Sunshine Healthcare Lanka සිය තත්ත්ව කළමනාකරණ විශිෂ්ටත්වය වෙනුවෙන් ISO 9001:2015 සහතිකය හිමිකර ගනී

Share

Share

Share

Share

Sunshine Holdings PLC හි සෞඛ්‍ය සේවා අංශය වන Sunshine Healthcare Lanka Limited (SHL) හි ප‍්‍රධාන කාර්යාලය සහ ප‍්‍රධාන ගබඩාව තුළ ක‍්‍රියාත්මක වන තත්ත්ව කළමනාකරණ පද්ධතිය වෙනුවෙන් ISO 9001 (2015 (UKAS) සහතිකය හිමිකරගෙන ඇති බව නිවේදනය කළේය.

SHL පාරිභෝගිකයාට ප‍්‍රශස්ථ මට්ටමේ නිෂ්පාදන ලබාදීමේ ප‍්‍රමිතීන් සහතික කරමින් උසස් තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂණ නිෂ්පාදන ලබා දීමට කැපවී සිටින බවට මෙම සහතිකය සාක්ෂි දරයි. එමෙන්ම පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සහ අපේක්ෂාවන් අවබෝධ කර ගනිමින් සහ ඒවා සාක්ෂාත් කරමින් ගනුදෙනුකරුවන් තෘප්තිමත් කිරීම කෙරෙහි SHL හි අවධානය යොමු කරයි. එමෙන්ම ISO 9001:2015 සහතිකය මඟින් සමාගමේ සමස්ත කාර්ය සාධනයේ අඛණ්ඩ වැඩිදියුණු කිරීම් සහ ගුණාත්මකභාවය ඉහළ නංවයි.

මීට අමතරව, මෙම සහතිකය මඟින් සම්පත් උපරිම ලෙස භාවිතා කිරීම, මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම, නාස්තිය අවම කිරීම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමට පාරිභෝගික කේන්ද්‍රීය සංස්කෘතියක් පවත්වා ගැනීම සඳහා වන SHL හි කැපවීම පෙන්නුම් කරයි. ඊට අමතරව මෙම ඇගයීම, ආයතනය පුරා විශිෂ්ට ආයතනික සංස්කෘතියක් ස්ථාපිත කිරීම වෙනුවෙන් වූ SHL හි අඛණ්ඩ උත්සාහය ද සංකේතවත් කරයි.

Sunshine Pharmaceuticals හි ප‍්‍රධාන විධායක නිලධාරී ශාන්ත බණ්ඩාර මහතා ”ISO 9001:2015 සහතිකය දිනා ගැනීම Sunshine Healthcare Lanka හි විශාල ජයග‍්‍රහණයක්. මෙමගින් ගුණාත්මක බව, කාර්යක්ෂමතාවය සහ පාරිභෝගික තෘප්තිය යන උසස් ප‍්‍රමිතීන් ආරක්ෂා කිරීමට අපගේ නොසැලෙන කැපවීම පෙන්නුම් කරන අතර ඉහළ මට්ටමේ සෞඛ්‍ය ආරක්ෂණ විසඳුම් සැපයීම සඳහා වන අපගේ කැපවීම නැවත තහවුරු කරනවා. මෙම ඇගයීම අපගේ විශිෂ්ටත්වය හඹා යාමේ තවත් වැදගත් පියවරක් සනිටුහන් කරනවා.” යනුවෙන් පැවසීය.

ISO 9001:2015, එක්සත් රාජධානියේ ප‍්‍රතීතන සේවා ආයතනය (United Kingdom Accreditation Service (UKAS) විසින් පිරිනමන ලද, ප‍්‍රමිතිකරණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (ISO) විසින් සංවර්ධනය කරන ලද ගෝලීය වශයෙන් පිළිගත් තත්ත්ව කළමනාකරණ ප‍්‍රමිතියකි. එය ඵලදායි තත්ත්ව කළමනාකරණ පද්ධති ස්ථාපිත කිරීම වෙනුවෙන් සියලූ ප‍්‍රමාණයේ සමාගම් සඳහා ප‍්‍රමිති රාමුවක් ඉදිරිපත් කරයි. මෙම ප‍්‍රමිතිය ගොඩනගා ඇත්තේ පාරිභෝගික අවශ්‍යතාවලට ප‍්‍රමුඛත්වය දීම, ඉහළ මට්ටමේ කළමනාකරණය සමඟ සම්බන්ධ කිරීම, මෙහෙයුම්-නැඹුරු ප‍්‍රවේශයක් අනුගමනය කිරීම සහ මෙම ක‍්‍රියාවලීන් අඛණ්ඩව වැඩිදියුණු කිරීම වැනි ප‍්‍රධාන මූලධර්ම මත පදනම්වය.

 

 

Sunshine Holdings records LKR 48.9...
Huawei Hosts the 1st Global...
Sunshine Foundation for Good strengthens...
வரலாற்று சிறப்புமிக்க காலியில் LANKATILES தனது...
2026இல் பள்ளி மாணவர்களின் கல்விக்கு தொடர்ந்து...
Appe Lanka Restores Naranthalu Tank...
CINEC CAMPUS Earns IESL Conditional...
HNB ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයින්...
Appe Lanka Restores Naranthalu Tank...
CINEC CAMPUS Earns IESL Conditional...
HNB ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයින්...
මෙරට ඉංජිනේරු අධ්යාපනයේ සුවිශේෂී සන්ධිස්ථානයක්...