ගමනාගමනයේ ඉතිහාසය ක්‍රි පූ 4500 වසර දක්වා ඈතට දිවෙන නව ශිලා යුගයේදී රෝදය සොයා ගැනීමත් පළමු කාර්මික විප්ලවයේ අති දැවැන්ත ඇරඹුමක් ලෙස ජේම්ස් වොට් විසින් වාෂ්ප එන්ජිම සොයා ගැනීමත් තුළින් ආරම්භ වූ රථ වාහන ක්ෂේත්‍රය අද වන විට අසීමිත නව්‍යකරණයන් හඹා යන තාක්ෂණික විප්ලවයක් බවට පත්ව ඇත. දෙවැනි කාර්මික විප්ලවයේදී ඩීසල් එන්ජිම නිර්මාණය කිරීමත්, 1879 දී ජර්මන් ජාතික කාර්ල් බෙන්ස් විසින් ප්‍රථම මෝටර් රථය නිෂ්පාදනය කිරීමත් එහි තවත් හැරවුම් ලක්ෂයන් විය.
නව ප්‍රවණතා
එතැන් සිට කලින් කල නව්‍යකරණයට ලක්වෙමින් හයිබ්‍රිඩ් රථ වාහනවල සිට විදුලියෙන් ක්‍රියාකරන රථ වාහන දක්වා ලෝක ප්‍රවාහන කර්මාන්තය වෙනසකට ලක්ව ඇත්තේ තාක්ෂණයේ විශිෂ්ටත්වය තුළිනි. විශේෂයෙන් තිරසාර පරිසරයක් ලොවට උරුම කර දීම, සම්පත් අරපිරිමැස්ම හා කාර්යක්ෂමතාව පිළිබඳව අවධානය යොමු කරමින් ඉන්ධන හා හයිබි්‍රඩ් එන්ජින්වලින් ධාවනය වන රථ වාහන වෙනුවට විදුලි බලයෙන් ධාවනය වන රථ වාහන නිෂ්පාදනය කෙරෙහි රථවාහන නිෂ්පාදන කරන රටවල විශේෂ අවධානය යොමු විය. එහි නවතම පියවර වන්නේ නව බලශක්ති වාහන හෙවත් NEVsය. අද වනවිට දියුණු රටවල මෙන්ම වෙනත් බොහෝ රටවලද මෙම විදුලියෙන් නව බලශක්ති වාහන වැඩි වැඩියෙන් භාවිතයට ගැනීමට කටයුතු කරමින් සිටින බව පැහැදිලිව දක්නට හැකිය. ඒ එම රථ වාහන භාවිතයේ පහසුව හා වාසිය නිසාවෙනි.
නව බලශක්ති වාහන සඳහා ශ්‍රී ලංකාවේ සූදානම
අද ශ්‍රී ලංකාව තුළ නවතම විප්ලවය බවට පත්ව ඇති නව බලශක්ති වාහන ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබුවේ ලෝකයේ අනෙකුත් රටවල රථ වාහන ක්ෂේත්‍රය සම්පූර්ණයෙන් නව්‍යකරණයට ලක් වෙමින් පවතින යුගයකය. ඒ වන විට එම රටවල් බොහෝ දුර ගොසිනි. ශ්‍රී ලාංකිකයින් හට EV රථ වාහන පිළිබඳව මීට පෙර යම් අවබෝධයක් පවතින අතර එහිදී ඔවුන් වටහා ගත් කරුණු කිහිපයක් වූයේ චාර්ජ් කර ගැනීමේ පහසුකම් හා වාහන සේවාව වෙනුවෙන් වූ සේවා මධ්‍යස්ථානයක අවශ්‍යතාවයයි. එහෙයින් එම අවශ්‍යතාවයන් පාරිභෝගිකයාට හිතකර ආකාරයෙන් ඉටු කර දීම එම NEV ගෙන්වා බෙදා හරින සමාගම්වල වගකීමකි.
