SVAT අහෝසි කිරීම පිළිබඳව නැවත සළකා බලන ලෙස JAAF රජයෙන් ඉල්ලා සිටී

Share

Share

Share

Share

ඇඟලුම් කර්මාන්තය තුළ ඉහළ යමින් පවතින ගැටළුකාරී තත්වයන් හමුවේ 2025 අප්‍රේල් 1 වැනි දිනෙන් අවසන් වීමට නියමිත සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය (SVAT) පිළිබඳ නැවත සළකා බලන ලෙස ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) රජයෙන් ඉල්ලා සිටී.

JAAF හි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය නියෝජනය කරමින් අදහස් දැක්වූ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති බන්දුල ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේ “අද වන විට මෙරට ඇඟලුම් කර්මාන්තය අභියෝග රැසකට මුහුණ දෙමින් සිටිනවා. දැනටමත් පහළ ගොස් ඇති අපනයනය පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඒ බව මනාව අවබෝධ කර ගත හැකියි. එවන් තත්වයක් තුළ පළමුව කාර්යක්ෂම මුදල් ආපසු ගෙවීමේ ක්‍රමවේදයකින් තොරව SVAT අහෝසි කිරීමට කටයුතු කිරීම තුළින් මෙරට අපනයනවලින් අඩක් පමණ වන ඇඟලුම් අපනයනකරුවන්ගේ අපනයන අඩුවීමත් සමඟ ඔවුන්ගේ මුදල් ප්‍රවාහයට බාධා ඇති වීමේ අවදානමක් පවතිනවා. මෙම ප්‍රතිපත්තිය පිළිබඳව නැවත සළකා නොබැලීම තුළ එම අංශය බරපතල මූල්‍ය දුෂ්කරතාවයකට මුහුණ දෙනු ඇති අතර එය වඩා කාර්යක්ෂම සේවාවන් සමඟද සම්බන්ධ වන බැවින් ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්තයේ තරඟකාරීත්වය තව දුරටත් පහළ දමනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා.” යනුවෙනි.

ඒ මහතා මෙහිදී අවධාරණය කර සිටියේ වලංගු VAT බදු ආපසු ගෙවීම් වේගවත් කිරීම තුළින් ඇඟලුම් කර්මාන්තය ස්ථාවර පවත්වා ගෙන යාමට හැකියාව තිබූවද අද වන විටත් එය නිසියාකාරව ඉටු කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවයි. එහෙයින් වලංගු VAT බදු ආපසු ගෙවීම වේගවත් කිරීම සඳහා උනන්දුවක් නොමැති අවස්ථාවකදී SVAT අහෝසි කිරීමට කටයුතු කිරීම ගැටළු රැසකට හේතු වනු ඇති බවද ඒ මහතා සඳහන් කරන ලදී.

SVAT අහෝසි කිරීම මගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මූල්‍ය ප්‍රවාහයට සුවිසල් බලපෑමක් එල්ල කරනු ඇති බව සඳහන් කළ ප්‍රනාන්දු මහතා දින 45ක් ඇතුළත වැට් බදු ආපසු ගෙවීම සඳහා වන නීතිමය තත්වයක් තිබියදීත් ඇතැම් අපනයනකරුවන් 2010 වසරේ සිට තම මුදල් ආපසු ලබා දෙන තෙක් බලා සිටින බව පෙන්වා දුන්නේය. මෙම ප්‍රමාද වීම සඳහා පොලියක් අය නොකර ගැනීමෙන් ශ්‍රී ලංකා රුපියල එහි සමස්ත වටිනාකමෙන් 69%ක ප්‍රමාණයක් අහිමි කර ගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දක්වමින් JAAF මහ ලේකම් යොහාන් ලෝරන්ස් මහතා පැවසුවේ “IMF වැඩසටහනෙහි කොටසක් ලෙස ආදායම් ඉලක්ක සපුරා ගැනීමේ රජයේ අවශ්‍යතාව සහ එහි සියලු සාමාජිකයින් විසින් අවබෝධ කරගෙන සිටිනවා. එහෙත් රජයට ආදායම එකතු වීම ඉහළ යන බවට වැරදි උපකල්පනයන් මත SVAT ක්‍රමය අහෝසි කිරීමට තීරණය කර තිබෙනවා.” යනුවෙනි.

