TVS Motor සමාගම Emil Frey සමග අත්වැල් බැඳගනිමින් යුරෝපීය වෙළඳපොල අවස්ථා පුළුල් කරගනියි

Share

Share

Share

Share

මෝටර් බයිසිකල් සහ ත‍්‍රිරෝද රථ සඳහා ජාත්‍යන්තර කීර්තියක්‌ හිමිකරගත් TVS Motor සමාගම යුරෝපීය වෙළඳපොළ අවස්ථා පුළුල් කර ගැනීම වෙනුවෙන් මෝටර් රථ බෙදා හැරීමේ ප‍්‍රධානතම සමාගමක් වන Emil Frey සමඟ හවුල්කාරිත්වයක් ඇති කර ගෙන ඇත. Emil Frey හි පුළුල් බෙදාහැරීමේ ජාලය සහ යුරෝපයේ වෙළඳපල පිළිබඳ ඇති දැනුමෙන් ප‍්‍රයෝජන ගෙන ගෝලීය වශයෙන් ව්‍යාපාරය ව්‍යාප්ත කිරීම ඉලක්ක කරගනිමින් TVS Motor සමාගම මෙම සහයෝගීතාවයට එළඹෙන ලදි.

නවෝත්පාදන සහ ගුණාත්මකභාවය සඳහා වූ කැපවීම වෙනුවෙන් පිළිගත් TVS Motor සමාගම යුරෝපීය පාරිභෝගිකයින්ට ඉහළ කාර්ය සාධනයක් සහිත සහ තාක්ෂණිකව දියුණු මෝටර් බයිසිකල් පිරිනැමීමට සැලසුම් කරයි.

TVS Motor සමාගම සහ Emil Frey යන දෙපාර්ශවයම වගකීම් සහගතව තිරසාරත්වය සහතික කිරීම සඳහා කැපවෙමින්, විශිෂ්ට පාරිභෝගික සේවාවක් සහ පාරිභෝගික තෘප්තියක් ලබා දීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරයි. මෙම හවුල්කාරිත්වය ගොඩනැගී ඇත්තේ TVS Motor සමාගමේ අති නවීන විසඳුම් කෙරෙහි අවධානය යොමු කරමින් සහ යුරෝපීය පාරිභෝගිකයන් සහ ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳ Emil Frey හට ඇති දැනුම පිළිබඳව සුවිශේෂී අවධානයක් යොමු කරමිනි. මෙම සහයෝගීතාවය TVS Motor යුරෝපය පුරා ව්‍යාප්ත වීම සඳහා සුවිශේෂී පදනමක් සාදමින් වෙළඳපොලේ ශක්තිමත් පැවැත්මක් නිර්මාණය කරයි.

යුරෝපීය මෝටර් රථ ආනයනය සහ පාරිභෝගික වෙළඳාමේ ප‍්‍රබලයෙකු වන Emil Frey, එහි පුළුල් විකුණුම්, අලෙවිකරණ සහ සේවා ජාල හරහා තෝරාගත් රටවල TVS නිෂ්පාදන බෙදා හැරීම හසුරුවනු ඇත. මෙම හවුල්කාරිත්වය හරහා යුරෝපයේ පවතින TVS නිෂ්පාදන අතරට TVS Jupiter 125, TVS NTORQ, TVS Raider, TVS iQube S, TVS X, TVS Ronin, TVS Apache RR 310 සහ TVS Apache RTR 310 ඇතුළත් වේ.

TVS Motor සමාගම දැනටමත් ආසියාව, අප‍්‍රිකාව සහ ලතින් ඇමරිකාව පුරා රටවල් 80කට අධික ප‍්‍රමාණයක සිය නිෂ්පාදන අලෙවි කරයි. 2023 මූල්‍ය වර්ෂයේ පළමු භාගය වන විට, සමාගමේ ලාභයෙන් 25% ක් පමණ අපනයනවලින් උපයා ඇත. එමගින් ඉහළ ප‍්‍රමිතියකින්, තාක්ෂණිකව උසස් නිෂ්පාදන සහ ශක්තිමත් පර්යේෂණ සහ සංවර්ධන හැකියාවන් සඳහා සමාගමේ කීර්තිය ඉස්මතු කරයි.

TVS Motor සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුදර්ශන් වෙනු Emil Frey සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයක් හරහා සමාගම යුරෝපයට ඇතුළු වන බව නිවේදනය කළේය. යුරෝපය ප‍්‍රධාන වෙළඳපොලක් ලෙස ඉස්මතු කරමින් TVS Motor සමාගම ගෝලීයව ව්‍යාප්ත කිරීමේ උපාය මාර්ගයේ දී මෙම හවුල්කාරිත්වයේ වැදගත්කම වෙනු අවධාරණය කළේය. Emil Frey හි සියවස් ගණනක අත්දැකීම් සහ වගකීම් සහගත තිරසාර වටිනාකම් උපයෝගී කරගනිමින් TVS හි උසස් නිෂ්පාදන යුරෝපීය පාරිභෝගිකයන් වෙත සමීප කිරීම මෙහි අරමුණයි.

Emil Frey සමූහයේ අධ්‍යක්ෂ Lorenz Frey-Hilti, නවෝත්පාදනයන් සමඟ අත්දැකීම් මුසු කරමින් මෙම ශක්තිමත් හවුල්කාරිත්වයට එළඹීම පිළිබඳව ආඩම්බර විය. TVS Motor සමාගම සිය නිෂ්පාදන හඳුන්වා දීම සඳහා යුරෝපීය වෙළෙඳපොළ සහ බෙදාහැරීමේ ජාලය තුළ Emil Frey විශේෂඥතාව ප‍්‍රයෝජනයට ගනු ඇති බව ඔහු අවධාරණය කළේය.

 

 

தகுதியற்ற உள்ளடக்கத்திலிருந்து உயர்ந்த பாதுகாபை வழஙகும்...
வாகன நிதித்துறையில் புரட்சியை ஏற்படுத்த UNIMO...
உங்களது வங்கி விருப்பத்திற்கேற்ப ‘HNB Self-onboarding’ஐ...
Kaspersky Safe Kids proves superior...
Samsung Unveils Galaxy M14 LTE...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
HNB රථ වාහන ෆිනෑන්ස් සේවාවේ...