නවෝත්පාදන විශිෂ්ටත්වය ඇගයීමට ලක් කිරීම: සැම්සුන් අඛණ්ඩව වසර 17ක් ගෝලීය රූපවාහිනී වෙළඳපොළේ ඉහළින්ම ශ්‍රේණිගත වෙයි

Share

Share

Share

Share

 

සිය තාක්ෂණික ප‍්‍රවීණත්වය සහ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ පෙළේ නවෝත්පාදනයන් සමඟින් සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සිය ගෝලීය වෙළෙඳපොළ නායකත්වය සහ විශිෂ්ටත්වය පිළිගැනීමට ලක්ව ඇත.

වෙළෙඳපොල පර්යේෂණ සමාගමක් වන ඔම්ඩියා (Omdia) සමාගමට අනුව, සැම්සුන් නැවතත් 2022 වසරේදී ගෝලීය රූපවාහිනී වෙළඳපොලේ ඉහළින්ම සිටීමට සමත්ව ඇති අතර අඛණ්ඩව වසර 17 ක් රූපවාහිනී වෙළෙඳපොලේ පළමු ස්ථානයට ශ්‍රේණිගත වීමට හැකිව තිබේ. උසස් තත්වයේ නැරඹුම් අත්දැකීම් සහ පාරිභෝගිකයා කේන්ද්‍ර කොටගත් නිමාවක් ලබා දීමේ සමාගමේ පොරාන්දුව මෙම ජයග‍්‍රහණයට හේතු විය.

එහි ප‍්‍රධාන නිෂ්පාදන පෙළට ප‍්‍රමුඛත්වය ලබා දෙමින්, සැම්සුන් වසර 17ක් පුරා රූපවාහිනී වෙළෙඳපොලේ සිය අසමසම නායකත්වය එලෙසින්ම පවත්වා ගෙන යාමට සමත්ව ඇති අතර එහි Neo QLED රූපවාහිනී පෙළ එයට හොඳම උදාහරණයකි. ගෝලීය වශයෙන්, 2022 වසරේදී, සැම්සුන් QLED සහ Neo QLED රූපවාහිනී මිලියන 9.65ක් අලෙවි කර ඇති අතර, 2017 දී එය හඳුන්වා දුන් දින සිට රූපවාහිනී මිලියන 35ක් විකිණීමට සමත්ව ඇත. සැම්සුන් 2022 දී අතිවිශාල රූපවාහිනී කාණ්ඩයේ ද වෙළඳපල කොටසේ ආධිපත්‍යය දැරූ අතර, එය පිළිවෙලින් අඟල් 75 රූපවාහිනී කාණ්ඩයේ 36.1% ක් සහ අඟල් 80 රූපවාහිනී කාණ්ඩයේ 42.9%ක් ලෙස වාර්තා වෙයි. ඩොලර් 2,500 ට වඩා වැඩි මිලකින් යුත් ප‍්‍රධාන පෙළේ රූපවාහිනී වෙළඳපොළ සඳහා, සැම්සුන් විසින් 48.6% ක ආදායමක් සමඟින් විශාලතම වෙළඳපල කොටසකට හිමිකම් කියයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් Visual Display Business හි විධායක උප සභාපති Cheolgi Kim මහතා පැවසුවේ ‘‘අපගේ නිෂ්පාදන පිළිබඳව පාරිභෝගිකයින් තුළ ඇති අඛණ්ඩ පක්ෂපාතීත්වය හා විශ්වාසය හේතුවෙන් පසුගිය වසර 17 පුරාවට රූපවාහිනී වෙළෙඳපොලේ අපගේ නායකත්වය එලෙසින්ම පවත්වා ගැනීමට අපට හැකි වුණා. උසස් තත්වයේ ගුණාත්මකභාවයෙන් යුත් රූපරාමුවලින් ඔබ්බට යන වඩාත්ම උසස් තත්වයේ device අත්දැකීම් නිර්මාණය කිරීමට අපි අඛණ්ඩව කටයුතු කරනවා.” යනුවෙනි.

