සන්ෂයින් හෝල්ඩින්ග්ස් සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳ සේවා සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ‘Smart Life Challenge’ වැඩසටහන සාර්ථකව අවසන් කරයි

Share

Share

Share

Share

විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් සිය සාමාජික සාමාජිකාවන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණය කරන ලද ත්‍රෛමාසික වැඩසටහනක් වන ‘Smart Life Challenge’ හි පළමු අදියර සාර්ථකව අවසන් කළේය. සමූහයේ මානව සම්පත් සහ පාරිසරික, සමාජ හා පාලන (ESG) අංශය විසින් ආරම්භ කරන ලද මෙම විශේෂ වැඩසටහන සඳහා සමූහයේ සියලුම ව්‍යාපාරික ඒකක නියෝජනය කරමින් සාමාජික සාමාජිකාවන් සහභාගී වූ අතර මේ හරහා ඔවුන්ට සෞඛ්‍ය සම්පන්න පුරුදු අනුගමනය කිරීමට, ශාරීරික හා මානසික යහපැවැත්ම වැඩිදියුණු කිරීමට සහ ශක්තිමත් කණ්ඩායම් හැඟීමෙන් යුතුව කටයුතු කිරීමට දිරිගැන්වීය.

මෙම උත්සවයේදී මෙයට සහභාගී වූ සියලුම සාමාජික සාමාජිකාවන්ගේ කැපවීම සහ ජයග්‍රහණ සැමරීමට කටයුතු කරන ලදී. Smart Wellness Solutions (පුද්) සමාගමේ වෛද්‍ය රංගික හෙට්ටිගේ සහ පුහුණුකරු සංදීප ශානක යන මහත්වරුන් විසින් මෙහිදී සෞඛ්‍ය සහ සුවතා සැසියක් පවත්වන ලද අතර සමබර හා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුන්ගේ වටිනා අදහස් සහභාගීවූවන් සමඟ බෙදාහදා ගන්නා ලදී.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් සන්ෂයින් ෆාමසූටිකල්ස් හි ප්‍රධාන විධායක නිලධාරී ශාන්ත බණ්ඩාර මහතා පැවසුවේ ‘’මෙම වැඩසටහන සමූහයේ සාමාජික සාමාජිකාවන්ගේ ශරීර සෞඛ්‍යය වැඩිදියුණු කිරීම සඳහා පමණක් නොව කණ්ඩායම් අතර බැඳීම් ශක්තිමත් කිරීමට ද උපකාරී වුණා. ධනාත්මක හා ඵලදායී සේවා ස්ථානයක් පවත්වා ගැනීම සඳහා සේවක යහපැවැත්මට අත්‍යවශ්‍ය බව සන්ෂයින් හි අප විශ්වාස කරනවා.’’ යනුවෙනි.

මෙම වැඩසටහනට සහභාගී වී ඉහළ දක්ෂතා දැක්වූ සාමාජික සාමාජිකාවන් ඇගයීමට ලක් කිරීමෙන් මෙම උත්සවය අවසන් විය. මෙහිදී Healthguard Distribution හි ටිහාන් මධුසංක ඔහුගේ කැපී පෙනෙන පෞද්ගලික දක්ෂතාවය වෙනුවෙන් ‘Best Transformer’ සම්මානය දිනා ගත්තේය. ෆාමසූටිකල්ස් අංශයේ Pharma Team 1 හි සියලුම සාමාජිකයින් විසින් අඩු කර ගත් මුළු බර සඳහා ‘Champion Team’ සම්මානය හිමි විය. මේ අතර මෙම වැඩසටහන පුරාවට ඔහු විසින් ප්‍රදර්ශනය කළ සුවිශේෂී කැපවීම සහ උද්යෝගය අගයමින් සන්ෂයින් ෆාමසියුටිකල්ස් හි තිරුචෙල්වනේසම් ලෝගරාජ් හට ‘Most Committed Participant’ සම්මානය පිරිනමන ලදී.

තවද මෙම වැඩසටහනට සහභාගී වූ සියලුම සාමාජික සාමාජිකාවන් සති දෙකකට වරක් වෘත්තීය පුහුණුකරුවන් සහ පෝෂණවේදීන් විසින් මෙහෙයවනු ලබන යෝග්‍යතා සැසිවලට සම්බන්ධ විය. මෙම වෘත්තීය පුහුණුකරුවන් සහ පෝෂණවේදීන් විසින් එක් එක් පුද්ගලයාගේ යෝග්‍යතාවයට සරිලන අවශ්‍ය උපදෙස් සහ සහාය ලබා දෙන ලදී.

‘Smart Life Challenge’ වැඩසටහනේ මෙම අදියරේ සාර්ථකත්වයත් සමඟ සන්ෂයින් හෝල්ඩින්ග්ස් මෙම වැඩසටහන සමූහයේ සාමාජික සාමාජිකයින්ගේ සෞඛ්‍ය හා යහපැවැත්ම ධනාත්මක වෙනසකට ලක් කර ඇති ආකාරය අගය කළේය. සෞඛ්‍ය සම්පන්න සහ ඵලදායී ශ්‍රම බලකායක් පවත්වා ගැනීම සඳහා සමූහයේ දැඩි කැපවීම ද මෙයින් මනාව පෙන්නුම් කරයි.

Hope Is Just a Scroll...
Hope Is Just a Scroll...
Samsung Sri Lanka 2026 අලෙවි...
වාහන සඳහා මූල්‍ය පහසුකම් සැලසීමට...
ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය...
Dear Besties, Your Long-Weekend Plans...
රක්ෂණ ක්ෂේත්‍රයේ ශක්තිය, සහයෝගීතාව සහ...
උතුරු පළාතේ ආ¾ථික ව¾ධනයට උරදෙමින්...
Dear Besties, Your Long-Weekend Plans...
රක්ෂණ ක්ෂේත්‍රයේ ශක්තිය, සහයෝගීතාව සහ...
උතුරු පළාතේ ආ¾ථික ව¾ධනයට උරදෙමින්...
விற்பனை மற்றும் பங்களிப்பில் சிறந்து விளங்கிய...