සිටි පදනම (Citi Foundation) නවෝත්පාදන අභියෝගය ආරම්භකිරීම ප‍්‍රදානලාභීන්ට නිවේදනය කරයි

Share

Share

Share

Share

ගෝලීය වශයෙන් ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීමට නියමු හෝ උත්පේ‍්‍රරක විසඳුම් ව්‍යාප්තකිරීමට සංවිධාන 50 කට ඇමරිකානු ඩොලර් මිලියන 25 ක් ප‍්‍රදානය කෙරේ

සිටි පදනම ප‍්‍රදානලාභීන් සඳහා පළමුවරට එහි ගෝලීය නවෝත්පාදන අභියෝගය නිවේදනය කරයි. ලොවපුරා අඩු -ආදායම්ලාභී ප‍්‍රජාවන් මුහුණදෙන සමාජ‐ ආර්ථික අභියෝග ජයගැනීමට නව්‍ය විසඳුම් සම්පාදනය කිරීමේ යෙදී සිටින ප‍්‍රජා සංවිධානවලට ජනහිතකාමී ආධාර හඳුනාගැනීමට සහ සැපයීම පිණිස නව මාදිළියක් වනු ඇත.

ශ‍්‍රී ලංකාවේ, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනට සිටි පදනම ඇමරිකානු ඩොලර් 500,000 ක් සාර්ථකව ප‍්‍රදානය කර ඇත. එම මුදල් යොදවන්නේ තාක්ෂණය පාදක කරගත් ගොවිතැන්කිරීම, කිසිවෙකුත් අත්නොහරින මූල්‍ය පහසුකම් සහ සේවා සඳහා ප‍්‍රවේශය සැපයීම් හඳුන්වාදෙමින් ශ‍්‍රී ලංකාවේ සුළු පරිමාණයෙන් ගොවිතැනෙහි යෙදෙන කාන්තාවන්ට ආධාර කිරීමටයි. මෙම ව්‍යාපෘතියට ඉදිරි දෙවසර තුළ ඵලදායිතාව සහ ප‍්‍රජාව සතු ඔරොත්තුදීමේ ශක්තිය වැඩිදියුණුකරන පරිසර මිතුරු කෘෂිකාර්මික ශිල්පක‍්‍රම ඉගැන්වීම අයත්වෙයි.

ශ‍්‍රී ලංකාවේ, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ඇතුළු ප‍්‍රදානලාභී සංවිධාන 50 ප‍්‍රමුඛ ක්ෂේත‍්‍ර 4 ක වැඩසටහන් සම්පාදනයට ආධාර කරයි: ආහාර සඳහා ප‍්‍රවේශය, ලබාගැනීමට ආහාර පැවතීම, දැරියහැකි මිලකට ලබාගතහැකිවීම සහ ප‍්‍රජාවගේ ඔරොත්තුදීමේ ශක්තිය. නවෝත්පාදන පරාසයට නාගරික උද්‍යාන පිහිටුවීම පිණිස නව තාක්ෂණය හා තිරසර ගොවිතැන් ක‍්‍රම ගැන මගපෙන්වීමට ආහාර සැපයුම සහ ඉල්ලූම සම්බන්ධකරන ඇප්ස් දියත්කිරීමේ සිට තවත් දේ ඇතුළත් වෙයිග

දෙවසරක කාලය තුළ, ප‍්‍රදානලාභියාට ලාභ නොලබන නිර්මාණ මැදිරියක් වන IDEO.org විසින් පහසුකම් සපයන ප‍්‍රජා ඉගෙනුමකට ප‍්‍රවේශය ඇත. ඩිජිටල් වේදිකාවක් සහ තොරතුරු රැස්කිරීමේ, තේරීමේ සහ ඉදිරිපත්කිරීමේ අත්දැකීම් කට්ටලයක් මගින් ප‍්‍රදානලාභින්ට සහයෝගිතාවයෙන් වැඩකිරීමට, උගත් පාඩම් බෙදාගෙන කටයුතු කිරීමට සහ ප‍්‍රශස්ත භාවිතයන් හුවමාරුකරගැනීමට අවස්ථාවක් උදාවෙයි.

ශ‍්‍රී ලංකාවේ, සිටි සංවිධානයේ නියෝජිත රවින් බස්නායක මහතා මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශ කළේ ”සිටි සංවිධානයේ අපගේ අපේක්ෂාව වන්නෙ අපගේ සේවාදායකයන්ගේ සහ අපත් කොටසක් බවට පත්ව සිටින ප‍්‍රජාවගේ වර්ධනය හා ප‍්‍රගතිය උදෙසා ශක්තිය ලබාදීමයි. මීට දශක හතරකට පෙර අපගේ සංවිධානය ආරම්භ කළ අවස්ථාවේ සිට මෙම අපේක්ෂාව අපගේ එක් ප‍්‍රමුඛතාවයක් විය. සිටි පදනමේ ජනහිතකාමී ප‍්‍රාග්ධනය රටේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ගැටළු ආමන්ත‍්‍රණය කරමින් තිරසර කෘෂිකාර්මික භාවිතයන් නවීකරණය කිරීමට සහ දිරිගැන්වීමට ඇති අවශ්‍යතාවට ආධාරකිරීමට අවස්ථාව ලබාදීම ගැන අපි මහත්සේ සතුටට පත්වෙමු.”

