අභියෝග මධ්‍යයේ HNB 2024 පළමු කාර්තුව සඳහා ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

Share

Share

Share

Share

හැටන් නැෂනල් බැංකුව 2024 පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 9.8 ක බදු පෙර ලාභයක් (PBT) සහ රුපියල් බිලියන 6.2 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇත. මේ අතර HNB සමූහය පළමු කාර්තුව සඳහා බදු පෙර ලාභය (PBT) සහ බදු පසු ලාභය (PAT) පිළිවෙලින් රුපියල් බිලියන බිලියන 11.2ක් සහ රුපියල් බිලියන 7.4 ක් ලෙස වාර්තා කිරීමට සමත් වී ඇත.

ආර්ථිකය පුනර්ජීවනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුගමනය කරන ලද මුදල් ප්‍රතිපත්තිය සැලකිය යුතු ලෙස ලිහිල් කිරීම හේතුවෙන් බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය (AWPLR) 50% කින් පහත වැටුණු අතර 2024 මාර්තු දක්වා මාස 12 ක කාලය තුළ 21.40% සිට 10.69%ක් දක්වා ඉහළ ගියේය. මේ හේතුවෙන් පොළී ආදායම පසුගිය වසරට සාපේක්ෂව 20% කින් පහත වැටී රුපියල් බිලියන 60.2ක් විය. බැංකුවේ පොලී වියදම් පසුගිය වසරට සාපේක්ෂව 13% කින් අඩු වී රුපියල් බිලියන 38.2 ක් වූ අතර තැන්පතු සඳහා පොලී අනුපාත සකස් කිරීමේ ඇති වූ ප්‍රමාදයන් හේතුවෙන් මෙම පහත වැටීම මන්දගාමී විය. තවද වඩාත් අවදානමට ලක්විය හැකි අංශවලට උපකාර කිරීම සඳහා බැංකුව සැලකිය යුතු පොලී වට්ටම් ද ලබා දුන්නේය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2024 පළමු කාර්තුවේදී ශුද්ධ පොලී ආදායම පසුගිය වසරට සාපේක්ෂව 30%කින් පහත වැටුණි.

බැංකුවේ පළමු කාර්තුවේ මූල්‍ය ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් HNB සභාපති නිහාල් ජයවර්ධන මහතා පැවසුවේ “සාර්ව ආර්ථික දර්ශකවලින් පෙන්නුම් කරන ආකාරයට රට යථා තත්වයට පත් වීමේ ශක්තිමත් සහ ස්ථාවර ප්‍රගතිය පිළිබඳව අපට සතුටුයි. බැංකු ක්ෂේත්‍රයට ප්‍රතිලාභ ගෙන දෙන සහ රටේ ඉදිරි ප්‍රගතිය ශක්තිමත් කිරීමට උපකාර වන විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ද ඉක්මනින් අවසන් වනු ඇතැයි මා විශ්වාස කරනවා.”

‘HNB හි, අපි ප්‍රවීණ නායකයින් තිදෙනෙකු අපගේ අධ්‍යක්ෂ මණ්ඩලයට එක් කර ගනිමින් අපගේ පාලන ව්‍යුහය තවත් ශක්තිමත් කරගනු ලැබුවා. ඒවගේම 2024 අප්‍රේල් මාසයේදී දමිත් පල්ලෙවත්ත මහතා වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස පත් වීමත් සමඟම, අපගේ සියලු පාර්ශ්වකරුවන් වෙත වටිනාකමක් ලබා දීම සඳහා අපගේ කැපවීම නැවත අවධාරණය කිරීමට අපට අවශ්‍යයි.” යනුවෙනි.

මෙම කාර්තුවේදී බැංකුවේ මුළු පොලී නොවන ආදායම 2023 වසරේ අදාල කාල පරිච්ඡේදයේ රු. බිලියන 2.5 ට සාපේකෂව රු. බිලියන 2.0ක් වූ අතර මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ මෙම කාර්තුවේදී රුපියලේ අගය ඉහළ යාමත් භාණ්ඩ මත පනවා ඇති වෙළෙඳ තීරුබදු අර්බුදයක් ඇති වීමට පෙර තිබූ මට්ටමට නැවත පැමිණීමත්ය. කෙසේ වෙතත්, සියලුම සිල්ලර සහ බැංකුවේ ඩිජිටල් සේවාවල ගාස්තු ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කළ අතර එය මුදල් භාවිතය අවම ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීමේ HNB හි දැක්ම අනුව යමින් මුදල් රහිත ගනුදෙනු වෙත මාරුවීමක් පෙන්නුම් කරයි.

