සංචාරයක් යන්නට නම් කාලය මෙන්ම වියදම් කිරීමට මුදලුත් තිබිය යුතු බව බොහෝ දෙනාගේ පිලිගැනීමයි. එහෙත් වත්මන් පරපුරේ නිර්මාණ ශිල්පී යුවලක් වන තාරිකා සහ දිලාන් සංචාරය බොහෝ සරල හා පහසු දෙයක් බව ලොවට ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇත්තේ සුන්දරත්වය හා සතුට වෙනුවෙන් විශාල මුදලක් වියදම් කිරීමට අවශ්‍ය නොවන බව පෙන්වා දෙමිනි.
ඒ සඳහා ඔවුන් තිබූ වටිනාම දේ වූයේ ස්මාර්ට් දුරකතනය හා උනන්දුවයි. @notesfromsl සමඟින් සිය TikTok ගිණුම සුවිශේෂී අවකාශයක් බවට පත් කිරීමට ඔවුන් කටයුතු කර ඇත්තේ සංචාරයට කැමති බොහෝ පිරිසකට කදිම මඟ පෙන්වීමක් සිදු කරමිනි.
එහිදී ඔවුන් ප්‍රධාන වශයෙන් සැඟවුණු දිය ඇලි, කඳු නැගීම්, ලාභදායී සුව පහසු හෝටල් මෙන්ම අඩුමිලට ආහාර ලබා ගත හැකි ස්ථාන වැනි මෙරට බොහෝ අප්‍රකට ස්ථානයන් පිළිබඳව සිය TikTok ගිණුම හරහා නිවැරදි තොරතුරු ඔවුන් වෙත ලබා දීමට කටයුතු කරනු ලබයි. ඒ නිසාම අඩු වියදමකින් තමන් කැමති සංචාරයන් සිදු කර ගැනීමේ හැකියාව දැන් මෙරට සංචාරකයින් වෙත උදා වී ඇත.
බොහෝ දෙනාගේ ඇස නොගැටුණු සුන්දරත්වයන් සොයා යන තාරිකා සහ ඩිලාන් මෙම TikTok අන්තර්ගතයන් තුළින් කිසි විටෙක ජනප්‍රිය වීමට අදහස් නොකළහ. ඔවුන්ට අවශ්‍ය වූයේ අප්‍රසිද්ධ සුන්දර ස්ථානයන් පිළිබඳව තොරතුරු බෙදා හදා ගැනීමට මෙන්ම එම ගමනේදී වියදම් අවම කර ගනිමින් සතුටු විය හැකි ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා දීම පමණකි.
ඒ නිසාම සති අන්තයන්හිදී මේ ආකාරයේ විනෝද චාරිකාවන් යාමට පුරුද්දක් කරගත් ඔවුන් ඒවා තම මිතුරන්, හිතවතුන් සමඟ බෙදා ගත්හ. එහෙත් කෙමෙන් මෙය බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයට පත් වූයේ තාකාරි හා ඩිලාන් TikTok හි ජනප්‍රිය චරිත බවට පත් කරමිනි.
බොහෝ දෙනා මෙම යුවල සලකනු ලබන්නේ ඉතා අව්‍යාජ යුවලක් ලෙසිනි. ඊට හේතුව වන්නේ ඔවුන් කිසිම විටෙක අන්තර්ජාලයේ හෝ වෙනත් ඡායාරූප භාවිත කිරීමකින් තොරව අදාල ස්ථානයටම පැමිණ ඔවුන් විසින්ම ලබා ගන්නා ඡායාරූප පල කරමින් එම ස්ථානයන් පිළිබඳ පැහැදිලි හා නිවැරදි තොරතුරු තම TikTok පිටුව තුල පල කිරීමට කටයුතු කර තිබීමයි.
ඒ ගමනේදී විවිධ හෝටල් හා නවැතැන් පහසුකම් සපයන ස්ථානයන්හි සුව පහසු භාවය, ආරක්ෂාව, කෑම බීම පමණක් නොව මිල ගණන් වැනි දේ පිළිබඳවද ඔවුන් සිය ප්‍රේක්ෂකයන් වෙත අවබෝධයක් ලබා දීමට කටයුතු කර තිබීම ඒ ආකාරයේ සංචාරයක් සංවිධානය කිරීමේදී ඔවුන්ට මහත් අස්වැසිල්ලක් ලබා දීමට කටයුතු කර ඇත.