අවශ්‍යතාව හඳුනාගත් John Keells CG Auto පුද්ගලික සමාගම
නව ලොවට ගැළපෙන විද්‍යුත් රථවාහන පිළිබඳ කාර්මික දැනුමින් පරිපූර්ණ පරපුරක් බිහි කිරීමට අප කටයුතු කළ යුතු බව මනාව හඳුනාගත් John Keells CG Auto පුද්ගලික සමාගම ඒ සඳහා හැකියාවෙන් පිරිපුන් කාර්මිකයින් පිරිසක් බිහි කිරීමේ සුවිසල් පියවරක් තැබීමට කටයුතු කරන ලදී. චීනයේ නිෂ්පාදිත උසස්ම තාක්ෂණයෙන් යුත් ලොව ප්‍රකට BYD නව බලශක්ති රථ වාහන මෙරටට ගෙන්වා බෙදා හරින John Keells CG Auto පුද්ගලික සමාගම මෙම ඉදිරි පියවර තබමින් සේවා මධ්‍යස්ථානය හරහා පරිපූර්ණ නව බලශක්ති වාහන කාර්මිකයින් නිර්මාණය කිරීමට කැපවී කටයුතු කරන්නේ න්‍යායික මෙන්ම ප්‍රායෝගික දැනුමින් සන්නද්ධ අනාගතයක් නිර්මාණය කිරීමේ අරමුණෙනි.
අපි ශ්‍රී ලංකාවේ එකම NEVs සේවා මධ්‍යස්ථානය ආරම්භ කළා – චතුරංග කහවත්ත මහතා
John Keells CG Auto පුද්ගලික සමාගමේ අලෙවියෙන් පසු සේවා ප්‍රධානී චතුරංග කහවත්ත මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මේ අයුරිනි.
“වර්තමානයේ ශ්‍රී ලංකාව තූල ජනප්‍රිය වෙමින් පවතින විද්‍යුත් රථ වාහන පිළිබඳව මනා දැනුමක් සහිත පරිපූර්ණ කාර්මික ශිල්පීන් ලංකාවෙ සිටියේ නැහැ. ඒ නිසා එම ශිල්පීන් නිර්මාණය කිරීමේ වගකීම අප සතුයි. උසස්ම තත්වයේ ඊශෘ නව බලශක්ති වාහන මෙරටට ගෙන්වා බෙදා හරින අප ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් මෝටර් රථ සඳහා මෙන්ම නව බලශක්ති රථ වාහන New Energy Vehicles පිළිබඳ දැනුම ලබා දීම සඳහා ශ්‍රී ලංකාවේ පළමු සහ එකම සේවා මධ්‍යස්ථානය ආරම්භ කිරීමට කටයුතු කළේ ඒ නිසයි”
විදුලියෙන් ක්‍රියා කරන වාහනයක් යනු සාමාන්‍ය වාහනයකට වඩා සම්පූර්ණයෙන් වෙනස් වූ තාක්ෂණයක් සහිත නිෂ්පාදනයකි. එහෙයින් සාමාන්‍ය වාහනයක් සම්බන්ධයෙන් ඇති දැනුම නව බලශක්ති වාහන සඳහා සේවා සැපයීමට කිසිසේත් ප්‍රමාණවත් නොවන්නේ ඒ සම්බන්ධයෙන් විශේෂ දැනුමක් අත්‍යාවශ්‍ය වන හෙයිනි. සාමාන්‍ය වාහනයක සිට විදුලියෙන් ක්‍රියා කරන වාහනයක් වෙත මාරු වීම කෙතරම් ලාභදායී හා කාර්යක්ෂම වුවත් ඒ වෙනස දරා ගැනීම පාරිභෝගිකයින්ට එතරම් පහසු කටයුත්තක් නොවේ. තාක්ෂණික ශිල්පීන්ටද එසේමය. මීට අදාල උපකරණ හා උපාංගයන් මෙන්ම ආරක්ෂක විධි විධානයන්ද සාමාන්‍ය රථ වාහනයන්ට වඩා වෙනස්ය. එපමණක් නොව වාහනේ ක්‍රියාකාරීත්වයද එසේමය. ඒ නිසා ඒ සියලු දේ පිළිබඳ මනා දැනුමක් තාක්ෂණික ශිල්පීන්ට තිබිය යුතු අතර පාරිභෝගිකයින්ටද ඒ සම්බන්ධ අවබෝධයක් තිබිය යුතුය.