අඛණ්ඩව වසර 17ක් පුරාවට රූපවාහිනී වෙළෙඳපොල තුළ සැම්සුන් සිය නායකත්වය පවත්වා ගෙන යාම පාරිභෝගික අවශ්‍යතාව මත නිර්මාණය කරන ලද සහ වැඩිදියුණු කළ පරිශීලක අත්දැකීම් සමඟින් වඩාත් නව්‍ය නිෂ්පාදන පාරිභෝගිකයාට ලබා දීමේ සමාගමේ කැපවීම පිළිබඳ කදිම සාක්ෂියක්. 2006 දී Bordeaux TV හඳුන්වා දීමත් සමඟින් නවීන තාක්ෂණික ක‍්‍රම සහ සැහැල්ලූ ආකෘතියකින් යුතු LCD රූපවාහිනී භාවිත කිරීම සඳහා මූලික අඩිතාලය දැමීය. ගෝලීය රූපවාහිනී වෙළඳපොලේ සැම්සුන් පළමු ස්ථානයට ශ්‍රේණිගත වූ පළමු අවස්ථාව ද එය විය. සැම්සුන් සමාගම 2009 දී සිය ප‍්‍රථම LED රූපවාහිනිය සහ 2011 දී  Smart TV එළිදක්වමින් පාරිභෝගිකයින් වෙත අතිනවීන තාක්ෂණයන් සමීප කළ අතර එම හඳුන්වාදීම්වලින් හා ඉන් පසුවද ගෝලීය වෙළෙඳපොළේ ඉහළම ස්ථානය අත්පත් කරගෙන සිටී.

තවද සැම්සුන් විසින් නව්‍ය තාක්ෂණයෙන් යුත් නිෂ්පාදන හඳුන්වා දෙමින් සුපැහැදිලි රූපරාමු සමඟින් නවෝත්පාදනයේ සීමාවන් ඉදිරියට ගෙන ගියේය. 2017 දී, සැම්සුන් විසින් “next-generation display” නිර්වචනය කළේ ප‍්‍රථම QLED රූපවාහිනිය එළිදක්වමිනි. එය ක්ෂේත‍්‍රයේ ප‍්‍රථම වතාවට 100% වර්ණ පරාසයක් ලබා ගැනීමට quantum dot තාක්ෂණය භාවිත කර ඇත. 2018 සැම්සුන් සමාගම විසින් අතිනවීන QLED 8K හඳුන්වා දෙන ලද අතර පසුව 2021 දී Quantum Mini LED තාක්ෂණයෙන් බලගැන්වුණු Neo QLED සහ MICRO LED හඳුන්වා දෙන ලදී. මෙම නවීන තාක්ෂණ එකතුව රූපවාහිනීවල උසස් තත්වයේ රූපරාමු සඳහා වන ප‍්‍රමිතිය නැවත ඇගයීමට ලක් කළ අතර ඒ සෑම අවස්ථාවකදීම ක්ෂේත‍්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත් වීම විශේෂත්වයකි.

මීට අමතරව, Lifestyle වැනි පුරෝගාමී නව කාණ්ඩවල ඉදිරියෙන්ම සිටීමට සැම්සුන් හට හැකිව තිබේ. 2016 දී The Serif හි සුවිශේෂී හැඩයෙන් ආරම්භ කර The Frame, The Sero, The Terrace, The Premiere සහ The Freestyle වැනි නිෂ්පාදන හරහා පරිශීලක අත්දැකීම් ඉහළ දැමීමට විවිධ හැඩ සමඟින් සිය නිෂ්පාදන පෙළ අඛණ්ඩව වැඩිදියුණු කළේය.

 

2023 වසරේදී, පරිශීලකයින්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති තාක්ෂණය සංවර්ධනය කිරීමත් සමඟින් නවෝත්පාදනයන් හඳුන්වා දීම සඳහා වන සැම්සුන් හි කැපවීම අඛණ්ඩව පවත්වා ගෙන යයි. SmartThings මගින් ආරක්ෂාවට ප‍්‍රමුඛස්ථානයක් ලබා දෙන devices කිහිපයක් බාධාවකින් තොරව සම්බන්ධ කිරීමට හැකියාව ලබා දෙයි.

தகுதியற்ற உள்ளடக்கத்திலிருந்து உயர்ந்த பாதுகாபை வழஙகும்...
வாகன நிதித்துறையில் புரட்சியை ஏற்படுத்த UNIMO...
உங்களது வங்கி விருப்பத்திற்கேற்ப ‘HNB Self-onboarding’ஐ...
Kaspersky Safe Kids proves superior...
Samsung Unveils Galaxy M14 LTE...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
HNB රථ වාහන ෆිනෑන්ස් සේවාවේ...