තිරසාර සංවර්ධනයක් සඳහා එක් වීම: හේලීස් වැවිලි සමාගමේ මූලිකත්වයෙන් වැවිලි කර්මාන්තය සඳහා වන පළමු Global Plantation Summit පැවැත්වෙයි

Share

Share

Share

Share

 

ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය කළමනාකරණය කිරීමේ ප‍්‍රමුඛයන් වන හේලීස් වැවිලි සමාගම ප‍්‍රථම වරට ජාත්‍යන්තර තිරසාර සමුළුවක් පවත්වන බව නිවේදනය කර ඇත. මෙම සමුළුව පැවැත්වීමේ අරමුණ වන්නේ මෙම කර්මාන්තයේ සිටින දේශීය හා ගෝලීය ප‍්‍රවීනයන්ට තම දැනුම බෙදාහදා ගැනීමට සහ තවත් දශක ගණනාවක් පුරා වැවිලි කර්මාන්තය සංවර්ධනය කිරීමට හැකියාව ඇති නව්‍ය අදහස් ඉදිරිපත් කිරීමයි.

අධ්‍යාපනික, රාජ්‍ය සහ රාජ්‍ය නොවන බලධාරීන් සහ පර්යේෂණ ආයතනවලට අයත් ප‍්‍රමුඛ පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව 2023 ජූලි 21 දින පැවැත්වීමට නියමිතය.

’තිරසාර වැවිලි කර්මාන්තයක් කරා – නැවත සිතා බැලීම| ප‍්‍රතිනිර්මාණය| ඔරොත්තු දීමේ හැකියාව’ (Towards Sustainable Plantations – Reimagined | Redesigned | Resilient) යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්වේ. එහි අරමුණ වන්නේ සහයෝගීතාව ප‍්‍රවර්ධනය කරන නව මාර්ග නිර්මාණය කිරීම සහ නවීන වැවිලි කළමනාකරණ උපායමාර්ගවලට තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) ඇතුළත් කිරීමයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා පැවසුවේ ‘‘මෙම ජාත්‍යන්තර තිරසාර සමුළුව හොඳම භාවිතයන් බෙදාහදා ගැනීමට සහ තිරසාර කළමනාකාරිත්වය කරා යාමේදී දිගුකාලීන වෙනසක් ඇති කිරීමට වැවිලි කර්මාන්තය පුරා සිටින පාර්ශ්වකරුවන් එකට එක් කරන සුවිශේෂී අවස්ථාවක් වන නිසා මෙය පැවැත්වීම ගැන අප ආඩම්බර වනවා. මෙම සමුළුව අර්ථවත් සාකච්ඡා, සහයෝගීතාවය වර්ධනය කරන මෙන්ම කර්මාන්තය පුරා ධනාත්මක වෙනස්කම් ඇති කරන සහ නවෝත්පාදනයන් සඳහා මනා වේදිකාවක් වනු ඇති බව අපට විශ්වාසයි.’’ යනුවෙනි.

වැවිලි කළමනාකරණ ආකෘති තුළ තිරසාර, සදාචාරාත්මක සහ සාධාරණ වටිනාකම් බෙදාගැනීම සඳහා BIO (Biosphere), GEO (Geosphere), SOCIO (Social) සහ ECONO (Economy) යන අංශ ඒකාබද්ධ කිරීම පිළිබඳව මෙම සමුළුව විශේෂ අවධානයක් යොමු කරනු ඇත. ව්‍යාපාර ක‍්‍රියාවලීන්ගේ දිගුකාලීන ස්ථාවරත්වයට දායක වන සුවිශේෂී තිරසාර සාධක හඳුනා ගැනීම, වත්මන් අභියෝග සඳහා දිගුකාලීන විසඳුම් යෝජනා කිරීම, පොදු ගැටලූ විසඳීම සඳහා විවිධ අංශවල සහයෝගීතාවය වර්ධනය කරමින් වේදිකාවක් නිර්මාණය කිරීම ඇතුළුව වැවිලි කර්මාන්තයේ නියැලී සිටින විවිධ පාර්ශ්වකරුවන්ට තිරසාර තීරණ ගැනීම සඳහා දිගුකාලීන තිරසාර භාවිතයන් ප‍්‍රවර්ධනය කිරීම මෙම සමුළුවේ අරමුණු අතර වේ.

