තිරසාර කාර්මික පරිවර්තනය MAS විසින් සිය PHOTON ව්‍යාපෘතියෙහි දෙවන අදියර එළිදක්වයි

Share

Share

Share

Share

MAS හෝල්ඩිංග්ස් සමාගම විසින් 2017 වසරේ ආරම්භ කරන ලද Photon නමින් හැඳින්වෙන ව්‍යාපෘතිය හරහා සමාගමේ වහලය මත සවි කරන ලද ප‍්‍රකාශ වෝල්ටීයතා (PV) සූර්ය විසඳුම් කේතයේ දෙවන අදියර අවසන් කරන බව මෑතකදී නිවේදනය කරන ලදී. මෙම ව්‍යාපෘතිය, MAS හෝල්ඩිංග්ස් රටේ පුනර්ජනනීය බලශක්ති කර්මාන්තයේ ප‍්‍රමුඛස්ථානයට ගෙන ගොස් ඇති අතර, එය ශ‍්‍රී ලංකාවේ විශාලතම ජනන යන්ත‍්‍රය සහ වහලය මත සවිකර ඇති සූර්ය බලශක්ති පැනල පද්ධතිය ලෙස වාර්තා අතරට එක්වෙයි.

මින් පෙර වූ MAS Photon ව්‍යාපෘති හරහා විවිධ ස්ථාන කිහිපයක මෙගාවොට් 1.7ක් ජනනය කර තිබුණි. පුනර්ජනනීය බලශක්තියට මාරුවීම වේගවත් කිරීමට සමූහයේ කැපවීමත් සමඟ Photon ව්‍යාපෘතියේ 1 අදියර ස්ථාන 18ක් හරහා මෙගාවොට් 16ක් පද්ධතියට එක් කළේය. දෙවන අදියරේදී මෙගාවොට් 6 ක වැඩි දියුණු කිරීමත් සමඟම MAS හි සම්පූර්ණ වහල මත සවිකළ සූර්ය බලශක්ති උත්පාදන ධාරිතාව 23.7 MW දක්වා පුළුල් කරමින් MAS ශ‍්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත‍්‍රය පරිවර්තනය කරන සමාගමක් ලෙස සිය ස්ථාවරය ශක්තිමත් කරමින් සිටී.

මෙම ව්‍යාපෘතිය විශාල පරිමාණයෙන් ඉදිරියට ගෙන ඒම සඳහා MAS ආයතනයෙහි සූර්ය පැනල 67000 ක් සවිකර ඇත. සම්පූර්ණ සූර්ය බලශක්ති ධාරිතාව මඟින් සෑම වසරකම කාබන්ඩයොක්සයිඞ් (CO2) ටොන් 18,000 ක් පමණ ඉතිරි කරගත හැකි අතර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණ 10 කට සමාන ප‍්‍රමාණයක් හෝ ආසන්න වශයෙන් නිවාස 34,000 ක් බල ගැන්වීමේ හැකියාව ආවරණය වන පරිදි පැනල් සකස් කර ඇත.

මෙම ව්‍යාපෘතිය සූර්ය බලශක්ති උත්පාදනය සඳහා වහල භාවිතා කිරීම සඳහා ජාතික මිණුම් ලකුණක් ද නිර්මාණය කළ අතර එය දැන් සම්මත වෙළඳපල අනුපාතය ලෙස සලකනු ලබන අතර රටේ බොහෝ වහලයන් මත සවිකර ඇති සූර්ය පැනල ආයෝජකයින් විසින් එය ප‍්‍රතිනිර්මාණය කර ඇත.

Photon හි පළමු ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම ශ‍්‍රී ලංකාවේ ජාතික වශයෙන් පෙර නොවූ විරූ බහු-අඩවි ව්‍යාපෘතියක් වන අතර ඩොලර් මිලියන 12.7 ක ආයෝජනයක් එහිදී සිදු කරන ලදී. එමෙන්ම ඒ වන විට විෂය කරුණු පිළිබඳ විශේෂඥ දැනුමක් නොතිබූ ඇඟලූම් ආයතනයක් ලෙස දෙවන අදියර ද සමඟින් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් MAS විසින් USD මිලියන 16 ක සම්පූර්ණ ආයෝජනයක් කර ඇත. අද Photon ව්‍යාපෘතියට ලෝකයේ ඕනෑම තැනක ඕනෑම පරිමාණයකින් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති භාර ගත හැකි තරම් නිපුණතාවයකින් හෙඹි තමන්ගේම පළපුරුදු සූර්ය බලශක්ති ඉංජිනේරු කණ්ඩායම් ද ඇත.

