Sunshine Holdings PLC ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් ලෙස අරුණි ගුණතිලක පත් කරයි

Share

Share

Share

Share

සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා අරුණි ගුණතිලක මහත්මිය පත් කර ඇති බව එම ආයතනය පසුගියදා නිවේදනය කළේය. ගෝලීය මූල්‍ය වෙළෙඳපොළ තුළ වසර 25කට වැඩි පළපුරුද්දක් ඇති ගුණතිලක මහත්මිය පාලනය, ව්‍යවසාය අවදානම් කළමනාකරණය, අභ්‍යන්තර විගණනය සහ ණය විශ්ලේෂණය පිළිබඳ විශේෂඥ දැනුමකින් පරිපූර්ණය. ඇය සිංගප්පූරුවේ සහ ශ‍්‍රී ලංකාවේ ගෝලීය සහ දේශීය බැංකුවල ජ්‍යෙෂ්ඨ නායකත්ව භූමිකාවන්හි සහ සිංගප්පූරුවේ ස්ටෑන්ඩර්ඞ් චාර්ටඞ් බැංකුව සමඟ ණය සහ අභ්‍යන්තර විගණන පිළිබඳ වගකිවයුතු භූමිකාවන් දරමින් රටවල් කිහිපයකම සේවය කර ඇත.

2023 ජූනි 9 වන දින දක්වා, ගුණතිලක මහත්මිය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම බැංකුවක අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර ඇයගේ නායකත්වය යටතේ, පසුගිය කාලයේ උදාවුණු ආර්ථික හා මූල්‍ය අර්බුද කළමනාකරණය කිරීමට එම බැංකුව සමත් විය. ඊට අමතරව ඇය ප‍්‍රමුඛ පෙළේ රාජ්‍ය සහ පෞද්ගලික සමාගම් කිහිපයකම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් ලෙස සුවිශේෂී සේවයක් ඉටුකර ඇත.

ඇය මින් ඉහතදී ද (2020 අගෝස්තු සිට 2021 නොවැම්බර් දක්වා) සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ තනතුර දරමින්, සංවිධානයේ වර්ධනයට සහ සාර්ථකත්වයට කැපවූවාය.

ඇයගේ මූල්‍ය ප‍්‍රවීණත්වයට අමතරව, ඇයට ජාත්‍යන්තරත වශයෙන් අත්දැකීම් රැසක් ඇති අතර විවිධ පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමෙහිලා නිපුණත්වයක් පෙන්නුම් කරයි. එබැවින් සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී හි ඉදිරි ගමනට ඇගේ අත්දැකීම් සහ සම්බන්ධතා බෙහෙවින් ඉවහල්වනු ඇත.

ගුණතිලක මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී (ගෞරව) උපාධියක් සහ කේම්බි‍්‍රජ් හි හාවඞ් විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධියක් ද ලබාගෙන සිය අධ්‍යයන ජීවිතය ද ජය ගත් ආදර්ශමත් කාන්තාවකි.

ඇයගේ නායකත්වය සහ දායකත්වය මගින් ආයතනික පරිවර්තනයක් ඇති කිරීමට, ආයතනික කළමණාකරණයට සහ ඵලදායී කළමනාකරණ උපාය මාර්ග ක‍්‍රියාත්මක කිරීමට ඇයට ඇති හැකියාව පිළිබිඹු කරයි. සන්ෂයින් හෝල්ඩිංග්ස් විශ්වාස කරන්නේ අරුණි ගුණතිලක ඇයගේ පුළුල් අත්දැකීම් සමඟින් සමාගමේ වර්ධනයට සහ සාර්ථකත්වයට සැලකිය යුතු දායකත්වයක් සපයනු ඇති බවයි.

සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී යනු ශ‍්‍රී ලංකා ආර්ථිකයේ හෙල්ත්කෙයාර්, පාරිභෝගික සහ කෘෂි ව්‍යාපාර යන අංශ වල උපායමාර්ගික ආයෝජන සමඟ වටිනාකමක් ඇති කරමින් ”ජාතිය ගොඩනැගීමට” දායකත්වයක් දක්වන සමූහ ව්‍යාපාරයකි.

වසර 56 කට පෙර 1967 දී ආරම්භ කරන ලද මෙම සමූහය සේවකයින් 2,000 කට අධික සංඛ්‍යාවකින් සහ ත්‍ශ23 සඳහා රු. බිලියන 51ක ආදායමක් සමඟින් මේ වන විට Zesta Tea, Watawala Tea, Ran Kahata, Daintee Confectionary සහ Healthguard Pharmacy වැනි ප‍්‍රමුඛ පෙළේ ශ‍්‍රී ලාංකේය සන්නාමවලට නිවහන සපයයි. සමූහයේ ව්‍යාපාරික ඒකකවලට Sunshine Healthcare Lanka, Sunshine Consumer Lanka සහ Watawala Plantations PLC ඇතුළත් වන අතර, ඒවා අදාළ අංශවල පුරෝගාමීන් වේ. ඒවායින් බොහොමයක් ආයතන 2023 දී ද “Great Place to Work” සහතිය හිමි කරගෙන තිබීම විශේෂත්වයකි.

අපගේ දැක්ම වන ‘’යහපත් දේ ජීවිතයට ගෙන ඒම’’ යටතේ අපි සියලූ‍ ශ‍්‍රී ලාංකිකයින්ට ගුණාත්මක ඖෂධ සහ පාරිභෝගික නිෂ්පාදන දැරිය හැකි මිලකට ලබා දීමට කටයුතු කරන අතර එමගින් සැමට වඩා හොඳ ජීවන තත්වයක් සහතික කිරීමට හැකියාව ලැබී ඇත. අපගේ අඛණ්ඩ වර්ධනයට පදනම වී ඇත්තේ අපගේ ව්‍යාපාරය තුළ පවත්වාගනෙ යන සදාචාරාත්මක වටිනාකම් සහ දිනා ඇති පාරිභෝගික විශ්වාසයයි.

 

தகுதியற்ற உள்ளடக்கத்திலிருந்து உயர்ந்த பாதுகாபை வழஙகும்...
வாகன நிதித்துறையில் புரட்சியை ஏற்படுத்த UNIMO...
உங்களது வங்கி விருப்பத்திற்கேற்ப ‘HNB Self-onboarding’ஐ...
Kaspersky Safe Kids proves superior...
Samsung Unveils Galaxy M14 LTE...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
HNB රථ වාහන ෆිනෑන්ස් සේවාවේ...