නවතම රූපවාහිනී අත්දැකීමක් ඇස් අභියසට ගෙන එන AI තාක්ෂණයේ විශිෂ්ටත්වය

Share

Share

Share

Share

මානව ප්‍රජාවේ එදිනෙදා ජීවිතයට සුවිසල් බලපෑමක් එල්ල කරන විදුලි උපකරණයක් ලෙස මෙන්ම විනෝදාස්වාද සාධකයක් ලෙස රූපවාහිනිය පෙන්වා දිය හැකිය. අද මෙන් නොව මීට වසර ගණනාවකට පෙර නිවසේ රූපවාහිනියක් තිබීම යනු පොහොසත්කම ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාවක් විය. පවුලේ සියලු දෙනා එක් තැනකට එකතු කළ රූපවාහිනිය කලින් කල විවිධ තාක්ෂණික වෙනස්කම්වලට ලක් වෙමින් අද වන විට ඉහළම තාක්ෂණයෙන් යුතුව පාරිභෝගිකයා වෙත විනෝදාස්වාදයක් පමණක් නොව නව අත්දැකීමක් ගෙන ඒමට සමත්ව ඇත්තේ කෘතිම බුද්ධිය (AI) වැනි පෙරළිකාර තාක්ෂණයන් ද ඊට එක් කර ගනිමිනි.

ඊට සැම්සුන් ඉලෙක්ට්‍රොනික් දක්වා ඇති දායකත්වය අති මහත්ය. බිත්ති මත සවි කරන රූපවාහිනී හා ස්මාර්ට් රූපවාහිනී ජනතාව අතරට ගෙන යමින් ඔවුන්ගේ ජීවිත සුවිසල් පරිවර්තනයකට ලක් කිරීමට සැම්සුන් කටයුතු කර ඇත්තේ කලින් කලට නව්‍යකරණය වන දෘඩාංග හා මෘදුකාංග සිය රූපවාහිනී නිෂ්පාදනයන්ට එක් කරමිනි. ඉන් නොනැවතී අද වන විට රූපවාහිනිය නැරඹීම අභිබවා යමින් අසමසම රූපවාහිනී තිරයක රස වින්දනයක් ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒම වෙනුවෙන් AI තාක්ෂණය භාවිත කිරීමට සැම්සුන් පියවර ගෙන ඇත. නිරන්තර නව්‍යකරණයේ ප්‍රමුඛයා ලෙස AI තාක්ෂණයෙන් සන්නද්ධ රූපවාහිනී අත්දැකීමක් දැන් සැම්සුන් වෙතින් ඔබටද ලබා ගත හැකි වනු ඇත.

කෘතිම බුද්ධිය ඔබේ එදිනෙදා ජීවිතය වෙනස් කරන අයුරු

අප ජීවත් වන්නේ එකිනෙකට බිඳිය නොහැකි සබඳතාවන්ගෙන් යුත් යුගයක බව අමුතුවෙන් කිව යුතු නැත. එවන් යුගයක තාක්ෂණික මෙවලම් හා භාවිතයන් අපේ ජීවිතවලට එක් කරන්නේ සුවිසල් පරිවර්තනයකි. අද සියලු නිවාස ස්මාර්ට් නිවාස බවට පත් වෙමින් පවතින විට එහි කේන්ද්‍රස්ථානය AI රූපවාහිනිය බවට පත් කිරීමට සැම්සුන් ඉලෙක්ට්‍රොනික් කටයුතු කර ඇත. එහිදී සුවිසල් අත්දැකීමක් පාරිභෝගිකයින් වෙත උදා කර දීම වෙනුවෙන් උපාංග සම්බන්ධ කිරීම, කළමනාකරණය හා පාලනය ඔවුන් වෙත ලබා දීමට සැම්සුන් කටයුතු කර ඇත්තේ AI නිවසක පරිපාලන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරන AI රූපවාහිනිය මඟින් නිවසේ සියලු සම්බන්ධිත උපාංග පහසුවෙන් ක්‍රියාත්මක කිරීමේ හා නිරීක්ෂණය කිරීමේ අවස්ථාවද උදා කර දෙමිනි.

මෙම අවස්ථාවත් සමඟ නිවසේ AI හා සම්බන්ධ උපකරණ සැම්සුන් AI රූපවාහිනියෙහි Daily Board හරහා නිරීක්ෂණය කිරීමේ පහසුව පාරිභෝගිකයින්ට හිමි වේ. එසේම නිවසේ සම්බන්ධිත උපාංගයන්හි ක්‍රියාකාරීත්වය රූපවාහිනී තිරයෙහි ත්‍රිමාණ සිතියම මඟින් දැක බලා ගත හැකිය. නිවසේ දැල්වෙමින් පවතින විදුලි පහන්, ක්‍රියාත්මක වෙමින් පවතින වායු සමීකරණ යන්ත්‍ර අදාල ස්විචයන් තුලින් නොව දුරස්ත ආකාරයෙන් නිවා දැමීමට හෝ ක්‍රියා විරහිත කිරීමට ලැබීම තුළින් මහන්සිය මෙන්ම බලශක්තියද මනාව ඉතිරි කර ගත හැකිය. නිවස වටා ඇති කැමරා හා සංවේදක (sensors) රූපවාහිනිය ඉදිරිපස සිට නිරීක්ෂණය කිරීමේ අවස්ථාව සලසා දෙන මෙම පහසුකම තුළින් නිවසේ සාමාජිකයින්ගේ විනෝදාස්වාදය පමණක් නොව ඔවුන්ගේ සුරතල් සතුන්ද වීඩියෝ භාවිතයෙන් සතුටු කිරීමේ හැකියාව උදා කර දී තිබීම විශේෂත්වයකි.

එපමණක්ද නොව ක්‍රීඩා තරඟයක් නැරඹීමේදී ක්‍රීඩාගාරයේ සිට තරඟය නැරඹීමේ අත්දැකීම ක්‍රීඩා ලෝලීන් වෙත ගෙන එන මෙම නවතම රූපවාහිනී නිෂ්පාදනය, සිනමා ශාලාවක සිට චිත්‍රපටියක් නැරඹීමේ අත්දැකීමද නිවසේ සිටම ලබා ගැනීමේ හැකියාව ඔවුන් වෙත උදා කර දී ඇත්තේ ආකර්ෂණීය හා සුපැහැදිලි පුළුල් තිරයක් ඔවුන් ඉදිරිපසට ගෙන එමිනි.

සැම්සුන් විසින් හඳුන්වා දී ඇති Neo QLED 8K රූපවාහිනිය තුළින් පිරිනමනු ලබන 8K AI Upscaling Pro තුළින් පාරිභෝගිකයින් හට ඉතා සුපැහැදිලි SD/HD/Full HD දසුන් නැරඹීමේ හැකියාව උදා වේ. එහි ඇති AI Motion Enhancer Pro විශේෂාංගය හේතුවෙන් ක්‍රීඩා තරඟ නැරඹීමේදී සැබෑ ක්‍රීඩාශීලී වටපිටාවක් නරඹන්නාට භුක්ති විඳිය හැකි අතර Active Voice Amplifier Pro තාක්ෂණය හේතුවෙන් පසුබිම් සංගීතය සහිත චිත්‍රපටයක දෙබස්වල සිට ප්‍රීති ඝෝෂා මධ්‍යයේ සිදු කරන ක්‍රීඩා විචාරයක වචන පවා සුපැහැදිලිව ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වේ. මේ සියලු විශේෂාගයන් තුලින් පැහැදිලි වන්නේ ලෝකය සිනමාව හා ක්‍රීඩා පිටිය AI තාක්ෂණයෙන් සුසැදි නිවසට ගෙන එමින් තිබෙන බවයි.

තවද අද වන විට සියලු දෙනාට රස විඳිය හැකි නිෂ්පාදනයක් බවට පත්ව ඇති මෙම AI රූපවාහිනී තුළින් ශ්‍රවණය කිරීමට අපහසු පුද්ගලයින් වෙත තිරය මත එම වචන දැක ගැනීමට අවශ්‍ය උප සිරැසි නිර්මාණයද විශේෂත්වයකි. තවද පෙනීම දුර්වල පුද්ගලයින් හටද රූපවාහිනියක් රස විඳීමේ අවස්ථාව උදා කර දී ඇති මෙහි Relumino Mode තාක්ෂණය මඟින් දීප්තිය හා සමබරතාවය ඉහළ නැංවීම තුළින් මනාව රූප දැක ගැනීමේ හැකියාව ලබා දී ඇත.

කෘතිම බුද්ධිය භාවිත කරන නිවාසයන්හි විප්ලවීය වෙනසකට මඟ කියන AI රූපවාහිනිය

සැම්සුන්හි Tizen මෙහෙයුම් පද්ධතිය සමඟ AI නිවාසයන් සුවිසල් පරිවර්තනයකට ලක් කරමින් AI රූපවාහිනී විසින් පාරිභෝගිකයින් වෙත සිතා ගත නොහැකි අත්දැකීමක් ලබා දීමට කටයුතු කර ඇත්තේ ඔවුන්ගේ ජීවිත සැබෑ වෙනසකට ලක් කරමිනි. AI ජාත්‍යන්තර වෙළෙඳපොල තුළ අනිවාර්ය අංගයක් බවට පත් වීමත් සමඟ මෙහෙයුම් පද්ධතිය තුළින් රූපවාහිනියටද AI තාක්ෂණය ඇතුළත් වීම තාක්ෂණික දියුණුවේ නව මානයන් වෙත පාරිභෝගිකයින් ගෙන යාමට හේතුවක් වී ඇත.

2015 වසරේ සිට ස්මාර්ට් රූපවාහිනී මිලියන ගණනක් බල ගැන්වීමට සමත් වූ Tizen OS තාක්ෂණය රූපවාහිනී පරිණාමයේ පෙර ගමන්කරුවා බවට පත් වූ අතර සැම්සුන් සිය රූපවාහිනී නිෂ්පාදනයන් වෙත එම තාක්ෂණය යොදා ගනිමින් එහි හැකියාවන් තව තවත් පුළුල් කිරීමට සමත් විය.

මේ වන විට SmartThings සහ Tizen OS යන තාක්ෂණයන්ගෙන් සමන්විත සැම්සුන් AI රූපවාහිනී සිය පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් ඒවාට සරිලන ලෙස සිය සේවාවන් සකස් කිරීමට කටයුතු කර ඇති අතර ඒ හේතුවෙන් ‘උපාංග සඳහා වන නව්‍යකරණ යුගය’ සඳහා වන සේවා පදනම් කරගත් නිෂ්පාදන වෙන් කරන සීමාවන් තව දුරටත් වලංගු නොවනු ඇත.

පාරිභෝගික රුචි අරුචිකම්වලට ගැලපෙන අසමසම අත්දැකීමක් AI රූපවාහිනී තුළින් ලබා දීමට හැකි වී ඇත්තේ මෙම සුවිශේෂී AI තාක්ෂණය නිසාමය. AI නිසා සිග්නල් සම්බන්ධයකින් තොරව රූපවාහිනී නැරඹීමේ අවස්ථාව ඔවුන් වෙත උදා වන අතර එය වඩා ආරක්ෂාකාරී බවක්ද එක් කරනු ලබයි. ඊට තවත් සුවිසල් අවස්ථාවක් නිර්මාණය වන්නේ Samsung Knox තුළින් උපාංග හා පුද්ගලික තොරතුරු ආරක්ෂා කරමින් සුරක්ෂිත AI නිවසක සුවපහසුව භුක්ති විඳීමට අවකාශ උදා වේ.

AI හි අනාගතය පාරිභෝගිකයාට ඇති වැදගත්කම

වේගයෙන් දියුණුවන AI තාක්ෂණය හේතුවෙන් බොහෝ සමාජ ප්‍රශ්න මෙන්ම සදාචාරාත්මක, ආර්ථික හා නීතිමය ගැටළු ඇති වුවද AI පාරිභෝගිකයාට වඩා වැඩි ප්‍රතිලාභ ලබා දෙන අයුරින් තව දුරටත් දියුණු තත්වයට පත්වනු ඇතැයි සිතිය හැකිය. සැම්සුන් සිය AI රූපවාහිනී තුළින් පාරිභෝගිකයා වෙත ගෙන එමින් සිටින්නේ එම ප්‍රතිලාභයයි. මෙම නවතම AI රූපවාහිනිය පාරිභෝගිකයින්ට නවතම අත්දැකීමක් වනු ඇත්තේද එහෙයිනි.

භාෂා ගැටළු හේතුවෙන් ඇතිවන සන්නිවේදනය ගැටළුනිරාකරණය, අන්තර්ගතයන් බෙදා ගැනීම, නිවසේ පාලනය යනාදී ඕනෑම දෙයක් පහසුවෙන් ඉටු කර ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයා වෙත උදා කර ඇති සැම්සුන් AI රූපවාහිනී නිරන්තර නව්‍යකරණයන් තුළින් පාරිභෝගික ජීවන රටාවන් තව තවත් සුන්දරත්වයට පත් කරනු නිසැකය.

 

 

ஜனாதிபதி தேர்தலின் போது தவறான தகவல்களை...
Jungle Kitchen, with roots in...
TikTok Strengthens Measures to Combat...
ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 170 වැනි...
170ஆவது ஆண்டு நிறைவு வரலாற்றை தனது...
வணிக விசா பிரச்சினை குறித்து அவசர...
වින්දනීය අත්දැකීමක් එක් කරමින් Coke...
ව්‍යාපාරික වීසා ගැටළුව සම්බන්ධයෙන් කඩිනම්...
வணிக விசா பிரச்சினை குறித்து அவசர...
වින්දනීය අත්දැකීමක් එක් කරමින් Coke...
ව්‍යාපාරික වීසා ගැටළුව සම්බන්ධයෙන් කඩිනම්...
නවතම රූපවාහිනී අත්දැකීමක් ඇස් අභියසට...