කොකා-කෝලා පදනම සහ වර්ල්ඩ් විෂන් ලංකා එක්ව ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරන්නන් හා ප්‍රතිචක්‍රීයකරණය වෙනුවෙන් ක්‍රියාත්මක කළ ASPIRE ව්‍යාපෘතිය සාර්ථකව අවසන් වෙයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාව, කොකා-කෝලා පදනම හා වර්ල්ඩ් විෂන් ලංකා එක්ව මාස 18ක් පුරා ක්‍රියාත්මක කරනු ලැබූ අවිධිමත් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය ඉහළ නැංවීමේ හා ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය (ASPIRE) අවසන් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ගරු ජූලි ජේ. චන්ග්, පාර්ලිමේන්තු මන්ත්‍රී හා පාරිසරික, ස්වභාවික සම්පත් හා තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති අජිත් මාන්නප්පෙරුම යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් ව්‍යාපෘතිය යටතේ ප්ලාස්ටික් එකතු කිරීම සඳහා දායක වූවන් ඇගයීමට ලක් කිරීමටද කටයුතු යොදා තිබිණ.

එම අවස්ථාවේදී හවුල්කරුවන්, පාර්ශවකරුවන් හා අපද්‍රව්‍ය එකතු කරන්නන් එක් කරගත් සාකච්ඡාවක්ද සංවිධානය කර තිබීම විශේෂත්වයකි.

අපද්‍රව්‍ය කළමනාකරණය අරමුණු කර ගනිමින් 2023 වසර මුල් භාගයේදී ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය තුළින් ප්‍රාදේශීය ප්‍රජාව සවිබල ගන්වමින් PET ප්ලාස්ටික් එකතු කිරීම හා ප්‍රතිචක්‍රීයකරණය කිරීම ඉහළ නැංවීමට අරමුණු කොට ගෙන ඇත. ගෙවුණු වසර එක හමාරක කාලය තුළ ප්ලාස්ටික් එකතු කරන්නන් වෙනුවෙන් පුහුණු වැඩසටහන් සංවිධානය කරමින් සහාය වූ එම ව්‍යාපෘතිය ඔවුන් වෙත අත්‍යාවශ්‍ය උපකරණ, බේලර් යන්ත්‍ර, ජම්බෝ බෑග් හා ආරක්ෂණ උපකරණ යනාදිය ලබා දීමටද කටයුතු කරන ලදී. PET ප්ලාස්ටික් එකතු කිරීමට දායක වීමට අමතරව වත්තල හා ජා-ඇල ප්‍රදේශවල ජනතාව වගකීම් සහගත ආකාරයෙන් අපද්‍රව්‍ය බැහැර කරන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමටද එම ව්‍යාපෘතිය යටතේ කටයුතු කරන ලදී.

මෙම ව්‍යාපෘතිය තුළින් සංවිධානය කරනු ලැබූ දැනුවත් කිරීමේ වැඩසටහන් හා පරිසර පිරිසිදු කිරීමේ වැඩසටහන් ප්‍රාදේශීය ජනතාවගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් විය. එහිදී මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය උදෙසා අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය හා පරිසර අමාත්‍යාංශය වැනි රාජ්‍ය ආයතන සමඟ වූ උපාය මාර්ගික හවුල්කාරීත්වය ද විශේෂ හේතුවක් විය. තිරසාර අපද්‍රව්‍ය කළමනාකර භාවිතයන් සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් සහාය ලබා දීම, සම්පත් වෙන් කිරීම සහ අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් එම ආයතන සමඟ හවුල්කාරීත්වය ඉතා වැදගත් විය.

මෙම අවස්ථාවට එක් වෙමින් අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලී චැන්ග් මහත්මිය සඳහන් කර සිටියේ “ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ආයතන 2ක් මඟින් ශ්‍රී ලංකාව තුළ සුවිසල් බලපෑමක් ඇති කිරීමට කටයුතු කිරීම පිළිබඳව ඉතාමත් සතුටුයි. අර්ථවත් වෙනසක් ඇති කිරීම, ප්‍රජාවන් සංවර්ධනය හා ප්ලාස්ටික් වැනි සැලකියයුතු අභියෝග ජය ගැනීම වෙනුවෙන් ගෝලීය වශයෙන් මේ ආකාරයේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ඇමරිකා එකසත් ජනපදය පියවර ගෙන තිබෙනවා. ලොව පුරා ජීවන තත්වයන් ඉහළ නංවමින් තිරසාර සංවර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් වන කැපවීම කෘෂිකාර්මික, මහජන සෞඛ්‍ය හා ජීවනෝපාය සංවර්ධනය ව්‍යාපෘතිවලදී කොකා-කෝලා පදනම අත්කර ගෙන ඇති සාර්ථකත්වය තුළින් මනාව ප්‍රදර්ශනය වනවා.” යනුවෙනි.

එසේම මෙහිදී අදහස් දැක්වූ වර්ල්ඩ් විෂන් ලංකා හි ජාතික අධ්‍යක්ෂ ආචාර්ය ධනන් සේනාධිරාජා මහතා සඳහන් කර සිටියේ ASPIRE ව්‍යාපෘතිය සමඟ එක් වීමට ලැබීම තුළින් තිරසාර භාවිතයන් හා පාරිසරික වගකීම් හරහා ශ්‍රී ලංකාව පුරා විසිරුණු ජනතාවගේ කැපී පෙනෙන පරිවර්තනයක් දැකගන්නට හැකි වූ බවයි. මෙම ධනාත්මක වෙනස වෙනුවෙන් වැඩකටයුතු කළ කොකා-කෝලා පදනමේ සහ රාජ්‍ය ආයතනයන්හි සහයෝගය බෙහෙවින් අගය කරන බවද ඒ මහතා සඳහන් කළේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් කොකා-කෝලා පදනමේ සභාපති Carlos Pagoaga මහතා “තිරසාරත්වය වෙත අප යන ගමනේ අත්‍යවශ්‍ය හවුල්කරුවන් ලෙස අවදානමට ලක් විය හැකි ප්‍රජාවන්ගේ ජීවනෝපාය ඉහළ නැංවීම වෙනුවෙන් වන අපගේ කැපවීම ASPIRE ව්‍යාපෘතිය තුළින් මනාව ප්‍රදර්ශනය වනවා. ඒ වගේම මේ වෙනුවෙන් අප සමඟ අත්වැල් බැඳගත් වර්ල්ඩ් විෂන් ලංකා ආයතනයට හා රාජ්‍ය ආයතනයන්ට අපගේ ස්තුතිය පුද කර සිටිනවා” යනුවෙන් පැවසීය.

Coca-Cola සමාගම ක්‍රියාත්මක රටවල සහ එහි සේවක ප්‍රජාව ජීවත් වන ප්‍රදේශයන්හි ප්‍රජාවන් තුළ වෙනසක් ඇති කිරීම Coca-Cola පදනමේ අරමුණයි. සංකීර්ණ ගෝලීය අභියෝගවලට මුහුණ දෙන සහ කල් පවත්නා බලපෑමක් ඇති කරන පරිවර්තනීය අදහස් සහ ආයතන සඳහා අපි සහාය දෙමු. පිරිසිදු ජලය සඳහා තිරසාර ප්‍රවේශය, දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීමේ හැකියාව සහ ආපදා අවදානම් වෙනුවෙන් සූදානම සහ ප්‍රතිචාර දැක්වීම, චක්‍රීය ආර්ථිකය, ආර්ථික සවිබල ගැන්වීම සහ අපගේ ගම්බද ප්‍රජාවට බලපාන ප්‍රශ්න වෙනුවෙන් අවධානය යොමු කර ඇත. 1984 හි ආරම්භයේ සිට, Coca-Cola පදනම ලොව පුරා සිටින ප්‍රජාවන් ශක්තිමත් කිරීම සඳහා ඩොලර් බිලියන 1.5 කට අධික මුදලක් ප්‍රදානය කර ඇත.

 

 

දකුණු ආසියානු සංචාරක සහ සුඛෝපභෝගී...
City of Dreams Sri Lanka...
MAS Holdings, AICPA සහ CIMA...
City of Dreams Sri Lanka...
டிஜிட்டல் பொருளாதார வளர்ச்சிக்கு பங்களிப்புச் செய்கின்ற...
ඩිජිටල් යුගයේ මවක් ලෙස ආදරය,...
ITC Ratnadipa to Launch ‘The...
Serving Sri Lanka’s heritage with...
ඩිජිටල් යුගයේ මවක් ලෙස ආදරය,...
ITC Ratnadipa to Launch ‘The...
Serving Sri Lanka’s heritage with...
APB Welcomes Top Banking Industry...