මෙහිදී ඇඟලුම් නිෂ්පාදන සඳහා අතරමැදි භාණ්ඩ ලබා ගැනීමේදී SVAT ක්‍රමය පැහැදිලි ස්ථාවරයක් ඉදිරිපත් කර නොමැති අතර ආනයනයෙන් තොරව අමුද්‍රව්‍ය දේශීයව නිෂ්පාදන කිරීමට කටයුතු කරමින් සිටින අවධියක් තුළ SVAT ක්‍රමය අහෝසි කිරීම ආනයන ඉහළ යාමට හේතු වනු ඇති බවද ඒ මහතා පෙන්වා දෙන ලදී.

කර්මාන්ත විශේෂඥයින් පෙන්වා දෙන ආකාරයට SVAT ක්‍රමය අහෝසි කිරීමේ මූලික අරමුණ වන්නේ අපනයනකරුවන් සහ IRD අතර මුදල් ගලා යාම ඉහළ නැංවීම මිස ආදායම් ඉහළ නැංවීම නොවන බවයි.

මින් පැහැදිලි වන තවත් විශේෂිත කරුණක් වන්නේ වැට් බදු ආපසු ගෙවීමේ ක්‍රමය අපනයන නොවන අංශවල වංචාවලට හේතු වී ඇති බවයි. SVAT ක්‍රමය මගින් එම වංචා සඳහා ඇති අවස්ථාව අවම කර ඇති අතර අපනයන නිෂ්පාදන සඳහා දේශීය ද්‍රව්‍ය මිලදී ගැනීමට එම ක්‍රමය භාවිත කරන අපනයනකරුවන්ට දේශීය වෙළෙඳපොළ තුළ සිය නිෂ්පාදන අලෙවි කළ හැක්කේ ඉතා අල්ප වශයෙනි. තවද SVAT පද්ධතිය වංචනික ක්‍රියාකාරකම් සඳහා අනිසි ලෙස භාවිතා කිරීමේ හැකියාවද අවම කරයි.

තවද වැට් බදු ආපසු ගෙවීමේ ක්‍රමයක් හඳුන්වා දීම තුළින් අඟලුම් අපනයනකරුවන්ට දේශීයව අමුද්‍රව්‍ය මිලදී ගැනීම වෙනුවෙට අමුද්‍රව්‍ය ආනයන කිරීමට බල කෙරෙනු ඇත. මේ තුළින් මුදල් ප්‍රවාහයන් අවහිර කරමින් ආනයන වැඩි කිරීමටත්, දේශීය අගය එකතු කිරීම් සඳහා වන උනන්දුව අවම කිරීමටත් කටයුතු කිරීම මෙරට වෙළෙඳ ශේෂයට අහිතකර ලෙස බලපානු නිසැකය.

SVAT යටතේ ඇඟලුම් අපනයනකරුවන්ට දේශීය නිෂ්පාදන යෙදවුම් භාවිතය ප්‍රවර්ධනය කරමින් වැට් සඳහා ක්ෂණික මුදල් ලබා දීමකින් තොරව දේශීය අමුද්‍රව්‍ය මිලදී ගත හැකි අතර මේ හේතුවෙන් දේශීය අමු ද්‍රව්‍ය මිලදී ගැනීම තව දුරටත් ඉහළ යනු ඇත. SVAT ක්‍රමය අහෝසි කර වැට් බදු ආපසු ගෙවීමේ ක්‍රමයක් නැවත හඳුන්වා දෙන්නේ නම් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය විසින් අත්කර දෙනු ලබන විශේෂ ප්‍රතිලාභවලට එය බලපෑමක් වනු ඇත. එමෙන්ම මෙම වෙනස කර්මාන්තයට සාර්ථකව ක්‍රියාත්මක වීමේ හැකියාවට තර්ජනයක් විය හැකි අතර එම අංශයේ සේවය කරන පුද්ගලයින්ගේ රැකියා අවදානමට ද ලක් විය හැකිය.

 

 

 

 

ஜனாதிபதி தேர்தலுக்கு முன்னதாக தேர்தல் ஒத்துழைப்பு...
Sunlight’s ‘Manudamin Wadiyamak’ Campaign Inspires...
TikTok ஏற்பாட்டில் இலங்கையில் நடைபெற்ற சிறு...
HNB Finance wins Silver at...
සොෆ්ට්ලොජික් ලයිෆ් රුපියල් බිලියන 14.5ක...
TikTok Shares Election Integrity Measures...
සුව දිවිය පදනම සහ McKinsey...
TikTok ශ්‍රී ලංකාවේ සුළු හා...
TikTok Shares Election Integrity Measures...
සුව දිවිය පදනම සහ McKinsey...
TikTok ශ්‍රී ලංකාවේ සුළු හා...
ஆறு மாதங்களில் 16.2 பில்லியன் ரூபா...