ශ‍්‍රී ලංකාවේ, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනට සපයන ලද ප‍්‍රදානය ගැන අදහස් පළකළ එම වැඩසටහනේ මෙරට නේවාසික නියෝජිත අශුසා කුබෝටා මහත්මිය ”කෘෂිිකර්ම අංශය ශ‍්‍රී ලංකාවේ සමාජ‐ආර්ථික අර්බුදයේ මහත් පීඩාව ඉසුලූ අංශය වූ හෙයින්, ජීවනෝපායන් විවිධාංගීකරණ සහ විශේෂයෙන් කාන්තාවන් නායකත්වය දරන ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ඉලක්කගත කරමින් තිරසර ආදායමක් උපයාගැනීම සහතික කිරීම පිණිස ව්‍යවසායකත්ව වැඩසටහන් හඳුන්වාදෙමින්, ඉතා ඉක්මනින් යථාතත්වයට පත්වීම පිණිස මෙම ව්‍යාපෘතිය මගින් ආධාර සපයයි. කලාපීය සහ දේශීය වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන දරන ප‍්‍රයත්නවලදී දිගුකාලීන හවුල්කරුවෙකු බවට සිටි පදනම පත්වී සිටි. ක්ෂුද්‍ර සහ ගෘහස්ථ කර්මාන්ත සහ කාන්තාවන්ගේ ජීවනෝපායන් ශක්තිමත්කිරීම මාර්ගයෙන් ආහාර සුරක්ෂිතතාව උදාකරගැනීම පිණිස ශ‍්‍රී ලංකා රජය සහ වෙනත් සංවර්ධන හවුල්කරුවන් දරන ප‍්‍රයත්නය සවිබලගැන්වීමට අනුපූරණය කිරීමට අපි අපේක්ෂා කරමු.”

සිටි පදනම

සිටි පදනම ලොවපුරා අඩු- ආදායම්ලාභී ප‍්‍රජාවන්ගේ ආර්ථික ප‍්‍රගතිය සහ ජීවන තත්වය නගාසිටුවීමට ක‍්‍රියාකරයි. අපි මූල්‍යමය වශයෙන් කිසිවෙකුත් අත්නොහරින, තරුණ ප‍්‍රජාව වෙනුවෙන් රැුකියා අවස්ථා උදාකරන, ආර්ථික වශයෙන් උද්දීප්තවූ ප‍්‍රජාවන් ගොඩනැගීම පිණිස වන නව්‍ය ප‍්‍රවේශයන් වැඩිකරන ප‍්‍රයත්නයන්හි ආයෝජනය කරමු.

සිටි පදනමේ ”ජනහිතකාමිත්වයට වඩා” යන එළැඹුම මගින් සිටි පදනමේ සහ එහි සේවක පිරිස සතුව ඇති අතිවිශාල විශේෂඥ ඥානය අපගේ මෙහෙවර සපුරාලීම සහ නායකත්වය සහ නවෝත්පාදන සංකල්පනාව මෙහෙයවීම උත්පේ‍්‍රරණය කරයි. වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න visit www.citifoundation.com

සිටි පදනමේ ගෝලීය නවෝත්පාදන අභියෝගය සමාරම්භය ගැන

2023 පෙබරවාරි මාසයේදී, එහි ඉතිහාසයේ පළමුවරට, ගෝලීය යෝජනා කැඳවීමක් නිකුත් කළේය. රටවල් 80 ක වැඩි සංඛ්‍යාවක සිය කාර්යයන් ඉටුකරන සංවිධානවලින් 1000 කට වැඩි යෝජනා ඉදිරිපත් කරන ලදී.

සිටි පදනමේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නවෝත්පාදන අභියෝගය ,සිටි පදනම ඵලදායිතාව වර්ධනය කිරීම පිණිස සුළු ගොවීන්ට උදව්කරන සංවිධානවලට මුදල්යෙදවීම දීර්ඝකරමින් ඩිජිටල්කරණයෙන් ගෙවීම් විසඳුම් සම්පාදනය පිණිස සේවාදායකයන් සමඟ වැඩකිරීමෙන් මෙම අවකාශයේ ලබාසිටින ප‍්‍රබල අතීත කාර්යසාධනය අනුපූරණය කරයි.

ගෝලීය නවෝත්පාදන අභියෝගය සහ ප‍්‍රදානලාභීන්ගේ සම්පූර්ණ විස්තරයක් දැනගැනීම පිණිස වැඩි තොරතුරු ලබාගැනීමට කරුණාකර citifoundation.com/challenge වෙබ් අඩවියට පිවිසෙන්න.

 

 

 

 

 

தகுதியற்ற உள்ளடக்கத்திலிருந்து உயர்ந்த பாதுகாபை வழஙகும்...
வாகன நிதித்துறையில் புரட்சியை ஏற்படுத்த UNIMO...
உங்களது வங்கி விருப்பத்திற்கேற்ப ‘HNB Self-onboarding’ஐ...
Kaspersky Safe Kids proves superior...
Samsung Unveils Galaxy M14 LTE...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
HNB රථ වාහන ෆිනෑන්ස් සේවාවේ...