සැම්සුන් ගැලැක්සි One UI 6.1 තුළින් S24 සිට AI දක්වා විශේෂාංග රැසක් අත්විඳින්න

Share

Share

Share

Share

සැම්සුන් ඉලෙක්ට්‍රොනික් විසින් හඳුන්වා දෙනු ලැබූ නවතම විශේෂාංගය වන One UI 6.1 තුළින් දැන් Galaxy AI සිට ස්මාර්ට් ජංගම දුරකතන හා උපාංග දක්වා නවමු අත්දැකීමක් විඳගැනීමට හැකි බව නිවේදනය කර සිටියි. සැම්සුන්, සිය Galaxy S24 නිෂ්පාදන පෙළ සමඟ හඳුන්වා දුන් නවතම AI අත්දැකීම Galaxy S22 නිෂ්පාදන පෙළ, Galaxy Z Fold4 සහ Galaxy Z Flip4 යන foldable දුරකතන සහ Galaxy Tab S8 ටැබ්ලට් නිෂ්පාදන පෙළ වෙත ද ගෙන ඒමට මේ තුළින් සමත් වනු ඇත.

මෙම නවතම One UI 6.1 යාවත්කාලීන විශේෂාංගය තුළින් ලොව පුරා සිටින පරිශීලයින් හට Google සමඟ Circle” Chat Assist, Interpreter, Live Translate, Note Assist, Transcript Assist, Browsing Assist, Generative Edit, Edit Suggestion සහ AI-Generated Wallpaper යන සේවාවන් ලබා ගත හැකි වනු ඇත.

කරදරයකින් තොර පහසු සන්නිවේදනයක් තුළින් උපරිම සාර්ථකත්වයක්

Galaxy AI හි ඇති විශේෂත්වය වන්නේ ඕනෑම භාෂාවකින් සරලව පණිවිඩ බෙදා හැරීමට ඇති හැකියාවයි. මේ හේතුව නිසා ඉතා ඉතා හොඳ සන්නිවේදනයක් සපුරා ගැනීමට පරිශීලකයින්ට හැකියාව උදා වේ. විදේශ සංචාරයන්හිදී භාෂාව පිළිබඳව බියට පත් විය යුතු නොමැති අතර ඒ සඳහා කතා කරන භාෂාව පරිවර්තනය වී තිරයක සටහන් වීම සිදු වේ. එහිදී සජීවී සංවාදයන්හිදී සැණෙකින් පරිවර්තනයන් ලබා දෙන මෙහි Chat Assist තුළින් විවිධ භාෂාවලින් පණිවිඩ යැවීමට හා පණිවිඩයෙහි ස්වභාවය වෙනස් කිරීමට හැකියාව උදා වේ.

ඵලදායීතාවයෙන් හා ඉහළ තොරතුරු ප්‍රවේශයකින් පරිශීලකයින්ට වැඩි ප්‍රයෝජනයක් ලබා දෙන මෙහි Google සමඟ Circle සෙවීම තුළින් පහසුවෙන් සමාජ මාධ්‍ය සමඟ කටයුතු කිරීමේ අවස්ථාව උදා වන අතර Note Assist විශේෂාංගය තුළින් විස්තර සාරාංශ කර ගැනීමේ පහසුව අත්කර දෙනු ලබයි. තවද Browsing Assist තුළින් සිදු කරනු ලබන්නේ වෙබ් පිටුවල ලිපි සාරාශ ගත කිරීම වන අතර Transcript Assist තුළින් රැස්වීම් තොරතුරු වැනි දේ සාරාංශ ගත කිරීමට අවස්ථාව සළසා දෙයි.

 

BYD මඩකලපුවේ නව ප්‍රදර්ශනාගාරයක් විවෘත...
A Milestone Driven by Customer...
Samsung Sri Lanka Celebrates Retail...
Hyundai වාහන සඳහා සුවිශේෂී ලීසිං...
SHRM strengthens Sri Lanka presence,...
Momentro Expands AI-Led Impact Across...
Advantis අනුග්‍රහයෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ Falcon...
වේගවත් වර්ධනයක්, විශ්වාසවන්ත සේවාවක්: JKCG...
Momentro Expands AI-Led Impact Across...
Advantis අනුග්‍රහයෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ Falcon...
වේගවත් වර්ධනයක්, විශ්වාසවන්ත සේවාවක්: JKCG...
Kandy Myst by Cinnamon Presents...