TikTok ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නඟා සිටුවීම සඳහා වැඩමුළුවක් සංවිධානය කරයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නඟා සිටුවීම අරමුණු කර ගනිමින් TikTok විසින් පවත්වනු ලැබූ වැඩමුලුව පසුගියදා ඉතා සාර්ථකව අවසන් වූයේ ව්‍යවසායකයින් රැසක් දැනුමින් පෝෂණය කරමිනි. #GrowWithTikTok Masterclass ලෙස නම් කර තිබූ එම වැඩමුලුවට සිය ව්‍යාපාර වර්ධනය කර ගැනීම සඳහා TikTok හි ශක්තිය උපයෝගී කර ගන්නා ආකාරය දැන ගැනීමේ අරමුණින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමිකරුවන්, අලෙවිකරුවන්, ව්‍යවසායකයින් රැසක් එක්ව සිටියහ.

මෙහිදී තම ව්‍යාපාරයන්හි සන්නාම ප්‍රවර්ධනය කිරීම, තාරුණ්‍යය සමඟ එක්ව කටයුතු කිරීම හා නිෂ්පාදන හා සේවාවන්හි නිර්මාණාත්මක බව ප්‍රදර්ශනය කිරීම සඳහා TikTok හි සුවිශේෂී විශේෂාංග භාවිත කරන ආකරය පිළිබඳ විශේෂ පුහුණුවක් ලබා ගැනීමටද ඔවුන්ට අවකාශ උදා විය.

මෙම වැඩමුලුවේදී ව්‍යාපාර ප්‍රවර්ධනය සම්බන්ධ විවිධ අංශයන් ආවරණය කිරීමට TikTok කටයුතු කරනු ලැබුවේ ඒ ඒ අංශවල විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් සම්මන්ත්‍රණ මාලාවක් පවත්වමිනි. එහිදී TikTok විසින් ව්‍යාපාර දියුණුව සඳහා යොදා ගත හැකි ශක්තිමත් අන්තර්ගත නිර්මාණ උපාංග, ප්‍රේක්ෂකයින් සහභාගී කරවා ගැනීම සඳහා හොඳම පිළිවෙත් සහ වඩා ඵලදායී උපායමාර්ග පිළිබඳව සහභාගී වුවන්ට හඳුන්වා දෙන ලදී. එහිදී අවම වියදමක් තුළින් සිය ව්‍යාපාර නඟා සිටුවීම සඳහා TikTok උපයෝගී කරගත යුතු ආකාරය පිළිබඳ අවබෝධයක් ඔවුන්ට ලබා ගත හැකි විය. තවද මෙහිදී TikTok භාවිතයේදී පිළිපැදිය යුතු ප්‍රජා මාර්ගෝපදේශ, එහි ඇති ආරක්ෂණ විශේෂාංග සහ අන්තර්ගතයන් නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය පිළිඳව සහභාගීවන්නන් දැනුවත් කිරීමටද කටයුතු කිරීම විශේෂත්වයක් විය. TikTok හි ප්‍රේක්ෂකයින්ට ගැලපෙන ආකාරයේ නිර්මාණ කිරීම සම්බන්ධයෙන් මනා අවබෝධයක් සහභාගී වූ සියලු දෙනාට ලබාදීම වෙනුවෙන් අන්‍යෝන්‍ය සන්නිවේදනය තුළින් තොරතුරු බෙදා හදාගත හැකි ආකාරයෙන් සියලු සැසි සංවිධානය කර තිබිණ.

එසේම TikTok හි #GrowWithTikTok Masterclass වැඩමුලුව තුලින් අනෙකුත් ව්‍යාපාර හා පුද්ගලයින් සමඟ සන්නිවේදනය කිරීමේ අවස්ථාව මෙන්ම සම වයසේ මිතුරන් සමඟ සම්බන්ධ වෙමින් අදහස් බෙදා හදා ගැනීමට හා ඔවුන් මුහුණ දෙන අභියෝගවලට විසඳුම් සෙවීමේ සාකච්ඡා සිදු කිරීමටද අවශ්‍ය මඟ පෙන්වීම ලැබිණ. දේශීය ව්‍යාපාර අතර තම ප්‍රජාව කෙරෙහි සහයෝගී හැඟීමක් වර්ධනය කරමින් ඒ තුළින් සාමූහික වර්ධනයක් අත් කර දීමටද මෙම වැඩමුලුව හේතුවක් වනු ඇත.

ඩිජිටල්කරණය තුළින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නගා සිටුවීමට අවශ්‍ය පහසුකම් සැපයීම තුළින් ලොව පුරා එම ව්‍යවසායකයන් දිරි ගැන්වීමේ TikTok මෙහෙවරෙහි තවත් එක් පියවරක් වූ මේ තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සුවිසල් ශක්තියක් සපයන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්හි දියුණුවේ ප්‍රමුඛ සහකරුවකු වීම TikTok හි අරමුණයි.

சிறு மற்றும் நடுத்தர அளவிலான ஆடைத்...
Carnage அறக்கட்டளையின் ஆதரவோடு சர்வதேச விளையாட்டரங்கில்...
First Capital Treasuries, மூலதனச் சந்தை...
A Little Love for Every...
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
ITC Ratnadipa Presents Weddings Above...