නව බලශක්ති වාහන බැටරි ආරෝපණය, බැටරි හා චාජර් පරීක්ෂා කිරීම සඳහා පහසුකම් සපයන ශ්‍රී ලංකාවේ එකම ස්ථානය වන්නේද මෙම BYD සේවා මධ්‍යස්ථානයයි. එමෙන්ම නව බලශක්ති වාහන සඳහා සේවාවන් ලබා දීමේදී යොදා ගන්නා නවීන තාක්ෂණයේ සියලු තාක්ෂණික උපකරණවලින් සන්නද්ධ මෙම පුහුණු මධ්‍යස්ථානය එම උපකරණ යොදා ගන්නා මෙරට එකම සේවා මධ්‍යස්ථානය ලෙසද නම් කළ හැකිය.
එපමණක් නොව චීනයේ BYD හි ප්‍රධාන කාර්යාලය විසින් මෙම ශ්‍රී ලංකා සේවා මධ්‍යස්ථානයේ පුහුණුකරුවන්ට අවශ්‍ය පුහුණුව ලබා දුන් අතර එමගින් ඔවුන්ට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා දීමට කටයුතු කර ඇත්තේ සුදුසුකම්ලත් පුහුණුකරුවකු ලෙස පුහුණුවට සහභාගී වන්නන් දැනුවත් කිරීමේ අවස්ථාව ඔවුන් වෙත සලසා දෙමිනි. ඊට අමතරව වැඩි වශයෙන් නව බලශක්ති වාහන භාවිත කරනු ලබන නේපාලයේ ප්‍රායෝගික පුහුණු වැඩසටහන් සඳහා එක්වීමේ අවස්ථාවද මෙහිදී සහභාගී වන්නන් හට උදා වේ. මේ සියලු දේ තුළින් John Keells CG Auto පුද්ගලික සමාගමේ අරමුණ වන්නේ ජාත්‍යන්තර තත්වයේ නව බලශක්ති වාහන කාර්මික ශිල්පියකු ශ්‍රී ලංකාවට බිහි කිරීමයි.
නවතම දැනුම එකතු කරගැනීම විශාල අභියෝගයක් – ජෙරම් වික්‍රමසේකර
“එහිදී අපි තාක්ෂණික දැනුම අවම වීම, අවශ්‍ය උපකරණයන් සපයා ගැනීමේ දුෂ්කරතා, මෙහෙයුම් වියදම් වගේම හැදෑරීම සඳහා උනන්දුවක් දක්වන පිරිස අවම වීම වැනි අභියෝගවලට මුහුණ දුන්නා. නමුත් පැහැදිලි වැඩපිළිවෙලක් තුළින් එම දැනුම මෙරට තරුණ පරපුර වෙත නොඅඩුව ලබා දීමට අපට හැකි වී තිබෙනවා. ඉදිරියේදී නව බලශක්ති වාහන සම්බන්ධ සේවාවන්හි ඉල්ලුම බොහෝ සෙයින් ඉහළ යනු ඇති බවට අපි විශ්වාස කරනවා. ඒ සඳහා වන එක් පියවරක් ලෙස මෙම සේවා මධ්‍යස්ථානය සඳහන් කළ හැකියි. සහතිකපත්‍ර පාඨමාලාවක් ලෙස ඉදිරියට ගෙන යාමට කටයුතු කරන මෙම පුහුණු වැඩසටහන සඳහා සහභාගී වන සියලු දෙනා හට නව බලශක්ති වාහන සම්බන්ධ සියලු තාක්ෂණික විශේෂතා හා කාර්මීකරණ දැනුම ප්‍රායෝගිකව ලබා දීමට අපි කටයුතු කරනවා. මෙහිදී තාක්ෂණවේදීන් සඳහා වන BYD සහතික පත්‍ර 3ක්ද පුහුණු වන්නන් සඳහා සහතිකපත් 2ක්ද මීට ඇතුළත් වනවා.”
ඒ පුහුණු ආයතනයේ නව බලශක්ති වාහන වාහන තාක්ෂණය හා කාර්මික ශිල්පය පිළිබඳ ඉගැන්වීම් කටයුතු සිදු කරන සහතිකලත් තාක්ෂණික පුහුණුකරු ජෙරම් වික්‍රමසේකර මහතාගේ අදහසයි.
එම ශිල්පීන් පමණක් නොව නව බලශක්ති වාහන මිලදී ගැනීමට බලාපොරොත්තුවන පාරිභෝගිකයින්ද දැනට එම රථවාහන භාවිත කරන පාරිභෝගිකයින්ද ඒවා සම්බන්ධයෙන් දැනුවත් වී සිටීම වැදගත් වේ. ඒ සඳහා සුදුසුකම්ලත් ප්‍රවීණ පුහුණුකරුවන් පිරිසකගේ සේවය මෙම සේවා මධ්‍යස්ථානයට ලබා ගැනීමට හැකි වී තිබේ.
