මහනුවර පාසල් දරුවන්ගේ මූල්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීමට HNB සහ ඔලිම්පික් ක්‍රීඩක කයිල් අබේසිංහ පියවර ගනී

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට පාසල් සිසුන් දැනුවත් කිරීමේ සිය පාසල් ප්‍රජා සත්කාරක වැඩසටහනේ තවත් එක් අදියරක් මහනුවරදී පැවැත්විණි. දෙදිනක් පුරා පැවති මෙම වැඩසටහන සඳහා 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩක සහ HNB හි ක්‍රීඩා සන්නාම තානාපති කයිල් අබේසිංහ ද එක් වීම විශේෂත්වයකි. මහනුවර නගරයේ ප්‍රමුඛ පෙළේ පාසල් හතරක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මෙම දෙදින වැඩසටහන සඳහා ත්‍රිත්ව විද්‍යාලය, හිල්වුඩ් විද්‍යාලය, මහනුවර ගේට්වේ විද්‍යාලය සහ කිංස්වුඩ් විද්‍යාලය නියෝජනය කරමින් සිසුන් 1,000කට අධික පිරිසක් සහභාගී වූහ.

මෙම වැඩසටහන පුද්ගලික සංවර්ධනය සහ මූල්‍ය සාක්ෂරතාවය ඒකාබද්ධ කරමින් සැසි දෙකක් හරහා ක්‍රියාත්මක විය. පළමු සැසියේදී, කයිල් මහතා තරඟකාරී පිහිනුම් ක්‍රීඩකයෙකු ලෙස තමන් මෙතෙක් පැමිණි ගමන් මග පිළිබඳව අත්දැකීම් බෙදාහදා ගත් අතර, 2024 පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ඔහු තෝරා ගැනීමට හේතු වූ විනය, අභියෝග සහ දිගුකාලීන කැපවීම පිළිබඳව අදහස් දැක්වීය. ක්‍රීඩා ක්ෂේත්‍රයේ සාර්ථකත්වය සඳහා අවශ්‍ය වන අවධානය, ස්ථාවරත්වය සහ නොපසුබට උත්සාහය ජීවිතයේ සෙසු ඉලක්ක ජයගැනීමට යොදාගත හැකි ආකාරය පිළිබඳව මෙහිදී විශේෂයෙන් අවධාරණය කෙරිණි.
වැඩසටහනේ දෙවන අදියර මූල්‍ය සාක්ෂරතාවය වෙනුවෙන් වෙන් වූ අතර, එහිදී කුඩා කල සිටම ඉතිරි කිරීමේ වැදගත්කම, මූල්‍යමය ඉලක්ක සපුරා ගැනීම සහ මූල්‍ය විනය පවත්වා ගැනීම අනාගත සිහිනයන් සැබෑ කර ගැනීමට උපකාරී වන ආකාරය පිළිබඳව සිසුන් දැනුවත් කෙරිණි. මීට අමතරව, විධිමත් මූල්‍ය ආයතන පිළිබඳව ප්‍රායෝගික අවබෝධයක් ලබා ගැනීම සඳහා එම පාසල් තුළම ක්‍රියාත්මක වන HNB පාසල් බැංකු ඒකක සමඟ සම්බන්ධ වන ලෙස ද සිසුන් දිරිමත් කරන ලදී.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් HNB විධායක උප සභාපති – ශාඛා ජාල ව්‍යාපාර ප්‍රධානී, සුපුන් ඩයස් මහතා මෙසේ පැවසීය: “අපි රට පුරා ක්‍රියාත්මක කරන පාසල් බැංකු ඒකක හරහා දරුවන්ට කුඩා කල පටන් නිවැරදි මුදල් පරිපාලනය වෙනුවෙන් හුරුවක් ලබාදෙන අතර එය අපිට රටක් වශයෙන් ඉදිරියට යාමට වඩාත් ඉවහල් වෙනවා. කයිල් වැනි දක්ෂ ක්‍රීඩකයෙකු මෙම වැඩසටහනට සම්බන්ධ කරගැනීම හරහා දරුවන්ට තම අරමුණු ජය ගැනීමට නම් මූල්‍ය විනය අත්‍යවශ්‍ය බව දරුවන්ට පෙන්වා දීමට අපට හැකි වුණා. තමන්ගේ අනාගතය සැලසුම් කරන තරුණ පරපුරට මෙය ඉතා වැදගත් පාඩමක් වනු නොඅනුමානයි.”

තම අත්දැකීම් බෙදාහදා ගනිමින් කයිල් අබේසිංහ පැවසුවේ “මම පාසල් යන කාලේ මට පැහැදිලි ඉලක්කයක් තිබුණා. කාලයත් එක්ක මට අවබෝධ වු දෙයක් තමයි, ඒ ඉලක්කය කරා යන්න නම් ක්‍රීඩාවෙන් පමණක් නොව මගේ කාලය කළමනාකරණය කරගැනීම, අවධානය සහ මා ගන්නා තීරණ වැනි සෑම අංශයකම දැඩි විනයක් තිබිය යුතු බව. තමන් උත්සාහ කරන්නේ මොන වගේ ඉලක්කයක් වෙනුවෙන්ද සහ ඒ වෙනුවෙන් කළ යුතු කැපවීම මොන වගේද කියන එක ගැන මේ දරුවන්ට යම් අවබෝධයක් ලැබුණා නම්, මෙම වැඩසටහන සාර්ථකයි කියා මම විශ්වාස කරනවා.” යනුවෙනි.

දරුවන්ට සකසුරුවම සහ මූල්‍ය පාලනය පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් ලබාදෙමින් දැයේ දරුවන්ගේ අනාගතය දීප්තිමත් කිරීම HNB හි අරමුණයි. එම දිගු කාලීන අරමුණෙහි මූලිකම පියවරක් ලෙස රට පුරා ශිෂ්‍ය බැංකු ඒකක පිහිටුවා ඇති අතර ඒ හරහා දරුවන්ට ප්‍රායෝගිකවම මූල්‍ය කළමනාකරණය පිළිබඳ අත්දැකීමක් සහ හුරුවක් ලබාගත හැකියි. මෙම මුලපිරීම් හරහා, බැංකුව නව පරපුර සමඟ එහි සම්බන්ධතාවය ශක්තිමත් කරමින්, දරුවන්ට පැහැබර අනාගතයක් උදෙසා අවශ්‍ය මඟපෙන්වීම අඛණ්ඩව ලබාදෙයි.

சிறு மற்றும் நடுத்தர அளவிலான ஆடைத்...
Carnage அறக்கட்டளையின் ஆதரவோடு சர்வதேச விளையாட்டரங்கில்...
First Capital Treasuries, மூலதனச் சந்தை...
A Little Love for Every...
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
ITC Ratnadipa Presents Weddings Above...