මිචලින්, ශ්‍රී ලංකා රතු කුරුස සමාජය හා පොලීසිය සමඟ එක්ව ත්‍රිරෝද රථ රියදුරන් වෙනුවෙන් ප්‍රථමාධාර සහ ආරක්ෂක රිය පැදවීම පිළිබඳ පුහුණු වැඩසටහනක් සංවිධානය කරයි

Share

Share

Share

Share

මෙරට ජනතාවගේ මරණවලට හේතුවන දෙවන ප්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන ඇති රථවාහන අනතුරු පිළිබඳ අද අන් කවරදාටත් වඩා කතා බහට ලක් වෙමින් පවතී. 2025 සැප්තැම්බර් 4 වන දින වන විට මෙරට තුළ වාර්තා වී ඇති මාරක අනතුරු 1872කි. මෙම අනතුරුවලදී පදිකයින්, පාපැදිකරුවන් සහ යතුරුපැදිකරුවන් වැඩි අවදානමකට ලක්වී ඇති බවද හඳුනාගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ මිචලින් ලංකා සමාගම සිය ජාතික මාර්ග ආරක්ෂණ සැලැස්මට හා මාර්ග ආරක්ෂාව සහ ප්‍රජා යහපැවැත්ම ඉහල නැංවීමේ අරමුණ අනුව යමින් මූලික ප්‍රථමාධාර සහ ආරක්ෂක රිය පැදවීම පිළිබඳ සහයෝගිතා පුහුණු වැඩසටහනක් හඳුන්වා දී ඇත. ඒ ශ්‍රී ලංකා රතු කුරුස සමාජය හා ශ්‍රී ලංකා පොලීසිය සමඟ එක් වෙමිනි. එළඹෙන වසරේ සිට දිවයිනේ අනෙකුත් පළාත්වලටද ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති මෙම වැඩසටහන යටතේ මෙවර බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ රියදුරන් 500ක් පුහුණු කිරීමට නියමිතය.

මිචලින්හි ආයතනික සමාජ වගකීම් සහ තිරසාර වැඩසටහන්හි තවත් පියවරක් වන මෙම වැඩසටහන තුලින් මාර්ග අනතුරුවලදී පළමු ප්‍රතිචාර දක්වන්නන් වන ත්‍රිරෝද රථ රියදුරන් අත්‍යාවශ්‍ය ජීවිතාරක්ෂක හැකියාවන්ගෙන් සමන්විත පිරිසක් බවට පත් කිරීමට අරමුණු කොටගෙන ඇත. එහිදී ප්‍රථමාධාර ශිල්ප ක්‍රමයන් මෙන්ම ආරක්ෂිත රිය පැදවීමේ මූලධර්ම සහ ඒවායේ ප්‍රතිලාභ පිළිබඳ පුහුණුව ඔවුන් වෙත ලබා දෙනු ඇත. ඒ තුලින් අවදානම් අවම කිරීමට මෙන්ම මාර්ගයේ ඇති විය හැකි අනතුරු වළක්වා ගැනීමට හැකියාව උදා වේ. එසේම නීතිගරුක පුරවැසියන් ලෙස ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීයභාවය ඉහල නැංවීම සහ ප්‍රජාව තුළ ත්‍රිරෝද රථ රියදුරන් පිළිබඳ ධනාත්මක ප්‍රතිරූපයක් ඇති කිරීමද මෙම ව්‍යාපෘතියේ ප්‍රමුඛ අරමුණක් ලෙස සඳහන් කළ හැකිය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මිචලින් ලංකාහි ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ අතුල රෙනවිකාර් මහතා සඳහන් කර සිටියේ “ලෝකයේ ප්‍රමුඛතම ටයර් සමාගම මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයකු සහ අපනයනකරුවකු ලෙස අපගේ නිෂ්පාදන සහ කාර්මික මෙහෙයුම්හිදී ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරනවා. අපගේ කණ්ඩායම් මෙහෙයුම්හිදී මෙය මනාව දැකගත හැකියි. මෙම ව්‍යාපෘතිය තුලින් අත්‍යාවශ්‍ය ආරක්ෂාව සහ ප්‍රථමාධාර පුහුණුව ලබා දීම තුලින් අපගේ සුවහසක් ත්‍රිරෝද රථ රියදුරන් වෙත සහාය දැක්වීමට අපි බලාපොරොත්තු වනවා. ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු අවම කරමින් ආරක්ෂාව ලබා දීම සඳහා අපගේ කැපවීම තව දුරටත් ඉදිරියට ගෙන යාමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි.”යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මහේෂ් ගුණසේකර මහතා “මෙම වැඩසටහන කාලෝචිත හා අත්‍යාවශ්‍ය පියවරක් ලෙස සලකන ශ්‍රී ලංකා රතු කුරුස සමාජය, ප්‍රජා සේවයේ පෙරමුණ ගෙන කටයුතු කරන මානුෂීය සංවිධානයක් ලෙස ජීිවිතාරක්ෂක ප්‍රථමාධාර දැනුම රට පුරා ප්‍රවර්ධනය කිරීමට සහ ව්‍යාප්ත කිරීමට කැපවී කටයුතු කරනවා. අපගේ මානුෂීය වගකීමට අනුව මාර්ග ආරක්ෂාව ඉහළ නංවන සහ ප්‍රජා පැවැත්ම වැඩි දියුණු කරන ප්‍රථමාධාර පුහුණුවක් තුලින් මීට සහාය දැක්වීමට ලැබීම පිළිබඳ ඉතාමත් සතුටට පත් වනවා.”යනුවෙන් පැවසීය.

ශ්‍රී ලංකා පොලීසියේ රථ වාහන පරිපාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා සඳහන් කර සිටියේ මෙසේයි.

“ත්‍රිරෝද රථ ප්‍රජාව තුළ විශ්වාසය, ආරක්ෂාව සහ ශක්තිය ඉහළ නැංවීම ඉතා වැදගත් පියවරක් ලෙස පෙන්වා දිය හැකියි. මෙම තිරසාර වැඩසටහන වැනි රාජ්‍ය – පෞද්ගලික සහයෝගීතා ප්‍රයත්නයන් පිළිබඳ අපි ඉතාමත් සතුටට පත් වෙනවා. මාර්ග අනතුරු අවම කිරීම යනු ප්‍රායෝගික කටයුත්තක් පමණක් නොව අධ්‍යාපනය, වගකීම සහ මහජන ආරක්ෂාව පිළිබද සැලකිළිමත් වීම සම්බන්ධයෙන් හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කිරීමයි.”

First Capital, சந்தை ஏற்ற இறக்கங்களுக்கு...
MAS, 2026 අයිචි-නගෝයා ආසියානු ක්‍රීඩා...
Gather Around the Table: Hot...
යතුරුපැදි ධාවකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් Hayleys...
முற்பணங்களில் 224 பில்லியன் ரூபா அதிகரிப்புடன்...
2026 இன் இலங்கையின் மிக மதிப்புமிக்க...
வார இறுதி விடுமுறையை மறக்கமுடியாத நினைவுகளாக...
Huawei மற்றும் HP Inc. இடையே...
2026 இன் இலங்கையின் மிக மதிப்புமிக்க...
வார இறுதி விடுமுறையை மறக்கமுடியாத நினைவுகளாக...
Huawei மற்றும் HP Inc. இடையே...
විවේකය සතුටින් ගෙවන හැටි TikTok...