ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් සුව දිවිය සංවිධානය මගින් ‘ඇය සමෘද්ධිමත්’ ඔන්ලයින් සෞඛ්‍ය වැඩමුළුව සංවිධානය කරයි

Share

Share

Share

Share

සුව දිවිය සංවිධානය මඟින් ‘ඇය සමෘද්ධිමත්’ නම් සෞඛ්‍ය වැඩමුළුව ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් Zoom තාක්ෂණය ඔස්සේ සංවිධානය කර ඇත. එම වැඩමුළුව මාර්තු 9 වන දින පෙ.ව 9.30 සිට 11.00 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර මෙය තමන්ගේ සෞඛ්‍යය හා යහ පැවැත්ම පිළිබඳව උනන්දුවක් දක්වන කාන්තාවන්ට තවත් නැවුම් අත්දැකීමක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සුව දිවිය යනු දියවැඩියාව පිළිබඳ දැනුවත් කිරීම, දියවැඩියාව පාලනය හා වැළැක්වීම පිළිබඳව අවධානය යොමු කර ඇති ලාභ නොලබන සංවිධානයකි.

තමන්ගේ සෞඛ්‍යය තත්වය මනාව පවත්වා ගැනීම සඳහාත්, කාන්තාවන් දිරිගැන්වීමේ පරමාර්ථයෙනුත් ‘ඇය සමෘද්ධිමත්’ නම් වැඩසටහන නිර්මාණය කර ඇත. දියවැඩියාව වැනි ප‍්‍රචලිත රෝගී තත්වයන්ට විසඳුම් සහ තමාගේ සෞඛ්‍යය පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබා දීම සඳහා කාන්තාවන් දැනුවත් කෙරේ. ඊට සම්බන්ධ වන සියලූ කාන්තාවන්ට තම දියුණුවට අවශ්‍ය දැනුම හා මෙවලම් ලබා දීම මෙම වැඩසටහනේ අරමුණයි.

සුව දිවිය නිර්මාතෘ විශේෂඥ වෛද්‍ය කයාත‍්‍රි පෙරියසාමි මහත්මිය සහ කාන්තා සෞඛ්‍යය පිළිබඳ විශේෂඥයින් මෙහෙයවනු ලබන හරවත් කතිකාවතක් වන මෙම වැඩසටහනට බුද්ධිමය සාකච්ඡුාවන් ඇතුළත්ය. වැඩසටනෙහි විද්වත් කාන්තා වෛද්‍ය මඩුල්ල පහතින් දැක්වේ.

මහාචාර්ය චන්ද්‍රිකා විජයරත්න මහත්මිය – කාන්තා දියවැඩියාව සම්බන්ධයෙන් විශේෂඥවරියක් වන මහාචාර්ය විජයරත්න මහත්මිය විසින් දියවැඩියාව හේතුවෙන් කාන්තාවන් නිවසේදී මෙන්ම සමාජයේදී මුහුණ දෙන විශේෂ අභියෝග පිළිබඳව අවධානය යොමු කරනු ලබයි. දියවැඩියා රෝගයට අදාළ ආහාරමය සාධක පිළිබඳව ඇය සතු විශේෂඥතාව සමඟ මෙම වැඩසටහනට සුවිශේෂී දැනුමක් එක් කරනු ඇත.

වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න මහත්මිය – නාරිවේද විශේෂඥ වෛද්‍යවරියක් වන වෛද්‍ය සෙනෙවිරත්න මහත්මිය විසින් බෙහෝ විට සාකච්ඡුාවට භාජනය නොවන එහෙත් කාන්තා සෞඛ්‍යයට අත්‍යාවශ්‍ය මාතෘකාවන් වන කාන්තාවන් තුළ සුලභව දක්නට ලැබෙන නාරිවේද ගැටළු, නාරිවේද පිළිකා සහ පියයුරු පිළිකා පිළිබඳව සහ ඒවා වළක්වා ගන්නා ආකාරය පිළිබඳව දැනුවත් කිරීමට නියමිතය.

වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය – උපදේශක පෝෂණවේදියක වන වෛද්‍ය ජයතිස්ස මහත්මිය විසින් පිළිකා, දියවැඩියාව හා නිදන්ගත රෝග වැළැක්වීම සඳහා ආහාරවල තීරණාත්මක කාර්යභාරය පිළිබඳව මෙහිදී පෙන්වා දෙනු ඇති අතර ඒ හරහා පෝෂණය තුළින් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීම සඳහා කදිම මඟ පෙන්වීමක් සිදු කරනු ඇත.

වෛද්‍ය නිලූක්ෂි පිලපිටිය – වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරියක් වන පිලපිටිය මහත්මිය වකුගඩුවලට බලපාන සාධක හා ඒවා ආරක්ෂා කර ගන්නා ආකාරය පිළිබඳව කාන්තාවන් දැනුවත් කරනු ඇත්තේ එම රෝග පිළිබඳව කාන්තාවන් තුළ පවතින වැරදි මතයන්ද දුරු කරමිනි.

නිලූක්ෂි කාසිලිංගම් මහත්මිය – ජ්‍යෙෂ්ඨ භෞත චිකිත්සකවරියක වන කාසිලංගම් මහත්මිය රෝගී තත්වයන් වළක්වා ගැනීම සඳහා ව්‍යායාම කිරීමේ හා ඇවිදීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී අවධාරණය කරනු ඇති අතර කොන්දේ පහළ කොටසේ පවතින වේදනාව වැනි පොදුවේ කාන්තාවන් අත්විඳින ගැටළු සඳහා විසඳුම් ලබා දෙමින් සමස්ත යහපැවැත්ම ඉහළ නැංවීම සඳහා මෙය අවස්ථාවක් කොට ගනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍ය කයත‍්‍රි පෙරියසාමි මහත්මිය සඳහන් කර සිටියේ ‘’‘ඇය ශක්තිමත්’ වැඩසටහන සමඟින් කාන්තාවන් සහයෝගයෙන් කටයුතු කිරීම, විශේෂඥ දැනුම ලබා ගැනීම හා තමන්ගේ සෞඛ්‍යය පිළිබඳ අවබෝධයෙන් යුතුව තීරණ ගැනීම වෙනුවෙන් ඔවුන් සවිබල ගැන්වීමට උපකාරී වන පරිසරයක් නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තු වනවා’’ යනුවෙනි.

මෙම වැඩසටහන සඳහා සහභාගී වන සියලූ දෙනා හට ආකර්ෂණීය සාකච්ඡුා, අන්‍යෝන්‍ය සන්නිවේදන සැසි සඳහා සම්බන්ධ විය හැකි අතරම සමාන අදහස් ඇති අනෙකුත් පුද්ගලයන් සමඟ සම්බන්ධ වීමටද අවස්ථාව උදා වීම විශේෂත්වයකි. තමන්ගේ සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට, අත්දැකීම් බෙදාහදා ගැනීමට හෝ ඒවා පිළිබඳ දැන ගැනීමට කැමැත්තෙන් පසුවන කාන්තාවන් හට කදිම අවස්ථාවක් වන ‘ඇය ශක්තිමත්’ වැඩසටහන තවත් අයෙකු වෙනුවෙන් සහයෝගය දක්වමින් එකිනෙකා නගා සිටුවීම සඳහා එක් විය හැකි සුවිසල් අවස්ථාවක් ලෙසද පෙන්වා දිය හැකිය.

කාන්තා ශක්තිය, ධෛර්යය මෙන්ම සුන්දරත්වය ගෙන හැර දක්වන ‘ඇය ශක්තිමත්’ වැඩසටහන සමඟ එක්ව නැවුම් අත්දැකීමක් අත්විඳින්න. ලියාපදිංචිය පිළිබඳ තොරතුරු සඳහා සුව දිවිය ෆේස්බුක් පිටුවට පිවිසෙන්න.

 

தகுதியற்ற உள்ளடக்கத்திலிருந்து உயர்ந்த பாதுகாபை வழஙகும்...
வாகன நிதித்துறையில் புரட்சியை ஏற்படுத்த UNIMO...
உங்களது வங்கி விருப்பத்திற்கேற்ப ‘HNB Self-onboarding’ஐ...
Kaspersky Safe Kids proves superior...
Samsung Unveils Galaxy M14 LTE...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
HNB රථ වාහන ෆිනෑන්ස් සේවාවේ...