SVAT අහෝසි කිරීම කල් දැමීමට රජය ගත් තීරණයට JAAF හි ප‍්‍රසාදය

Share

Share

Share

Share

සරල කරන ලද එකතු කළ අගය මත බදු ක‍්‍රමය (SVAT) අහෝසි කිරීම 2025 අපේ‍්‍රල් 01 වනදා තෙක් කල්දැමීමට කැබිනට් මණ්ඩලය විසින් මෑතකදී ගනු ලැබූ තිරීණය පිළිබඳව ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF) සිය ප‍්‍රසාදය පළ කර සිටී. SVAT අහෝසි කිරීම ක‍්‍රියාත්මක කිරීමට පෙර ‘‘ශක්තිමත් බදු ආපසු ගෙවීමේ යාන්ත‍්‍රණයක්’’ ස්ථාපිත කිරීම සහතික කිරීමට ගත් තීරණය JAAF මෙහිදී විශේෂයෙන් අගය කළේය. මෙම තීරණය මගින් විවිධ පාර්ශවයන් කර්මාන්තය ආරක්ෂා කිරීමට වෙහෙස මහන්සි වී වැඩ කළ ආකාරය මැනවින් පෙන්නුම් කරන අතර ඔවුන්ගේ එම උත්සාහයට JAAF සිය ප‍්‍රශංසාව පළ කර සිටී.

මෙම කල්දැමීම සිදුවන්නේ ඇඟලූම් අපනයනකරුවන්ගේ අපනයන අඩුවීමත් සමඟ ඔවුන් දැඩි තීරණාත්මක අවස්ථාවකට මුහුණ දෙන විටෙකය. එබැවින් නිසි ආපසු ගෙවීමේ ක‍්‍රමයක් නොමැතිව SVAT ඉවත් කිරීම ඔවුන්ගේ මුදල් ප‍්‍රවාහයට බාධා ඇති වීමට අවදානමක් පවතී. එනිසා මෙම කල් දැමීම ඔවුන්ට එම අවදානම වළක්වා ගැනීමට උපකාරී වේ.

SVAT ක‍්‍රමය අහෝසි කිරීම සඳහා සුදුසු පියවරක් ලෙස ශක්තිමත් බදු ආපසු ගෙවීමේ යාන්ත‍්‍රණයක් ස්ථාපිත කරන තෙක් ක‍්‍රමානුකූල ප‍්‍රවේශයක් අවශ්‍ය බව අපනයනකරුවන් අවධාරණය කළේය.

‘‘මෙම කල්දැමීම නව බදු ක‍්‍රමයක් කරා ගමන් කිරීම පහසු කරමින් අපගේ කර්මාන්තයට වැදගත් සහායක් ලබා දෙනවා. කර්මාන්තය අඛණ්ඩව වර්ධනය වීම සහ සමෘද්ධිමත් වීම සහතික කිරීම සඳහා සම්බන්ධ වන සියලූම පාර්ශව සමඟ එක්ව කටයුතු කිරීමට අප කැපවී සිටිනවා.’’ යනුවෙන් JAAF හි නිවේදනයෙන් පවසා සිටී.

 

AHRP’s Elevate U continues to...
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව...
Cyril Rodrigo’s by Green Cabin...
HNB Finance PLC crosses Rs....
Soho Hospitality இன் தெற்காசிய விரிவாக்கத்தின்...
Cinnamon Life at City of...
MAS Foundation for Change පිරිසිදු...
අභිමානවත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව සමඟින්...
Cinnamon Life at City of...
MAS Foundation for Change පිරිසිදු...
අභිමානවත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව සමඟින්...
Galaxy Unpacked 2026: The Next...