ශ්‍රී ලාංකීය ඇඟලූම් ක්ෂේත්‍රයේ කාන්තා ශ්‍රම දායකත්වය සවිබල ගැන්වූ ILO GEAR වැඩසටහන කාන්තා සේවා නියුත්තියේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරයි

Share

Share

Share

Share

ඇඟළුම් කර්මාන්තය ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ක්ෂේත්‍රයේ විශාලතම පංගුව නියෝජනය කරන අතර මෙරට ශ්‍රම බලකායෙන් 10%කට ආසන්න පිරිසක් ඇඟළුම් කර්මාන්තය හා සම්බන්ධ වී සිටී. එමෙන්ම ඇඟළුම් කර්මාන්තය මෙරට කාන්තා සේවා නියුක්තියෙහි හැරවුම් ලක්ෂය බවට පත් වන්නේ මෙම කර්මාන්තයට සම්බන්ධ වී සිටින ශ්‍රම බලකායෙන් 80%ක පිරිසක් කාන්තා ශ්‍රමිකයින් වන බැවිනි. ඇඟලුම් කර්මාන්තයේ ව්‍යාප්තිය සමග සීමිත රැකියා අවස්ථාවන් වෙත කොටු වී සිටි නාගරික හා ග්‍රමීය කාන්තාවන් විශාල පිරිසකට මෙරට අපනයන ආදායම් උත්පාදනයට දායක වීමට අවස්ථාව ලබා දුන් අතර ඔවුන්ගේ ජීවිත මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වීමටද විශාල දායකත්වයක් සැලසිණ. ඇඟළුම් ක්ෂේත්‍රයේ කාන්තා ශ්‍රම දායකත්වය මෙම කර්මාන්තයේ තිරසාරබව කෙරෙහි සෘජුව බලපාන බැවින් මෙම කාන්තාවන් තවදුරටත් දැනුමෙන් සහ නිපුණතාවෙන් සවිබල ගැන්වීමේ අවශ්‍යතාව දැඩිව දැණින. විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්තය ආශ්‍රිත රැකියාවන් හි නියුතු කාන්තාව එම කර්මාන්තයේ කළමනාකාරණ භූමිකාවන් වෙතට ගෙන යෑමේ අවශ්‍යතාව මෙම කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ පාර්ෂවයන් ගණනාවකගේ අදිටන විය.

විශේෂයෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රයේ කාන්තා ශ්‍රමය සවිබල ගැන්වීම සඳහා ප්‍රශස්ත වැඩසටහනක් ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව සහ ජාත්‍යන්තර කම්කරු සංගමයේ (ILO)සහායෙන් දියත් වූ අතර මෙම වැඩසටහන Gender Equality and Returns (GEAR) program ලෙස නම් වූ අතර ඇඟළුම් කර්මාන්තශාලා ආශ්‍රිත සේවා නියුක්තීන්ගේ සුබසාධනය අරුමුණු කර ක්‍රියාත්මක වූ Better Work වැඩසටහන සමග සමගාමීව මෙම GEAR වැඩසටහන ක්‍රියාවට නැංවින. ඇඟළුම් ක්ෂේත්‍රයේ රැකියාවෙහි නියුතු සේවිකාවන්ගේ වෘත්තීය අපේක්ෂාවන් ඉහළ නැංවීමේ අරමුණින්, මෙම නියමු වැඩසටහන ඇඟලූම් කම්හල් 10 ක් පුරා ක‍්‍රියාත්මක කරන ලද අතර සේවිකාවන් 106 දෙනෙකු මෙම වැඩසටහන සමග සම්බන්ධවිය.

GEAR වැඩසටහනේ සාර්ථක නිමාව සනිටුහන් කරමින් Vogue Tex, Orit Apparels සහ Hela Clothing වෙතින් මෙම වැඩසටහනට සහභාගී වූවන් ඇගයීම සඳහා සහතික ප‍්‍රදානෝත්සවයක් පසුගියදා පැවැත්විණි. ශ‍්‍රී ලාංකීය ඇඟලූම් ක්ෂේත‍්‍රයේ කාන්තාවන් නඟා සිටුවීමට සහයෝගීතා පරිසරයක් පෝෂණය කරමින්, උගත් සහ බුද්ධිමත් පරපුරක් නිර්මාණය වෙනුවෙන් මෙහිදී කටයුතු කරන ලදි. සහභාගී වූවන් අතර ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදයේ, ලංකා සේවා යෝජකයින්ගේ සම්මේලනයේ සහ කළමනාකරණ කාන්තාවන් නියෝජිතයින් ඇතුළත් විය.

GEAR වැඩසටහන සමග සම්බන්ධ වෙමින් අදහස් දැක්වූ කොක්ගල වෝක් ආයතනයේ චන්ද්‍රිකා චතුරානි “මම මෙම ආයතනය සමඟ සම්බන්ධ වුණේ 2021 වසරේ දී. ඒ වෙද්දි මම සාමාන්‍ය ඇඟලූම් සේවිකාවක් ලෙස තමයි කටයුතු කළේ. නමුත් දැන් මම විධායක නිලධාරිනියක් ලෙස මෙම ආයතනයේ සේවය කරනවා. ඒ ගමනේදී මට ලොකුම ශක්තිය වුණේ GEAR වැඩසටහනෙන් ලැබුණු දැනුම සහ පන්නරය. ධනාත්මක සංකල්ප කියන්නේ මොනවද කිලාවත් නොදැන හිටිය මට මෙම වැඩසටහන තුළින් ධනාත්මකව හිතන්න කියලා දුන්නා.” යනුවෙන් ඇය ඉතාමත් ආඩම්බරයෙන් ප‍්‍රකාශ කළාය.