මෙම සමුළුවට අධ්‍යාපනික, රාජ්‍ය සහ රාජ්‍ය නොවන බලධාරීන්, පර්යේෂණ ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළුව පාර්ශවකරුවන්ගේ කාණ්ඩ කිහිපයක් සමඟින් පූර්ව වැඩමුළු අයත් වේ. අවසාන සමුළුවට ඉහළ මට්ටමේ ප‍්‍රවීණයන්ගේ ප‍්‍රධාන දේශන, හොඳම භාවිතයන් බෙදාහදා ගැනීමට කැප වූ සැසි සහ විද්වත් සාකච්ඡා ආදිය ඇතුලත් වේ.

කැළණි වැලි වැවිලි සමාගම (KVPL), තලවකැලේ වතු සමාගම (TTEL), හා හොරණ වැවිලි සමාගම (HPL), යන ඉහළ පෙලේ කලාපීය වැවිලි සමාගම්වලින් හේලීස් වැවිලි සමාගම සමන්විත වේ. ඔවුන් සතුව තේ සහ රබර් වතු 60ක් අයත් අතර, ඒවා දළ වශයෙන් හෙක්ටයාර් 26,137ක භූමි ප‍්‍රමාණයකින් සමන්විතය. මෙම වතු එකිනෙකට වෙනස් කෘෂි දේශගුණික කලාප තුනක් පුරා විහිදී ඇත.

හේලීස් වැවිලි සමාගම එක්සත් ජාතීන්ගේ ගෝලීය සම්මුතියට (UNGC) අත්සන් කළ ක්ෂේත‍්‍රයේ පළමු සමාගම බවට පත් වෙමින් මානව හිමිකම්, කම්කරු ප‍්‍රමිතීන්, පරිසරය සහ දුෂණ විරෝධී මූලධර්ම 10 සඳහා කැපී පෙනෙන පියවරක් ගෙන ඇත. මීට අමතරව, ඔවුන් වගකිවයුතු ජල කළමනාකරණය සඳහා ඔවුන්ගේ කැපවීම ඉස්මතු කරමින් එක්සත් ජාතීන්ගේ CEO Water Mandate සඳහා සහාය වීමට ප‍්‍රතිඥා දී ඇත. කලාපීය වැවිලි සමාගම් (RPCs), විනිවිදභාවය, පාලනය, වගවීම සහ තිරසාරභාවය යන ක්ෂේත‍්‍රවල පෙන්නුම් කර ඇති කැපී පෙනෙන කාර්ය සාධනය සඳහා CA ශ්‍රී ලංකා විසින් හොඳම සමාගම් 3න් එකක් ලෙස ඇගයීමට ලක් කර ඇත. තවද, ඔවුන් දේශගුණය ආශ‍්‍රිත මූල්‍ය හෙළිදරව් කිරීම් (TCFD) පිළිබඳ කාර්ය සාධක බලකායට සම්බන්ධව ද කටයුතු කරයි. ගෝලීය SBTi වැඩසටහන සඳහා ද ඔවුන් කැපවී සිටින බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.

 

Sri Lanka strengthens business confidence...
ජී.එස්.පී ප්ලස් යලි සලකා බැලීම...
99x Rebuilds Flood-Damaged IT Labs...
Sunshine Holdings records 16.6% YoY...
Janashakthi Life සමාගම Great Place...
கிழக்கிலங்கையில் தடம் பதிக்கும் BYD: மட்டக்களப்பில்...
Samsung Sri Lanka Opens Pre-orders...
The Royal College Union, jointly...
கிழக்கிலங்கையில் தடம் பதிக்கும் BYD: மட்டக்களப்பில்...
Samsung Sri Lanka Opens Pre-orders...
The Royal College Union, jointly...
සන්ෂයින් හෝල්ඩින්ග්ස් අනාගතය වෙනුවෙන් සිය...