සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම සිය 21 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය (RO Plant) කුරුණෑගල, නක්වත්තාගම දී විවෘත කරයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ සුරක්ෂිත පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමට දරන අඛණ්ඩ කැපවීමේ ප්‍රයත්නයක් ලෙස සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ආයතනික සමාජ සත්කාරක (SFG) අංශය වන සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම (CSR) සිය 21 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය (RO Plant) කුරුණෑගල, නක්වත්තාගම කණිෂ්ඨ විද්‍යාලයේදී පසුගියදා විවෘත කළේය.

සන්ෂයින් ප්‍රජා සත්කාර පදනමෙ හි ප්‍රමුඛතම ව්‍යාපෘතිය වන “දිය සරණ” ව්‍යාපෘතියේ කොටසක් වන මෙමගින් පාසල් දරුවන් ඇතුළු 2,500 කට අධික පිරිසකගේ සුරක්ෂිත පානීය ජල අවශ්‍යතාවය සපුරාලනු ඇත. එමෙන්ම ග්‍රාමීය ජනතාවගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට සහ නිදන්ගත වකුගඩු රෝගය (CKDu) වැනි ජලය ආශ්‍රිත රෝග අවම කිරීමටද මෙය අරමුණු කරයි. සන්ෂයින් හෝල්ඩින්ග්ස් උප සභාපති විෂ් ගෝවින්දසාමි මහතා විසින් මෙම ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය (RO Plant) නිල වශයෙන් ජනතා අයිතියට පත් කරන ලදී.

21 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය (RO Plant) විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් ආයතනික සන්නිවේදන සහ සමාජ සත්කාරක අංශයේ කළමනාකාරිනී ලලන්ති රාජපක්ෂ මහත්මිය පැවසුවේ “ජලය යනු ජීවිතයට අත්‍යවශ්‍ය සාධකයක්, නමුත් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල බොහොමයක් ජනතාවට සුරක්ෂිත පානීය ජලය සපයා ගැනීමේ ගැටලු තිබෙනවා. නක්වත්තාගම මෙම ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය හුදෙක් ජලය පිරිසිදු කිරීමේ පද්ධතියකට එහා යමින් ප්‍රජාවට වඩාත් සෞඛ්‍යමත් දිවි පැවැත්මක් සහතික කිරීමේ අපගේ නොසැලෙන කැපවීම පෙන්නුම් කරනවා. අපගේ දියසරණ වැඩසටහන යටතේ සිදු කරනු ලබන සෑම ව්‍යාපෘතියක් සමඟින් කල් පවත්නා වෙනසක් ඇති කරන තිරසාර විසඳුම් හරහා ජීවිතවලට යහපත් දේ ගෙන ඒම අපගේ අරමුණයි.” යනුවෙනි.

සුරක්ෂිත පානීය ජලය සැපයීම සඳහා SFG දරන උත්සාහයන්, ග්‍රාමීය ප්‍රජාවගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීමේ එහි තවත් එක් පියවරකි. සිය පළමු ජල පිරිපහදු ඒකකය කතරගම ස්ථාපිත කිරීමෙන් පසු සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම අද වන විට දීප ව්‍යාප්තව ජල පිරිපහදු ඒකක 21ක් සාර්ථකව ස්ථාපිත කර ඇත. තවද මෙම සෑම ජල පිරිපහදු ඒකකයක්ම “පිරිසිදු ජලය සහ සනීපාරක්ෂාව” (Clean Water and Sanitation) යන එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කය (UN SDG) සමඟ පෙළගැසී ඇති අතර සියලු දෙනාට ආරක්ෂිත සහ දැරිය හැකි පානීය ජලය සඳහා සාධාරණ හා සමාන ප්‍රවේශයක් ඇති බව සහතික කිරීමට SFG කැපවී සිටී.
සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි සන්ෂයින් ප්‍රජා සත්කාර පදනමල සෞඛ්‍ය සහ අධ්‍යාපනය යන ප්‍රධාන අංශ දෙක කෙරෙහි අවධානය යොමු කරමින් සේවකයින්, කොටස්හිමියන් සහ ප්‍රජාවන් නගා සිටුවීමේ එක අරමුණක් යටතේ සමූහයට අයත් සියලුම ආයතනවල SFG වැඩසටහන් ඒකාබද්ධ කරයි.

ஜனசக்தி பைனான்ஸ், பெண்களின் புத்திசாதுரியமான நிதி...
Janashakthi Foundation and President’s Fund...
ජනශක්ති පදනම සහ ජනාධිපති අරමුදල...
Samsung இன் புதிய Galaxy A57...
Stopping Financial Fraud Before It...
Janashakthi Life strengthens commitment to...
HNB FINANCE PLC, BMPC 2026...
City of Dreams Sri Lanka,...
Janashakthi Life strengthens commitment to...
HNB FINANCE PLC, BMPC 2026...
City of Dreams Sri Lanka,...
බ්‍රිතාන්‍යයේ දොරටු විවරවීමත් සමගම මෙහි...