සිය ජනප්‍රියත්වය තව තවත් ඉහළ යන විට ප්‍රේක්ෂකයන්ගේ පහසුව වෙනුවෙන් තවත් බොහෝ දේ සිය ගිණුමට එක් කිරීමට ඔවුන් කටයුතු කළහ.
“TikTok කියන්නේ අපගේ සංචාරයන් පිළිබඳ නිවැරදි තොරතුරු ඉක්මණින් බෙදා ගැනීමට ඇති කදිම වේදිකාවක්. එය මිනිසුන්ට ඉගෙන ගැනීමට මෙන්ම නිනෝදය සඳහා ඉතා කදිම අවකාශයක් ලෙෂත් පෙන්වා දිය හැකියි. ” ඔවුන් පවසයි.
විනාඩියකට ආසන්න ඔවුන්ගේ සෑම වීඩියෝවක් තුළින්ම සැබෑ සුන්දරත්වය මනාව ගෙන ඒමට සමත්ව ඇති අතර එහිදී එම වීඩියෝ සංස්කරණය කිරීමට හා මනාව රූපගතකිරීමට ඔවුන්ට හැකිවී ඇත්තේ ස්මාර්ට් ජංගම දුරකනයන් වෙත අද වන විට හඳුන්වා දී ඇති ඉහළම තාක්ෂණයයි.
මෙහිදී ඔවුන් විසින් තමන් පළකරනු ලබන ස්ථානයේ හෝ වස්තුව පිළිබඳ විස්තර ලබා දෙමින් ඒවා මනාව දැක ගත හැකි වෙනත් ස්ථාන එම ස්ථානයන්ට ළඟා විය හැකි ආකාරයන්, වියදම් වැනි බොහෝ දේ පිළිබඳව සිය රසිකයින් දැනුවත් කිරීමට කටයුතු කර ඇත. මේ සියලු දේ අන් අය සමඟින් අදහස් බෙදාහදා ගනිමින් සම්බන්ධතා ශක්තිමත් කිරීමේ අවස්ථාව සලසා දෙන TikTok නිසා බව ඔවුන් පවසයි.
“අපිට අවශ්‍ය වන්නේ මිනිසුන්ට උදව් කිරීමටයි. විශේෂයෙන් සුන්දර ස්ථාන නැරඹීමට යන අවස්ථාවන්හිදී ඔවුන් විසින් දැරිය යුතු වියදම් අවම කර ගනිමින් සැබෑ ලෙසම ඔවුන්ට අවශ්‍ය මුදල පිළිබඳ අවබෝධයක් ලබා දීමට අපි මේ තුලින් කටයුතු කරනවා. එය ඔවුන්ගේ ගමනට කදිම පහසුවක් වනවා. විශ්වාසදායක නවාතැන් සොයා ගැනීමට, අඩි මිලට හොඳම ආහාර සපයා ගැනීමට වැනි බොහෝ දේ සඳහා වැයවන වියදම් සහ එම අවස්ථා සලසාගත හැකි ස්ථානයන් පිළිබඳ අපි ඔවුන්ට අපගේ අත්දැකීම් තුලින් අවබෝධයක් ලබා දෙනවා. ඒ නිසා දැන් ගැටලුවකින් තොරව තමන්ගේ ගමන සැලසුම් කර ගත හැකියි.” අවසාන වශයෙන් ඔවුන් සඳහන් කර සිටියේ එලෙසිනි.
බොහෝ දෙනා තමන්ගේ පුද්ගලික නිර්මාණයන් හෝ හාස්‍ය රසය තුලින් සමාජ මාධ්‍ය ජය ගැනීමට උත්සාහ කරන යුගයක තාරිකා සහ ඩිලාන් තමන්ගේ අත්දැකීම් අන් අයගේ සුභ සිද්ධිය සඳහා යොදා ගැනීම සඳහා TikTok සොයා ගැනීම පිළිබඳ ඔවුන්ට ස්තුති වන්ත විය යුතුය. ඔවුන් නිසාම බොහෝ දෙනා මෙතෙක් සිහින නැගූ සංචාරයන් යථාර්තයක් බවට පත් වනු නිසැකය.