උෂ්ණත්වය පරාජය කිරීමට සහ පිරිමැසුම්දායී වායු සමීකරණ භාවිත කිරීම සඳහා සැම්සුන් ඉංජිනේරුවන්ගෙන් උපදෙස්

Share

Share

Share

Share

දේශගුණික විපර්යාස මගින් ඉහල යමින් පවතින ගෝලීය උණුසුම හමුවේ, සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් හි ඉංජිනේරුවරුන් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ වායු සමීකරණවලින් උපරිම ප‍්‍රයෝජන ගැනීමට උපකාරී වන ප‍්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කර ඇත. මෙවැනි ප‍්‍රයෝජනවත් හා වැදගත් අදහස් බලශක්ති කාර්යක්ෂමතාව, wind-free සිසිලනය සහ ඵලදායී ව්‍යාද්‍රර්කරණය (dehumidification) කෙරෙහි අවධානය යොමු කරන අතර ඔවුන් එක්ව ඉහළ යන උෂ්ණත්වය පාලනය කිරීමට සහ බලශක්ති පිරිවැය කළමනාකරණය කිරීමට ප‍්‍රබල මෙවලම් නිර්මාණය කරනු ලබයි.

අධික උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය වැඩි වන කාලවලදී, අපහසුතාවය සමඟ කටයුතු කිරීම තරමක් අභියෝග විය හැකිය. මෙය විසඳීම සඳහා සැම්සුන් ඉංජිනේරුවන් ඔබගේ වායුසමීකරණයේ සැකසුම් ඔබගේ වටාපිටාවට ගැලපෙන ලෙස සකස් කිරීමට යෝජනා කරයි. Air Solution R&D Group හි Jun Hwang පෙන්වා දෙන්නේ, ‘‘ඔබගේ ඉඩ ප‍්‍රමාණය සඳහා සුදුසු මාදිලිය තෝරා ගන්න. Cooling සහ Dry යන මාදිලි සමාන බව පෙනෙන්නට තිබුණත්, ඇත්තෙන්ම ඒවා එකිනෙකට වෙනස් වූ කාර්යයන් ඉටු කරනු ලබනවා.’’ යනුවෙනි.

සිසිල් කිරීමේ (Cooling) මාදිලිය කොම්ප්‍රෙසරයේ ක‍්‍රියාකාරීත්වය වෙනස් කිරීමෙන් නිවෙස් ඇතුලත ඉක්මනින් සිසිල් කරනු ලබන අතර අවම බලශක්තියක් භාවිත කරමින් අපේක්ෂිත උෂ්ණත්වය ලබා ගනී. අනෙක් අතට, Dry මාදිලිය උෂ්ණත්වය වෙනස් නොකර ආර්ද්‍රතාවය අඩු කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. කෙසේවෙතත්, අධික ආර්ද්‍රතා තත්වයන් යටතේ වැඩි තෙතමනය උරා ගැනීමේදී Dry මාදිලිය cooling මාදිලියට වඩා කාර්යක්ෂම වන අතර එමගින් සුවපහසුව සැලකිය යුතු ලෙස ඉහල නංවා ගත හැකියි. Dry Mode හි ඵලදායීතාවයට පර්යේෂණ සහාය දක්වයි. ඉහළ ආර්ද්‍රතා තත්වයන් යටතේ cooling මාදිලියට වඩා උරා ගැනීමේ හැකියාව අතින් Dry Mode දළ වශයෙන් 2.7 ගුණයකින් වැඩි කාර්යක්ෂමතාවක් පෙන්නුම් කරන අතර වැඩි සුවපහසුවක් ගෙන දේ.

මෙම ක‍්‍රියාවලිය තවත් සරල කිරීම සඳහා ඔබ වායු සමීකරණය භාවිත කරනු ලබන ආකාරය සහ බාහිර තත්වයන් දෙස බැලීමෙන් AI Auto Cooling විශේෂාංගය හොඳම මාදිලිය තෝරා ගනී. මෙය ඔබට දේවල් පහසු කරවන අතර වායුසමීකරණය නිතර ක‍්‍රියාත්මක වීම සහ අක‍්‍රිය වීම වැළැක්වීම මගින් බලශක්තිය ඉතිරි කරයි. වායුසමීකරණය විනාඩි 90 කට වඩා ක‍්‍රියාත්මක කිරීමෙන් අඩු ශක්තියක් වැය වන බව පර්යේෂණවලින් පෙන්වා දෙයි.

සැම්සුන් හි Digital Inverter Boost තාක්ෂණය උෂ්ණත්වය ස්ථාවරව තබා ගන්නා අතර 73%ක් දක්වා බලශක්ති භාවිතය අඩු කරයි, එමෙන්ම සුවපහසුව සහ පිරිවැය ද ඉතිරි කරයි. ඔබට සුළගෙන් තොරව සුවපහසු බවක් අවශ්‍ය නම්, WindFree™ Cooling ට මාදිලිය තෝරා ගන්න. මෙම සුවිශේෂී විශේෂාංගය මගින් කුඩා සිදුරු හරහා නැවුම් වාතය විහිදුවමින් නිවෙස තුළ ප‍්‍රසන්න බවක් සහතික කරයි. තවද, උණුසුම් කාලගුණිත තත්වයක් තුළ ආහාර පිසීම අභියෝගයක් වන අවස්ථාවේදී, SmartThings මගින් ඔබේ වායු සමීකරණය සහ hood එකට එක් (synchronize) කිරීමෙන් ආහාර පිසීමේදී ඇති වන දුම සහ වාෂ්ප ඉක්මනින් ඉවත් කළ හැකිය.

සැම්සුන් ඉංජිනේරුවරුන් අධ්‍යාපනය සහ කර්මාන්තයේ විශ්වසනීයත්වය පිළිබඳ වැදගත්කම පර්යේෂණ මගින් අවධාරණය කරයි. මෙම ලිපි ලේඛන මගින් සංකීර්ණ තාක්ෂණයන් සරල කිරීම, මිථ්‍යා අදහස් ඉවත් කිරීම සහ පාරිභෝගිකයින්ට ඔවුන්ගේ වායු සමීකරණ කාර්යක්ෂමව භාවිත කිරීමට හැකියාව ලබා දෙයි.

ගෝලීය උෂ්ණත්වය අඛණ්ඩව ඉහළ යමින් පවතින බැවින්, සැම්සුන් ඉංජිනේරුවරුන් පරිශීලකයින්ට වසර පුරා සුවපහසුව සහ වියදම් ඉතිරි කර ගැනීමට කැපවී සිටී.

 

First Capital named a Great...
Eicher වාණිජ වාහන සඳහා HNB...
Want to Be the Next...
73Avenue Realtors opens new headquarters...
ජෙෆ්රි බාවා භාරයේ ‘මූණමල්’ සම්මානය...
lululemon සහ MAS Holdings හි...
KOKO and Ceylinco Insurance Introduce...
ඕනෑම අභියෝගයකට ඔරොත්තු දෙමින් තාක්ෂණය...
lululemon සහ MAS Holdings හි...
KOKO and Ceylinco Insurance Introduce...
ඕනෑම අභියෝගයකට ඔරොත්තු දෙමින් තාක්ෂණය...
SOS Children’s Villages Sri Lanka...