TikTok #Avurudu දේශීය සංස්කෘතිය විවිධත්වය, මානව ප්‍රජාව සමඟින් අවුරුදු සතුට බෙදාහදා ගනියි

Share

Share

Share

Share

ශ්‍රී ලාංකේය සංස්කෘතික අනන්‍යතාව විදහා දක්වන සුවිශේෂී සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සතුට, සිනහව එක් කළ ප්‍රීතිමත් කාලයක් ලෙස සඳහන් කළ හැකිය. අලුත් අලුත් නිර්මාණයන් මෙන්ම සියලු දෙනාගේ එකමුතුව තුළින් රස ගැන්වෙන අවුරුදු සමය TikTok රසික රසිකාවියන්ටද නවතම විනෝදයක් එක් කරන්නක් විය. විශේෂයෙන් විවිධ ප්‍රදේශයන්ට ආවේණික සංස්කෘතීන්, සියලු දෙනා එක්ව සිදු කරන උත්සව හා වෙනත් කටයුතු වැනි දේ පිළිබඳ ලොවට පෙන්වා දීමට කදිම වේදිකාව වූයේ TikTok ය.

TikTok හි විලාසිතා සම්බන්ධයෙන් විවිධ නිර්මාණ ඉදිරිපත් කරන Tiasha Fernando මෙවර අවුරුදු සමය වෙනුවෙන් සාම්ප්‍රදායක ඇඳුම් හා නවීන විලාසිතාවලින් සැදුම් ලත් අගනා විලාසිතා සම්මිශ්‍රණයක් ඉදිරිපත් කළාය. ඇය පැවසුවේ අවුරුදු සමයේදී සාම්ප්‍රදායක ඇඳුම්වලට මුල් තැන දීමට මම කටයුතු කළා” යනුවෙනි. අලංකාර බ්ලවුස් සමඟින් ඊට ගැලපෙන ආකාරයේ අලංකාර ලුංගි, මල් මුද්‍රිත ඇඳුම් වැනි දේ තුළින් සංස්කෘතික අභිමානය හා අනන්‍යතාව ගෙන හැර දැක්වීමට මෙහිදී Tiasha Fernando කටයුතු කර තිබිණි. තවද මේ තුළින් ඇය ඉදිරිපත් කළ බතික් සරම්, ලුංගි, ලිනන් කමිස, බ්ලවුස් වැනි ඇඳුම් පැලඳුම් නරඹන්නාට ආකර්ෂණයක් මෙන්ම ජීවිතයට නැවුම් බවකුත් එක් කිරීමට සමත් විය.

අවුරුදු සමයේ තවත් විශේෂිතම අංගයක් වන අවුරුදු කෑම පිළිබඳව TikTok වේදිකාවේ තොරතුරු බෙදා හදා ගැනීමට Stories of Lash විසින් සියලු දෙනාට අරාධනා කර තිබුණේ අවුරුදු සමයේ #WhatToCook ලෙස හඳුන්වා දෙමිනි. සාම්ප්‍රදායික කැවිලි කඩයක් ලෙස සකස් කළ හෝටල්, ඉමිහිරි ආහාර වර්ග, එළිමහනේ සිදු කරන ඉවුම් පිහුම් මෙන්ම අවුරුදු ක්‍රීඩාවන් සමඟින් නරඹන්නන්ට විචිත්‍රත්වයක් එක් කරන්නට Stories of Lash සමත් වූයේ ඒ සමඟ එක්වන ලෙස සියලු දෙනාට ඇරයුම් කරමිනි.

අවුරුදු ඇඳුම්, කෑම බීම වැනි දේවල් ප්‍රදර්ශනය කිරීමෙන් නොනැවතී තමන් හා සම්බන්ධ ප්‍රජාවන් සමඟ සම්බන්ධ වෙමින් ඔවුන් සමඟ සන්නිවේදනය කිරීම වෙනුවෙන් සිය TikTok වේදිකාව භාවිත කිරීමට Tiasha Fernando සහ Stories of Lash කටයුතු කර තිබීම විශේෂත්වයකි. ලොව පුරා එකම අදහස් සහිත පුද්ගලයින් සමඟ සම්බන්ධතා ගොඩනගා ගැනීමේදී TikTok හි කාර්යභාරය පිළිබඳ අදහස් දැක්වූ Tiasha Fernando සඳහන් කළේ ඔවුන් විසින් අසන ප්‍රශ්නවලට ඍජු පිළිතුරු ලබා දෙමින් ප්‍රජාව සමඟ අඛණ්ඩව සම්බන්ධතාව පවත්වා ගැනීමට මම උත්සාහ දරනවා” යනුවෙනි. විශේෂයෙන් විවිධ සංස්කෘතීන් සහ විවිධ පසුබිම් තුළින් මෙන්ම එම වටිනාකම්වලට ගරු කිරීම තුළින් තම ප්‍රේක්ෂකයින් අතර නවමු හැඟීමක් නිර්මාණය කිරීමට ඇයට හැකිවී ඇත.

Stories of Lash විසින් TikTok හි කාර්ය හා ඒ තුළින් තමන්ගේ නිර්මාණ දායකත්වය පිළිබඳව අදහස් දක්වමින් “මා සමඟ සම්බන්ධ වී සිටින සියලු දෙනා සමඟ සම්බන්ධ වීමටත් ඔවුන් සමඟ කටයුතු කිරීමටත් හොඳම අවස්ථාව ලෙස TikTok නම් කළ හැකියි.” යනුවෙන් පවසයි. සියලුම සංස්කෘතීන්, උත්සව අවස්ථා සම්බන්ධ අන්තර්ගත නිර්මාණයන් හරහා සිය අනුගාමිකයින් වෙත රසවත් තොරතුරු ගෙන යමින් ඔවුන්ට රසවත් අත්දැකීමක් එක් කිරීමට Stories of Lash කටයුතු කර ඇත්තේ ඔවුන්ට ගරුත්වයක්ද එක් කරමිනි.

අලුත් අවුරුද්ද TikTok වේදිකාවද අලුත් කිරීමට සමත් වූයේ ඩිජිටල් අවකාශයන් වෙත වෙනදාට වඩා වැඩි යමක් එක් කරමිනි. විවිධත්වය, නිර්මාණශීලීත්වය, ප්‍රජා සමරුම් උත්සව වැනි දේ තුළින් විවිධ පුද්ගලයින්ගේ රුචි අරුචිකම් වෙනුවෙන් අවශ්‍ය අන්තර්ගතයන් සැපයීමට ඔවුන්ට අවුරුදු සමය ඉතා වැදගත් විය. එකමුතු බව තුළින් සතුට අත්විඳි අවුරුදු උත්සවයන්හි විශේෂ අවස්ථා ඊට එක් කළේ අමතර ආකර්ෂණයකි.

 

தகுதியற்ற உள்ளடக்கத்திலிருந்து உயர்ந்த பாதுகாபை வழஙகும்...
வாகன நிதித்துறையில் புரட்சியை ஏற்படுத்த UNIMO...
உங்களது வங்கி விருப்பத்திற்கேற்ப ‘HNB Self-onboarding’ஐ...
Kaspersky Safe Kids proves superior...
Samsung Unveils Galaxy M14 LTE...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
HNB රථ වාහන ෆිනෑන්ස් සේවාවේ...