විමෝචනය අඩු කිරීම සඳහා MAS හි කැපවීම, එහි පුළුල් තිරසාර උපාය මාර්ගයක් වන MAS Plan for Change සැලැස්මෙහි කොටසකි. අනාගතයේදී සූර්ය හා පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සහ ගබඩා විසඳුම් පුළුල් කරමින් තිරසාර නිෂ්පාදනයේ ඉදිරියෙන්ම සිටීම සඳහා තවදුරටත් ආයෝජනය කිරීමට MAS බලාපොරොත්තුවෙන් සිටියි.

Photon අදියර II සඳහා නවතම සූර්ය පැනල ස්ථාපනය, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම පුද්ගලික අයිතිය ඇති අපනයන සැකසුම් කලාපය වන තුල්හිරිය අක්කර 165ක භූමි ප‍්‍රදේශයක විහිදෙන MAS Fabric Park ^MFP& හි සිදුකර ඇත. මෙගාවොට් 7ක් දක්වා ව්‍යාප්ත වෙමින්, එය එක් ලංවිම ගිණුමක් යටතේ ශ‍්‍රී ලංකාවේ විශාලතම වහලය මත සිදුකරන ලද සූර්ය පැනල ස්ථාපනය වේ. මෙම ව්‍යාපෘතිය කර්මාන්ත උද්‍යානයේ විදුලි අවශ්‍යතා 20% කින් පමණ අඩු කිරීමට උපකාරී වේ.

පුද්ගලයන් 12,000ක් සේවය කරන පරිසර හිතකාමී කර්මාන්ත උද්‍යානයක් වන MAS Fabric Park අක්කර 10ක ඇනලොග් වනාන්තරයක් සහ අපද්‍රව්‍ය කළමණාකරණය ඉහළ නැංවීමේ පද්ධති ඇතුළු පාරිසරික භාවිතයන් සඳහා ප‍්‍රසිද්ධයක් උසුලයි.

ෆොසිල ඉන්ධන මත දැඩි ලෙස යැපීම හේතුවෙන් මේ වන විට ආර්ථික හා බලශක්ති අර්බුදයකට මුහුණ පා සිටින ශ‍්‍රී ලංකාවට Photon ව්‍යාපෘතිය ධනාත්මක බලපෑමක් එල්ල කරයි. දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් නිෂ්පාදකයා ලෙස MAS, ඇඟලූම් හා රෙදිපිළි කර්මාන්තයෙහි නියැලෙමින්, රට සහ ලෝකය කෙරෙහි තිරසාරාත්මක බලපෑමක් ඇති කිරීමේ අරමුණින් විද්‍යාව මත පදනම් වූ ඉලක්ක ^Science Based Targets initiative-SBTi& සාක්ෂාත් කර ගැනීමේ ගමනක යෙදී සිටියි.

වසර 30ක් පුරා, MAS එහි සදාචාරාත්මක සහ තිරසාර සේවා පරිසරය මෙන්ම සමාජ සංවර්ධනය සහ කාන්තා සවිබල ගැන්වීම සඳහා සංවිධානයේ කැපවීම වෙනුවෙන් ගෝලීය පිළිගැනීමක් ලබා ඇත. නිෂ්පාදන විශිෂ්ටත්වය සහ නිර්මාණශීලිත්වය නව්‍ය නිෂ්පාදන සහ සැලසුම් තුළ ප‍්‍රදර්ශනය කරමින් කර්මාන්තයේ ප‍්‍රමුඛයෙකු ලෙස MAS ජාත්‍යන්තර කීර්තිය දිනා ගෙන ඇත. අද වන විට MAS නිෂ්පාදන, ජීවිත සහ මිහිතලය යන අංශ තුන යටතේ තිරසාර වෙනසක් ඇති කිරීම උදෙසා MAS Plan for Change සැලැස්ම යටතේ අඛණ්ව කැපවී සිටියි. මෙම මුලපිරීම් හරහා MAS හි අරමුණ වන්නේ සිහිනයන් බලගන්වමින් ජීවන වියමන සාරවත් කරන වෙනස්කරුවන් බවට පත්කිරීමට සියලූම සේවා නියුක්තිකයන් දිරිගැන්වීමයි.

 

தகுதியற்ற உள்ளடக்கத்திலிருந்து உயர்ந்த பாதுகாபை வழஙகும்...
வாகன நிதித்துறையில் புரட்சியை ஏற்படுத்த UNIMO...
உங்களது வங்கி விருப்பத்திற்கேற்ப ‘HNB Self-onboarding’ஐ...
Kaspersky Safe Kids proves superior...
Samsung Unveils Galaxy M14 LTE...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
HNB රථ වාහන ෆිනෑන්ස් සේවාවේ...