ශ්‍රී ලාංකේය රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) සහ ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) එක්ව අලෙවිකරණ හා විකුණුම් සංසදයේ (MSF) සහයෝගය ඇතිව එක් දින මහජන සම්බන්ධතා වැඩසටහනක් මෙහෙයවීමට පසුගියදා කටයුතු කරන ලදී. විශේෂයෙන් එදිනෙදා ජීවිතයට රක්ෂණය සහාය වන ආකාරය පිළිබඳව මහජන අවබෝධය ඉහළ නැංවීම සහ විවිධ ප්‍රජාවන්හි මූල්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන දියත් කරනු ලැබීය.
ශ්‍රී ලංකාවේ ආරක්ෂණ පරතරය පියවීම වෙනුවෙන් සහයෝගී උත්සාහයක් තුලින් රක්ෂණ කර්මාන්තය සම්බන්ධ කර ඇති IRCSL හි සභාපති ආචාර්ය අජිත් රවීන්ද්‍ර ද මෙල් මහතාගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන මාතර නගරයෙන් නිල වශයෙන් ආරම්භ කරමින් අකුරැස්ස, දෙනියාය, බෙලිඅත්ත, කඹුරුපිටිය, වැලිගම, දික්වැල්ල සහ හක්මන යන ප්‍රදේශයන් පුරා පවත්වනු ලැබීය.
ශ්‍රී ලංකාවේ රක්ෂණ නියෝජිත ආයතනය ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) රක්ෂණ ව්‍යාපාරයන්හි නියුතු සියලු රක්ෂණ සමාගම් සිය සාමාජිකත්වයට යටතට ගෙන ඇත. දකුණු පළාත් ජනතාව වෙනුවෙන් රක්ෂණය පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් වූ මෙම සුවිශේෂී වැඩසටහන දියත් කිරීමේදී ඒ තුළින් සුවිසල් කාර්යභාරයක් ඉටුකරනු ලැබුවේ සියලු රක්ෂණ සමාගම් එම වැඩසටහන සමඟ සම්බන්ධ කරගනිමිනි.
මේ සඳහා ජීවිත රක්ෂණ නියෝජිතයින් එක් කරගනිමින් වැඩසටහන සාර්ථක කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ ප්‍රධාන ආයතනයක් වන අලෙවිකරණ හා විකුණුම් සංසදය (MSF) කටයුතු කරනු ලැබීය. එහිදී එම රක්ෂණ නියෝජිතයින් කළමනාකරණය කිරීම හා අදාල සේවාවන් වෙත යොමු කිරීම එම ආයතනය මඟින් සිදු කරන ලදී. මීට අමතරව අලෙවිකරණ හා විකුණුම් සංසදය මඟින් ජීවිත රක්ෂණ උපදේශකයින් සඳහා වූ ජාතික සංසදය (NAFLIA) සහ සාමාන්‍ය රක්ෂණ අලෙවි සම්මේලනය (GISCO) වැනි ප්‍රමුඛ වැඩසටහන්ද සංවිධානය කරනු ලබයි. මේ සියලු දේ තුළින් ඔවුන් අරමුණු කොට ඇත්තේ ශ්‍රී ලංකාව පුරා මහජනතාව දැනුවත් කිරීම, කර්මාන්ත විශිෂ්ටත්වය ඇගයීම සහ හැකියාවන් ඉහළ නැංවීමයි.
ප්‍රමුඛ ජීවිත රක්ෂණ සපයන්නන් විසින් ප්‍රාදේශීය ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන මෙහෙයවූ අතර ප්‍රජා සම්බන්ධතා ක්‍රියාකාරකම් සංවිධානය කිරීමේදී හා ප්‍රාදේශීය ප්‍රජාවන් සමග ඍජුව සම්බන්ධ වීමේදී ඔවුන් විසින් සුවිසල් කාර්යභාරයක් ඉටු කරන ලදී. අන්තර් ක්‍රියාකාරී සැසි, අධ්‍යාපනික ක්‍රියාකාරකම් සහ සංවාදයන්ගෙන් සැදුම්ලත් මෙම වැඩසටහන තුළින් මූල්‍ය ශක්තිය ඉහළ නැංවීම සඳහා රක්ෂණය සතු හැකියාව ඉහළ නැංවිය හැකි ආකාරය පිළිබඳව සෑම වයස් මට්ටමකම පුද්ගලයින් වෙත ලබා දීමට කටයුතු යොදා තිබිණ.