දේශීය මෙන්ම ජාත්‍යන්තර පුහුණුවක් ලබා ගැනීමට හැකි වුණා – සිදත් සඳරුවන්
මෙවන් තත්වයක් තුළ වසර 5කට වැඩි කාලයක් දැනුමින් පසුපසින් සිටිමින් ශ්‍රී ලාංකිකයින්ගෙන් ඈත් වී ගිය කාර්මීකරණ දැනුම හා තාක්ෂණය උකහා ගැනීම වෙනුවෙන් BYD සේවා පුහුණු වැඩසටහන සමඟ සම්බන්ධ වූ පළමු කණ්ඩායමේ සාමාජිකයෙක් වන සිදත් සඳරුවන් එම පුහුණු වැඩසටහන සම්බන්ධයෙන් පවසා සිටියේ මෙවැන්නකි.
“මම මීට පෙර ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රථවාහන ආයතනයක කාර්මික ශිල්පියෙක් විදියට කටයුතු කළා. ඒ අතර තමයි මේ පුහුණු වැඩසටහන පිළිබඳව දැනගත්තේ. මම දෙපාරක් නොහිතා මේ වැඩසටහනට සම්බන්ධ වීමට අයදුම් කළා. ඉදිරයේදී නව බලශක්ති වාහන වෙළෙඳපොල විශාල වශයෙන් ඉහළ යනවා. ඒ නිසා ඒ පිළිබඳව වඩා හොඳ දැනුමක් ලබා ගැනීමට අත්‍යාවශ්‍යයි. ඒ නිසයි මම මේ පුහුණු වැඩසටහන සඳහා යොමු වුණේ.”
පළමු පුහුණු කණ්ඩායමේ සාමාජිකයකු ලෙස සම්බන්ධ වෙමින් අද වනවිට නව බලශක්ති වාහන සම්බන්ධ තාක්ෂණ හා කාර්මික දැනුම දිනෙන් දින ජීවිතයට එකතු කර ගනිමින් සිටින සිදත් මෙම පුහුණු වැඩසටහනේදී දේශීයව මෙන්ම විදේශීයවද පුහුණු වැඩසටහන් සඳහා සහභාගී වීමට අවස්ථාව උදා කර ගැනීමට සමත් විය. විශේෂයෙන් චීනයේ BYD ප්‍රධාන කාර්යාලය මඟින් පවත්වනු ලැබූ පුහුණු වැඩසටහන් සඳහා සම්බන්ධ වූ ඔහුට ඒ තුලින් විශේෂ දැනුමක් මෙරටට ගෙන ඒමට හැකියාව උදා විය.
දැනුම සොයන පරපුරකට ඇරයුම්
එපමණක් නොව ඔහුට නවීන යන්ත්‍රෝපකරණ, කාර්මික උපකරණ, ඩිජිටල් තාක්ෂණය වැනි බොහෝ දේ පිළිබඳව දැනගැනීමට අවස්ථාව සලසා දුන් මෙම පුහුණු මධ්‍යස්ථානය තවත් බොහෝ පිරිසක් වෙත මෙම සුවිශේෂී දැනුම ලබා දෙන්නට සූදානමින් සිටින්නේ අසමසම දැනුමකින් යුත් නවීන කාර්මික ශිල්පීන් මෙරටට දායාද කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමිනි. තාක්ෂණය පිළිබඳ උනන්දුවක් දක්වන හා වඩා සාර්ථක හෙට දවසක් අපේක්ෂා කරන, නිර්මාණශීලී ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ට තමන් සමඟ එක් වන මෙන් John Keells CG Auto පුද්ගලික සමාගම ඇරයුම් කර සිටියි.
මේ නව බලශක්ති වාහන තාක්ෂණය පිළිබඳ දැනුමින් සන්නද්ධ අනාගත පරපුරක් බිහි කිරීමේ දැවැන්ත ගමනක මුල් පියවර කිහිපයයි. හෙට දවසේ ලෝකයක් පිළිගත් දක්ෂයින් සමඟින් රැකියා දහස් ගණනක් බිහි කරන තෝතැන්නක් බවට මෙම සේවා මධ්‍යස්ථානය පත් වනු ඇති බව නොඅනුමානය.