ගනුදෙනුකාරභවතුන්ට තම ව්‍යාපාර නැවත යථා තත්වයට පත් කර ගැනීමට හා දියුණු කර ගැනීමට සහ ආර්ථික තත්වයන්හි දියුණුව සඳහා බැංකව දරන අඛණ්ඩ උත්සාහයන් හේතුවෙන් HNB විසින් පසුගිය වසරේ පළමු කාර්තුවේ වෙන් කරන ලද රු. බිලියන 11.4 ට සාපේක්ෂව මෙම කාර්තුවේදී රු. බිලියන 1.4 ක අතිරේක හානිපූරණ ගාස්තුවක් වෙන් කර ඇත. HNB හි net stage III අනුපාතය 4.02% ක් වූ අතර මෙම අනුපාතය බැංකු ක්ෂේත්‍රයේ ඇති සාමාන්‍ය අනුපාතයට වඩා තවමත් ඉහළින් පවතී.

කාර්ය මණ්ඩල පිරිවැය සහ අනෙකුත් වියදම් ඉහළ යාම හේතුවෙන් HNB හි සමස්ත මෙහෙයුම් වියදම් රු. බිලියන 8.9 සිට රු. බිලියන 9.9ක් දක්වා ඉහළ ගියේය. 2023 පළමු කාර්තුවේදී සමස්ත සඵල බදු අනුපාතය 51% ක් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම කාර්තුව සඳහා මුළු බදු මුදල රු. බිලියන 6.5 ක් ඉක්මවීමට හේතු විය.

මෙම මූල්‍ය ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් HNB වැඩබලන ප්‍රධාන විධායක නිළධාරී දමිත් පල්ලේවත්ත මහතා පැවසුවේ “පළමු කාර්තුව තුළ HNB හි කාර්යසාධනය තුළින් පෙනී යන්නේ රටේ ප්‍රධාන ආර්ථික දර්ශකවල වෙනස්කම්වලට හොඳින් අනුකූල වූ බවයි. පොලී අනුපාත සැලකිය යුතු ලෙස අඩුවීම හේතුවෙන් අපගේ පොලී ආන්තිකය අඩු වූ අතර රුපියලේ අගය ඉහළ යාම අපගේ ශේෂ පත්‍රයේ තත්වයන් නැවත ඇගයීමට හේතු වුනා. කෙසේවෙතත් AWPLR මේ වන විට 10%ට අඩු බැවින් අපගේ ශුද්ධ පොලී ආදායම කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරමින් ණය සඳහා ඇති ඉල්ලුම වැඩි වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.”

“HNB, එහි දිගු හා සාර්ථක ඉතිහාසයක් සමඟින් දැඩි අවිනිශ්චිතතාවයකින් යුතු කාල පරිච්ඡේදයකදී අභියෝගවලට ඔරොත්තු දීමට, එහි ශක්තිය පවත්වා ගැනීමට සහ ස්ථාවරව සිටීමට හැකියාව හොඳින් පෙන්නුම් කර තිබෙනවා. කාලයත් සමඟම වැඩිදියුණු වෙමින් පවතින අපගේ ශක්තිමත් අවදානම් කළමනාකරණය සහ පාලන පද්ධති නිසා මෙය කිරීමට අපට හැකි වුනා. බැංකු ක්ෂේත්‍රය තුළ අපගේ තත්වය තවදුරටත් ශක්තිමත් කරමින් HNB හි වර්ධනයේ මීළඟ අදියරට නායකත්වය දීමට අපි මෙම ශක්තීන් භාවිත කිරීමට බලාපොරොත්තු වනවා.” යනුවෙනි.

 

தகுதியற்ற உள்ளடக்கத்திலிருந்து உயர்ந்த பாதுகாபை வழஙகும்...
வாகன நிதித்துறையில் புரட்சியை ஏற்படுத்த UNIMO...
உங்களது வங்கி விருப்பத்திற்கேற்ப ‘HNB Self-onboarding’ஐ...
Kaspersky Safe Kids proves superior...
Samsung Unveils Galaxy M14 LTE...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
HNB රථ වාහන ෆිනෑන්ස් සේවාවේ...