සහෝදර සේවක ප‍්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන ආකාරය, ඔවුන්ගේ ප‍්‍රශ්න හදුනාගන්නා ආකාරය, ඉහළ නිලධාරීන් සමඟ සංවාදයක් ගොඩනගාගන්නා ආකාරය සහ අපගේ දැනුම සහ අත්දැකීම් ආයතනික කටයුතු වෙනුවෙන් ඵලදායීව යොදාගන්නා ආකාරය වැනි වැදගත් කරුණු GEAR වැඩසටහන තුළින් තමන් උගත් වැදගත් පාඩම් කිහිපයක් යැයි ඇය පැවසුවාය.

මෙම වැඩසටහන හා සම්ඉන්ධ වූ දුම්මලසූරිය ඔරිට්ස් ඇපරල් ආයතනයේ සේවය කරන සදුනි සංජනා අදහස් දක්වමින් “ මම 2017 වසරේ මෙම ආයතනයට සම්බන්ධ වුණේ Training line operator කෙනෙකු විදිහට. මේක මගේ පළමු රැකියාව. ඇඟලූම් අංශයේ රැකියාවකට එද්දි බොහෝ පිරිසක් ඒ ගැන අවතක්සේරුවෙන් සැලකුවා. නමුත් මම මගේ ජීවිතයට ශක්තිමත් පදනමක් දමා ගත්තෙ මෙම රැකියාව නිසා. රටට ඩොලර් ගෙනෙන ප‍්‍රධානතම මාර්ගයක් වන මෙහි කොටස්කරුවෙකු වීමට ලැබීම ඇත්තටම මට සතුටක්. GEAR වැනි වැදගත් වැඩසටහනකට ද මට සම්බන්ධ වෙන්න ලැබුණෙ මෙම රැකියාවට එක්වුණ නිසා. අද වන විට Training supervisor කෙනෙකු ලෙස ඉතාමත් ආඩම්බරයෙන් කටයුතු කරන්නේ මෙම වැඩසටහනෙන් ලැබුණ ශක්තිය නිසා.” යනුවෙන් ඇය පැවසුවාය.

“මම මීට වසර 11 කට පෙර මෙම ආයතනයට සම්බන්ධ වුණේ Training machine operator කෙනෙකු විදිහට වුණත් දැන් පුහුණු වන නිෂ්පාදන විධායක නිළධාරිනියක්. ඇත්තෙන්ම අපේ ක්ෂේත‍්‍රයේ බහුතරයක් ඉන්නේ කාන්තාවන්. නමුත් ඒ අතරින් නායකත්වය කරා එන්නේ අතළොස්සයි. GEAR වැනි වැඩසටහන් තුළින් කාන්තාවන්ව නායකත්වයන් කරා ඒමට දිරිගන්වනවා. මෙම වැඩසටහන හරහා අපේ මෘදු කුසලතා වර්ධනය වුණා වගේම බය නැතුව ඉදිරියට යන සහ ධනාත්මක ආකල්ප ඇති කරගන්න ආකාරය කියලා දුන්නා. ඒ වගේම රැකියා ජීවිතය සහ පෞද්ගලික ජීවිතයත් සමබලව පවත්වාගෙන යන්න GEAR වැඩසටහන මට උදවු වුණා. කාන්තාවන් අනිවාර්යෙන්ම මෙවැනි වැඩසටහන් වලට සහභාගී විය යුතු බවත් ඒ හරහා අපට පැහැදිලි අනාගතයක් උදාකරගත හැකි බවත් මම කියන්න කැමතියි.” යනුවෙන් උකුවෙල හෙළ ආයතනයේ මයුමි ප්‍රියංගිකා පැවසීය.

GEAR වැඩසටහන මගින් ඇඟලූම් සේවිකාවන්ට ඔවුන්ගේ ප‍්‍රගතිය සහ නායකත්ව භූමිකාවන්හි සාර්ථකත්වය වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහ වෙනත් කුසලතා පිළිබඳ නිපුණත්වය ලබා දෙයි. ඉලක්කගත පුහුණු සැසි හරහා, සහභාගිවන්නන්ගේ සංස්කෘතික හා ආයතනික වෙනස්කම් පෝෂණය කිරීම, ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය ආමන්ත‍්‍රණය කිරීම සහ කාන්තා කුසලතා හඳුනා ගැනීම, ප‍්‍රවර්ධනය කිරීම සහ රඳවා තබා ගැනීම ප‍්‍රවර්ධනය කිරීම සඳහා කළමනාකරුවන් සමඟ සම්බන්ධ වී ඇත. මීට අමතරව මෙම වැඩසටහන හරහා රැකියා ස්ථානයේ ප‍්‍රායෝගික පුහුණුව සහ පුහුණු සැසි සමඟ සම්බන්ධ වී නායකයින් ලෙස පුහුණුවන්නන්ගේ විශ්වාසය ගොඩනැගීමට වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති අතර, ඔවුන්ගේ කුසලතා වඩාත් බලපෑම්සහගත ලෙස භාවිතා කිරීමට සහ අඛණ්ඩව වැඩිදියුණු කිරීමට ඔවුන්ට හැකි වනු ඇත.

 

தகுதியற்ற உள்ளடக்கத்திலிருந்து உயர்ந்த பாதுகாபை வழஙகும்...
வாகன நிதித்துறையில் புரட்சியை ஏற்படுத்த UNIMO...
உங்களது வங்கி விருப்பத்திற்கேற்ப ‘HNB Self-onboarding’ஐ...
Kaspersky Safe Kids proves superior...
Samsung Unveils Galaxy M14 LTE...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
HNB රථ වාහන ෆිනෑන්ස් සේවාවේ...