ව්‍යාපාරවලට මූල්‍ය නම්‍යශීලීභාවය වැඩි දියුණු කිරීම සඳහා HNB, Easy Draft හඳුන්වා දෙයි

Share

Share

Share

Share

  1. ව්‍යාපාරික ප‍්‍රජාවගේ කාරක ප‍්‍රාග්ධන අවශ්‍යතා සපුරාලන සහ ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (SMEs) හිතකාමී බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් Easy Draft නමින් නව මූල්‍ය විසඳුමක් හඳුන්වා දී ඇත. මෙය විවිධ විශේෂාංග ඒකාබද්ධ කරන නව්‍ය පහසුකමක් වන අතර ව්‍යාපාරවල ක්ෂණික මුදල් සහ මෙහෙයුම් අවශ්‍යතා වෙනුවෙන්ම හඳුන්වා දී ඇත.

Easy Draft නිර්මාණය කර ඇත්තේ HNB හි ලීසිං සේවා භාවිතා කරන විශාල සමාගම්, වර්ධනය වන සමාගම්, කුඩා ව්‍යාපාර සහ පුද්ගලික ව්‍යාපාර සඳහා අරමුදල් සැපයීම සඳහා ය. දෛනික ව්‍යාපාර මෙහෙයුම් ඵලදායි ලෙස හැසිරවීම පහසු කරමින් අරමුදල් වෙත පහසු ප‍්‍රවේශයක් ලබා දීමෙන් එය කෙටි කාලීන මුදල් අවශ්‍යතා වෙනුවෙන් කඩිනමින් උපකාරී වේ.

”අද වේගයෙන් වෙනස් වන ව්‍යාපාරික ලෝකයේ, ව්‍යාපාරයක් සාර්ථක වීමට නම්, ඉක්මනින් ඉදිරියට යාමට හැකිවීම සහ මුදල් සඳහා පහසු ප‍්‍රවේශයක් තිබීම ඇත්තෙන්ම වැදගත් වෙනවා. අපගේ ආර්ථිකයේ පදනම වන කුඩා ව්‍යාපාරිකයින්ට සහ ව්‍යවසායකයින්ට උපකාර කිරීම අපගේ ප‍්‍රධාන අරමුණ වන බැවින්, ඔවුන් වෙනුවෙන් වඩාත් පහසු සහ ඉක්මන් සේවාවන් හදුන්වාදීම ඉතා වැදගත් යැයි අපි සිතනවා. අප හඳුන්වා දෙන මෙම නව සේවාව හරහා අපගේ ගනුදෙනුකාරභවතුන්ට සිය මූල්‍යමය අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ඉහළ පිරිවැයක් දැරීමට හෝ දිගුකාලයක් බලාසිටීමට සිදු නොවන අතර ඔවුන්ගේ ව්‍යාපාරය දියුණු කිරීමට අවශ්‍ය විශ්වාසය ලබා දෙනවා.” යනුවෙන් HNB ලීසිං ප‍්‍රධානී, සුසිත පෙරේරා මහතා පැවසීය.

ක්ෂේත‍්‍රයේ වඩාත්ම දැරිය හැකි මිලට HNB හි ලීසිං සේවා භාවිතා කරනු ලබන පාරිභෝගිකයින්ට ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතාවලට ගැලපෙන Easy Draft කාල සීමාවක් තෝරාගත හැක. HNB අවම වශයෙන් මාස 12 ක කාල සීමාවක් ලබා දෙන අතර එය මාස 18 දක්වා දීර්ඝ කළ හැකිය. වෙනස්වන ව්‍යාපාරික තත්වයන්ට හැඩගැසීමට ණය ගැතියන්ට නම්‍යශීලී බවක් ලබා දෙයි. තවද, පාරිභෝගිකයින්ට කිසිදු අමතර ගාස්තුවකින් තොරව ඔවුන්ගේ Easy Draft ඉක්මනින් ආපසු ගෙවිය හැකිය.

මෙම සේවාව තරඟකාරී පොලී අනුපාත මෙන්ම පැහැදිලි සහ සාධාරණ මිල ගණන් සමඟින්, ණය ගැතියන්ට වගකීමෙන් තම මූල්‍ය කටයුතු කළමනාකරණය කළ හැකි බව සහතික කරයි. මීට අමතරව, මූලික තක්සේරුව සහ ව්‍යාපාරයේ අවශ්‍යතා මත පදනම්ව, මෙම සේවාව හරහා ලබා ගත හැකි ලීසිං මුදල රුපියල් මිලියන 1 සිට මිලියන 50 දක්වා පරාසයක පවතී. අත්‍යාවශ්‍ය අරමුදල් වෙත ප‍්‍රවේශය තවදුරටත් වැඩිදියුණු කරමින්, යම් යම් කොන්දේසිවලට යටත්ව, පාරිභෝගිකයින්ට තමන් සතු වාහන කිහිපයක් ඇපකරයක් ලෙස භාවිත කිරීමට හැකියාව ඇත.

 

HNB පාරිභෝගික බැංකුකරණ සමූහ – නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සන්ජේ විජේමාන්න මහතා (වමේ සිට සිව්වැන්නා), රාජගිරිය HNB පාරිභෝගික ඒකකයේදී ලීසිං පාරිභෝගික, මහින්ද දෙල්පචිත‍්‍ර මහතා සමඟ පළමු Easy Draft පහසුකම හුවමාරු කරගනිමින්.

අටාලේ ශ්‍රී ලංකාවේ විශාලතම රබර්...
2025 மூன்றாம் காலாண்டில் 20 கோடிக்கும்...
கொழும்பில் நடைபெற்ற விசேட மாநாட்டில், தனது...
CINEC Celebrates 1,800 Graduates and...
Sunshine Holdings to Acquire 75%...
සොෆ්ට්ලොජික් ලයිෆ්, Norfund සහ OP...
Sri Lanka Chamber of the...
Felix Fernando elected Chairman of...
සොෆ්ට්ලොජික් ලයිෆ්, Norfund සහ OP...
Sri Lanka Chamber of the...
Felix Fernando elected Chairman of...
அட்டாலே எஸ்டேட்: இலங்கையின் மிகப்பெரிய ரப்பர்...