සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි විකුණුම් විශිෂ්ටයින්ට SLIM ජාතික විකුණුම් සම්මාන 2024 හිදී ජයග්‍රහණ රැසක්

Share

Share

Share

Share

සන්ෂයින් හෝල්ඩින්ග්ස් තවත් සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරමින් පසුගියදා පැවති වාර්ෂික SLIM ජාතික විකුණුම් සම්මාන 2024 හිදී සමාගමේ විශිෂ්ටතම විකුණුම් වෘත්තිකයන් 14 දෙනෙකු ඇගයීමට ලක් විය. එහිදී ඔවුන් ‘වසරේ විශිෂ්ටතම කලාපීය කළමනාකරු’ සම්මානය ඇතුළුව රන් සම්මාන 3ක්, රිදී සම්මාන 6ක් සහ ලෝකඩ සම්මාන 5ක් තමන් සතු කරගැනීමට සමත් විය. මෙම ජයග්‍රහණ සන්ෂයින් සමූහය තම කණ්ඩායම් තුළ දක්ෂතා වර්ධනය කිරීමට සහ විශිෂ්ටත්වය මෙහෙයවීමට දක්වන කැපවීම පෙන්නුම් කරන කදිම නිදසුනකි.

මෙම සම්මාන හිමිකර ගනු ලැබුවේ Sunshine Consumer Lanka සහ Sunshine Healthcare Lanka හි ඖෂධ, වෛද්‍ය උපාංග, හෙල්ත්ගාඩ් ෆාමසි සහ බෙදාහැරීමේ අංශ ඇතුළු විකුණුම් කණ්ඩායම් විසිනි. වෙළඳපල අභියෝග මධ්‍යයේ වුවද ඔවුන්ගේ සුවිශේෂී දායකත්වය සමාගමේ අඛණ්ඩ සාර්ථකත්වයට හේතු විය. මෙම සම්මාන මගින් සමාගමේ සාර්ථකත්වය සහ පාරිභෝගිකයින්ට ඵලදායී ලෙස සේවය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි අලෙවි බලකායේ කැපී පෙනෙන දක්ෂතා සහ සාමූහික ශක්තිය යන දෙකම මැනවින් පිළිබිඹු කරයි.

මෙම ජයග්‍රහණ පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් සමූහයේ ප්‍රධාන විධායක නිළධාරී ශ්‍යාම් සතාසිවම් මහතා පැවසුවේ “සමාගම වර්ධනය වීමට සහ සාර්ථක වීමට උපකාරී වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් කණ්ඩායමේ සුවිශේෂී කුසලතා සහ අධිෂ්ඨානය 2024 SLIM ජාතික විකුණුම් සම්මාන මගින් පෙන්නුම් කරනවා. මෙම සෑම සම්මානයක් තුළින්ම අපගේ විකුණුම් විශිෂ්ටයින්ගේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම, අඛණ්ඩ කැපවීම සහ අභියෝගවලට සාර්ථකව මුහුණ දීම පිළිබිඹු කරන අතර කැපවීම තුළින් ඔවුන් අඛණ්ඩව කැපී පෙනෙන ප්‍රතිඵල ලබා දෙනවා. සන්ෂයින් සමාගම තුළ උසස් ප්‍රමිතීන් සහ අඛණ්ඩ වර්ධනය දිරිමත් කරන අතර සාමූහිකව සාර්ථකත්වය අත්කර ගැනීමට කණ්ඩායම දරන උත්සාහයන් ගැන මා ඉතා ආඩම්බර වනවා.’’ යනුවෙනි.

Healthguard Distribution හි ජ්‍යෙෂ්ඨ Modern Trade කළමනාකරුවෙකු වන උදුල කරුණාරත්න ‘වසරේ විශිෂ්ටතම කලාපීය කළමනාකරුවා’ යන කාණ්ඩය යටතේ රන් සම්මානය දිනා ගැනීම මෙම සම්මාන උළෙලේදී කැපී පෙනුණි. මෙම සම්මානයට අමතරව ඔහු ‘හෙල්ත්කෙයාර් සඳහා වසරේ කලාපීය කළමනාකරුවා’ කාණ්ඩය සඳහා තවත් රන් සම්මානයක් දිනා ගැනීමට සමත් විය. තවද හෙල්ත්ගාඩ් ෆාමසි හි අලෙවිසැල් අධීක්ෂක, ඉසුරු මදුශංක සහ Healthguard Distribution හි විකුණුම් විධායකයෙකු වන මේරියන් ලෝරන්ස් ද ඔවුන්ගේ අදාල කාණ්ඩ වෙනුවෙන් රන් සම්මාන දිනා ගත්හ.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් වාර්ෂිකව පවත්වනු ලබන ජාතික විකිණුම් සම්මාන උළෙල යනු ශ්‍රී ලංකාවේ සියළුම ව්‍යාපාර ක්ෂේත්‍රවල විකිණුම් වෘත්තිකයින්ගේ සාර්ථකත්වය ඇගයීමට ලක් කරන ප්‍රධානතම සම්මාන උළෙලකි. දශක දෙකකට වැඩි කාලයක් පුරාවට මෙම සම්මාන උළෙලේදී විවිධ කර්මාන්තවල කැපී පෙනෙන විකුණුම් වෘත්තිකයන් ඇගයීමට ලක් කර ඇති අතර දකුණු ආසියානු කලාපයේ හොඳම විකුණුම් සම්මාන උළෙලක් ලෙස අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව විකිණුම් වෘත්තිකයන් හඳුනාගනිමින් ඇගයීම සිදුකරනු ලබයි.

මෙම වසරේ SLIM ජාතික විකිණුම් සම්මාන උළෙලේදී සන්ෂයින් හෝල්ඩින්ග්ස් ලබා ගත් සාර්ථකත්වය, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ලෝකයේ වර්ධනය වීමට සහ නව ප්‍රමිතීන් සැකසීමට සමාගමේ කණ්ඩායම් සවිබල ගැන්වීම සඳහා ඇති කැපවීම පෙන්නුම් කරයි.

“ஒவ்வொரு கண்டத்திற்கும் ஒரு சிகரம் –...
அமெரிக்காவின் புதிய தீர்வை வரி அறிவிப்பு...
Sri Lanka Unlocks New Market...
Sampath Bank Launches Priority Reserve...
2025 වසරේ මැයි මස අපනයන...
Shantha Bandara Appointed President at...
கண்கவர் திருமண கனவுகளை நனவாக்க Weddings...
Capital Trust named one of...
Shantha Bandara Appointed President at...
கண்கவர் திருமண கனவுகளை நனவாக்க Weddings...
Capital Trust named one of...
Dankotuwa Porcelain partners Kiros Hospitality...