එක්සත් ජනපදය සමඟ පැවති වෙළඳ සාකච්ඡා සඳහා රජය ඉදිරිපත් කළ යෝජනා JAAF හි පැසසුමට, ඇඟලුම් අපනයන සඳහා සමාන තීරුබදු ප්‍රතිලාභ අපේක්ෂා කරයි

Share

Share

Share

Share

වොෂින්ටන් ඩීසී හි අන්‍යෝන්‍ය තීරුබදු පිළිබඳ එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලය (USTR) සමඟ ශ්‍රී ලංකා රජය ධනාත්මක සාකච්ඡා පැවැත්වීම පිළිබඳව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) සිය ප්‍රසාදය පළ කර සිටී. තවද ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර අපක්ෂපාතී හා සාධාරණ වෙළඳ සබඳතා ගොඩනැගීම සඳහා ප්‍රමුඛත්වයක් ලබා දීම සම්බන්ධයෙන් එම සංසදය ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා නියෝජිත පිරිසට ස්තූතිය පුද කළේය.

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය සඳහා ඉතා වැදගත් සහ දිගුකාලීන වෙළඳ හවුල්කරුවෙකු ලෙස අඛණ්ඩව කටයුතු කරයි. තවද මෙම කර්මාන්තය සෘජුවම පුද්ගලයින් 350,000 කට සහ රට පුරා සිටින තවත් 700,000 ක පමණ ජනතාවගේ ජීවනෝපායන් සඳහා සහාය වෙයි- එබැවින් වෙළඳ තීරු බදු සඳහා පවතින බාධක ඉවත් කිරීමට සහ ජාත්‍යන්තර වෙළඳපොළ තුළ තරඟකාරී ලෙස ශ්‍රී ලංකාවේ නිෂ්පාදන විකිණීමේ හැකියාව පවත්වා ගැනීමට රජය කටයුතු කරන ආකාරය පිළිබඳව JAAF සතුටු පළ කරයි.

දෙරට අතර ඇති කර ගන්නා ඕනෑම නව තීරුබදු ගිවිසුමක් මගින් ඇඟලුම් නිෂ්පාදනය කරනු ලබන අනෙකුත් රටවලට පිරිනමන ප්‍රතිලාභ ශ්‍රී ලංකාවටත් හිමිවනු ඇතැයි JAAF බලාපොරොත්තු වේ. මේ සම්බන්ධයෙන් ජාතික ආර්ථිකය සඳහා වැදගත් දායකත්වයක් ලබා දෙනු ලබන මෙන්ම සදාචාරාත්මක නිෂ්පාදන පිළිවෙත් සඳහා ගෝලීය වශයෙන් කීර්තිනාමයක් දිනා සිටින ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ දිගුකාලීන පැවැත්ම සහ සාර්ථකත්වය පිළිබඳව සලකා බලන ලෙස JAAF දෙපාර්ශවයෙන්ම ගෞරවයෙන් ඉල්ලා සිටී.
ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමකට එළැඹීමේ අරමුණින් සාර්ථකව සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යන විට ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම පියවරක්ම නිරීක්ෂණය කිරීමට (traceability), විනිවිදභාවය සහ තිරසාරභාවය සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුගමනය කරන බව JAAF නැවත අවධාරණය කර සිටී. එබැවින් ශ්‍රී ලංකාවට විශේෂ තීරුබදු සහනයක් ලබා දීමේදී මෙම කැපවීම සලකා බැලිය යුතු බව එහි විශ්වාසයයි- ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාව අත්කරගෙන තිබෙන කීර්තිනාමය සහ තරගකාරී බව සමඟින් වගකීමෙන් යුතුව අපගේ ඇඟලුම් මිලදී ගැනීමට කැමති ගැනුම්කරුවන්ට ශ්‍රී ලංකාව විශ්වසනීය සහ ආකර්ෂණීය ගමනාන්තයක් බව JAAF තරයේ විශ්වාස කරයි.

රජයන් දෙක අතර සිදු වන අඛණ්ඩ සාකච්ඡා පිළිබඳව JAAF සුබවාදීව බලාපොරොත්තුවෙන් සිටින අතර වෙළඳාම වර්ධනය කිරීමට, වැඩි ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ දෙපාර්ශවයටම සාර්ථකත්වයක් ගෙන ඒමට උපකාරී වන අනාගත වෙළෙඳ ගිවිසුමක් සඳහා සිය පූර්ණ සහයෝගය ලබා දෙන බවද එම සංසදය පවසයි.

BYD මඩකලපුවේ නව ප්‍රදර්ශනාගාරයක් විවෘත...
A Milestone Driven by Customer...
Samsung Sri Lanka Celebrates Retail...
Hyundai වාහන සඳහා සුවිශේෂී ලීසිං...
SHRM strengthens Sri Lanka presence,...
Momentro Expands AI-Led Impact Across...
Advantis අනුග්‍රහයෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ Falcon...
වේගවත් වර්ධනයක්, විශ්වාසවන්ත සේවාවක්: JKCG...
Momentro Expands AI-Led Impact Across...
Advantis අනුග්‍රහයෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ Falcon...
වේගවත් වර්ධනයක්, විශ්වාසවන්ත සේවාවක්: JKCG...
Kandy Myst by Cinnamon Presents...