இனால் பிரதமரின் பாதுகாப்பு...
Prime Melwa Port City (Pvt)...
Prime Group අනුග්‍රහය යටතේ අරලියගහ...
Prime Group இனால் பிரதமரின் பாதுகாப்பு...
Prime Melwa Port City (Pvt)...
2026 One Love Reggae සංගීත...