වාහන ලීසිං ක්ෂේත්‍රයට නව අරුතක් දෙමින් HNB සහ යුරෝ මෝටර්ස් අත්වැල් බැඳගනියි

Share

Share

Share

Share

ශ්‍රී ලාංකිකයින්ගේ වාහන සිහිනය වඩාත් පහසුවෙන් සැබෑ කරලීම වෙනුවෙන් හැටන් නැෂනල් බැංකුව සහ යුරෝ මෝටර්ස් (Euro Motors) පුද්ගලික සමාගම පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම සුවිශේෂී සහයෝගීතාවය හරහා HNB සතු විශේෂඥ බැංකුකරණ පළපුරුද්ද සහ යුරෝ මෝටර්ස් සමාගම මෙරටට හඳුන්වා දෙන ලොව සුප්‍රකට DONGFENG සහ JETOUR වැනි වාහන සන්නාමයන් පාරිභෝගිකයා වෙත සමීප කෙරේ. පාරිභෝගිකයින්ට නම්‍යශීලී සහ ආකර්ෂණීය මූල්‍ය හා ලීසිං විසඳුම් රැසක් හඳුන්වා දෙමින්, උසස් තත්ත්වයේ නවීන මෝටර් රථ මිලදී ගැනීමේ අවස්ථාව වඩාත් පුළුල් කිරීම මෙහි මූලික අරමුණයි.

විශ්වාසනීය මෙන්ම දැරිය හැකි මූල්‍ය විසඳුම් අපේක්ෂා කරන පාරිභෝගිකයින් දිරිමත් කරමින්, DONGFENG සහ JETOUR සන්නාමයන් ශ්‍රී ලංකාව පුරා තවදුරටත් ප්‍රචලිත කිරීම මෙම හවුල්කාරීත්වයේ අරමුණයි. මේ හරහා පෞද්ගලික මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රයන්හි වෙනස් වන ප්‍රවාහන අවශ්‍යතාවලට මැනවින් ගැළපෙන පරිදි සකස් කරන ලද, ආකර්ෂණීය ලීසිං ප්‍රතිලාභ රැසක් භුක්ති විඳීමේ අවස්ථාව ද පාරිභෝගිකයන් වෙත උදාවේ.

මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති/පාරිභෝගික බැංකුකරණ අංශ ප්‍රධානී කාංචන කරුණාගම මහතා සඳහන් කළේ “ශ්‍රී ලාංකිකයින්ට ඔවුන්ගේ ජීවිතයේ ඉලක්ක සැබෑ කරලීම වෙනුවෙන් නවීන මූල්‍ය විසඳුම් හඳුන්වා දීමට HNB අප නිරන්තරයෙන් කැපවී සිටිනවා. පාරිභෝගික අවශ්‍යතාවලට මුල්තැන දෙන සහ වඩාත් පහසු ලීසිං සේවාවන් සැපයීම උදෙසා බැංකුව දක්වන විශේෂ අවධානය යුරෝ මෝටර්ස් සමඟ ඇති කරගත් මෙම සබඳතාවයෙන් මැනවින් පෙන්නුම් කරන අතර මෙරට වඩාත්ම ගෞරවණීය මූල්‍ය ආයතනයක් ලෙස HNB සතු ශක්තිය, විශ්වාසය සහ විශිෂ්ට සේවා විශිෂ්ටත්වය තුළින් පාරිභෝගිකයින්ට උපරිම වටිනාකමක් අත්කර දිය හැකියි.” යනුවෙනි.

“HNB සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලාංකිකයින්ට ජාත්‍යන්තර මට්ටමේ වාහන පහසුවෙන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙන සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස පෙන්වා දිය හැකියි. DONGFENG සහ JETOUR වැනි වාහන සන්නාමයන් සතු උසස් ප්‍රමිතිය හා නවීන තාක්ෂණය සමඟ HNB හි මූල්‍ය ශක්තිය ඒකාබද්ධ කිරීම තුළින් ඉහළ කාර්යක්ෂමතාවක්, විශ්වාසනීයත්වයක් මෙන්ම සාධාරණ මිලක් අපේක්ෂා කරන පාරිභෝගිකයින්ට මෙය කදිම අවස්ථාවක්. මෙම සහයෝගීතාවය තුළින් පාරිභෝගික විශ්වාසය තවදුරටත් තහවුරු වන අතරම, මෙරට මෝටර් රථ ක්ෂේත්‍රය තුළ අපගේ සන්නාමයන්හි වර්ධනය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අප විශ්වාස කරනවා.” යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් යුරෝ මෝටර්ස් පුද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රවීන්ද්‍ර සේනාරත්න මහතා පැවසුවේය.

Janashakthi Finance Wins Silver at...
Lina Manufacturing wins two awards...
Sri Lanka International Insurance Summit...
MAS සමුහයේ සහ Brandix ලංකා...
Capital Trust Properties wins Asia...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
HNB FINANCE பணிப்பாளர் சபைக்கு சிவராஜா...