මාතර දිස්ත්‍රික්කය පුරා දැනුවත් කිරීම සහ ප්‍රජාව බලගැන්වීම වෙනුවෙන් වූ මෙම වැඩසටහන් තුලින් සුවිසල් බලපෑමක් ඇති කිරීමට හැකි වූ අතර ශ්‍රී ලංකාවේ කර්මාන්ත නියමන සහයෝගීතාව වෙනුවෙන් නව සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමටද ඊට හැකි විය. තවද ඒ තුලින් බිම් මට්ටමේ මූල්‍ය අධ්‍යාපනය හා සමානාත්මතාවය උදෙසා ඒකාබද්ධ වැඩපිළිවෙලෙහි හැකියාවද පිළිබිඹු විය.
මෙහිදී අදහස් දැක්වූ IASL හි සභාපති ලසිත විමලරත්න මහතා “රක්ෂණයෙන් ජීවිත වෙනස් කළ හැකි ආකාරය පිළිබඳව දැනුවත් බව ඇති කිරීම ශක්තිමත් හා මූල්‍යමය වශයෙන් සුරක්ෂිත සමාජයක් ඇති කිරීමේ පළමු පියවර ලෙස පෙන්වා දිය හැකියි. ඒ පිළිබඳ දැනුවත්භාවය අභියෝගයක් ලෙස අප හඳුනාගෙන ඇති අතර මෙම වැඩසටහන එම පරතරය පියවීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.” යනුවෙන් පවසනු ලැබීය.
මෙම වැඩසටහනෙහි තවත් සුවිශේෂී සිදුවීමක් වූයේ ජූනි 26 වැනි දින මාතර රුහුණු විශ්වවිද්‍යාලයේ රවින්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරයේදී පැවති වැඩමුළුවයි. ‘රක්ෂණයේ ප්‍රායෝගික අංශ සහ ඒවායෙහි වැදගත්කම’ පිළිබඳව පැවති එම වැඩමුළුව සඳහා විශ්වවිද්‍යාල සිසුන්, පාසල් සිසුන් සහ මහජනතාව ඇතුල් 1500කට අධික පිරිසක් එක්ව සිටියහ.
මෙම අවස්ථාවට එක් වෙමින් අදහස් දැක්වූ IASL හි විකුණුම් හා අලෙවි සංසදයේ සභාපති රොශාන් පීරිස් මහතා පවසා සිටියේ මෙවැන්නකි. “මෙම වැඩසටහනේදී මහජනතාවගෙන් අපට ඉතා ධනාත්මක ප්‍රතිචාර හිමි වුණා. සියලු පාර්ශවකරුවන් එක් පොදු අරමුණක් වෙනුවෙන් එක් වූ විට සුවිසල් බලපෑමක් ඇති කළ හැකි බව මේ තුලින් තහවුරු වුණා. ඒ වගේම ඉදිරියේදී දිවයින පුරා මෙම වැඩසටහන දියත් කිරීමට මෙන්ම එහි හැකියාව ඉහළ නැංවීමට අපි බලාපොරොත්තු වනවා”
එසේම ශ්‍රී ලංකා පොලීසිය හා ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය සමඟ එක්ව මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීමද මෙහි විශේෂත්වයක් විය. ප්‍රජා යහපැවැත්ම සහ මහජන ආරක්ෂාව ඉහළ නැංවීමේදී රක්ෂණයේ කාර්යභාරය තව දුරටත් ශක්තිමත් කිරීමටද ඒ තුළින් හැකියාව උදා විය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ IRCSL හි සභාපති ආචාර්ය අජිත් රවීන්ද්‍ර ද මෙල් මහතා සඳහන් කර සිටියේ “මෙම වැඩසටහන තුලින් සාමාන්‍ය හා රක්ෂණ අංශ දෙකෙහිම මූල්‍යමය වශයෙන් සුරක්ෂිත හා වඩාත් ආරක්ෂිත ප්‍රජාවක් ගොඩනැගීම සඳහා වන අපගේ කැපවීම මනාව පිළිබිඹු වනවා. එසේම මේ හරහා මහජනතාව සමඟ ඍජුව සම්බන්ධ වෙමින් රක්ෂණය පහසුවෙන් සලසා ගත හැකි හා අවබෝධ කරගත හැකි ආකාරය මෙන්ම එය එදිනෙදා ජීවිතයට යොදා ගැනීම සඳහා රක්ෂණ ක්ෂේත්‍රය ගෙන ඒමට හැකිවීම පිළිබඳව ඉතාමත් සතුටට පත් වෙනවා.” යනුවෙනි.
ඉදිරි මාසයන්හිදී ‘සුරක්ෂිත අනාගතයකට – සැමට රක්ෂණය’ තේමා කරගනිමින් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) සහ ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) එක්ව මෙම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇත.