වසරේ People’s Youth Choice Brand සම්මානයෙන් පිදුම් ලැබූ සැම්සුන් නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිය රෙදි සෝදන යන්ත්‍රවල භාවිතා කරනු ලබන Digital Inverter Motor සහ ශීතකරණවල භාවිත කරනු ලබන Digital Inverter Compressor සඳහා පළමු වරට වසර 20 ක් වගකීමක් හඳුන්වා දී ඇත. වසර 20ක දීර්ඝ වගකීමේ කාලයක් ලබා දෙන දැනට වෙළඳපොලේ ඇති එකම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන්නේ සැම්සුන්ය.
නිෂ්පාදනවල විශ්වසනීයත්වය සහ කල්පැවැත්ම ඉහළ දැමීමෙන් සැම්සුන් ලබා දෙන මෙම සුවිශේෂී දීමනාව පාරිභෝගිකයින්ට මහත් අස්වැසිල්ලක් වනු නොඅනුමානය. ඒවගේම මෙමගින් ඊ-අපද්‍රව්‍ය (e-waste) අවම කිරීම, තිරසාරභාවය සඳහා දිරිමත් කිරීම සහ පාරිභෝගිකයින්ට උසස් තත්වයේ හා දිගු කල් පවතින උපකරණ ලබා දීම පමණක් නොව ඔවුන්ට තිරසාර ජීවන රටාවක් පවත්වා ගැනීම සඳහා වන කැපවීම උදෙසා තවදුරටත් සහාය දක්වයි.
සැම්සුන් හි වැඩිදියුණු කළ Digital Inverter Compressor සහ Digital Inverter Motor මගින් ගුණාත්මකභාවය සහ තිරසාරත්වය සඳහා වන සමාගම සිදු කරනු ලබන ආයෝජනයන් මැනවින් පෙන්නුම් කරන අතර එමගින් අවසානයේදී පාරිභෝගිකයින්ගේ විශ්වාසය දිනා ගැනීමට සමාගමට හැකිව ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් සැම්සුන් ශ්‍රී ලංකා කළමනාකාර අධ්යක්ෂ සන්ග්වා සොන්ග් මහතා පැවසුවේ ‘‘අපගේ පාරිභෝගිකයින්ට තිරසාර විසඳුම් ලබා දීම සඳහා වන අපගේ දැක්ම සමඟින් අපි අපගේ රෙදි සෝදන යන්ත්‍ර සහ ශීතකරණ සඳහා භාවිත කරනු ලබන ඩිජිටල් ඉන්වර්ටර් මෝටර සහ කොම්ප්‍රෙෂර සඳහා වසර 20 ක වගකීම් කාලයක් හඳුන්වා දී තිබෙනවා. නිතර නිතර ගෘහ උපකරණ මාරු කිරීම කාලය හා ශක්තිය වැය කිරීමක් පමණක් නොව භෞතිකමය වශයෙන් අපද්‍රව්‍ය එක්රැස් කිරීමක් ද වනවා. එබැවින්, මෙම මුලපිරීම මගින් අප අපගේ පාරිභෝගිකයින්ට මනසට අස්වැසිල්ලක් මෙන්ම දිගු කල්පැවැත්මක් ලබා දෙන අතරම e-waste අවම කිරීමටද අරමුණු කරනවා.’’ යනුවෙනි.
Digital inventor තාක්ෂණයෙන් බලගැන්වුණු වැඩිදියුණු කළ කල්පැවැත්ම
Digital Inverter Technology (DIT) මගින් බලශක්ති කාර්යක්ෂමතාව, ක්‍රියාකාරීත්වය සහ ශීතකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර වැනි විශාල උපකරණවල කල්පැවැත්ම ඇතුළු බොහෝ සාධක කෙරෙහි බලපෑමක් ඇති කරනු ලබයිx එබැවින්, වසර 20 ක වගකීමේ කාලයක් සහිතව මෙම තාක්ෂණය ආරක්ෂා කිරීම මගින් උපකරණවල දිගු කල්පැවැත්ම ඇති කරනවා මෙන්ම විශ්වසනීයත්වය තුළින් පරිශීලකයින්ට මනා අස්වැසිල්ලක් හා අපද්‍රව්‍ය නිසා පරිසරයට සිදු වන හානිය ද අවම කරයි.
ඩිජිටල් ඉන්වර්ටර්ස් හි ක්‍රියාකාරීත්වය
ඩිජිටල් ඉන්වර්ටර් මෝටරය ප්‍රබල චුම්බක ශක්තියකින් යුතු වන අතර එය ගොරෝසු බව අවම කර ඔබේ රෙදි සෝදන යන්ත්‍රය වඩාත් සුමට ලෙස ක්‍රියා කිරීමට ඉඩ සලසයි. එමඟින් සුව පහසු ජීවිතයකට ඉඩ සලසයි. එය රෙදි සේදීමේදී සෝදනු ලබන රෙදි ප්‍රමාණය අනුව සේදීමට වැයවන පිරිවැය ද අවම කරයි.
ඩිජිටල් ඉන්වර්ටර් කොම්ප්‍රෙෂරයට වෙනත් සම්මත කොම්ප්රෙෂරවල මෙන් නොව වෙනස් විය හැකි වේගයකින් ක්‍රියා කළ හැකිය. Digital inverter compressor සෑම විටම ක්‍රියාත්මක වී තිබෙන නමුත් වෙනස් වේගවලට අනුව ක්‍රියාත්මක කළ හැකිය. මෙමගින් ශීතකරණය තුළ ඉහළ කාර්යක්ෂමතාවයක් මෙන්ම ස්ථාවර උෂ්ණත්වයක් පවත්වා ගෙන යාම සහතික කරයි. තවද එමගින් සැලකිය යුතු අඩු පිරිවැය, කාබන් පියසටහන අවම කිරීම, අඩු ශබ්දයක් සහ කොම්ප්‍රෙෂරය සඳහා දිගුකල් පැවැත්මක් ඇති කරනු ලබයි.
බලශක්ති කාර්යක්ෂමතාව සඳහා සහතිකයක්
අන් සියලූම උපකරණවල එහි පිළිගත් කල්පැවැත්ම සමඟ සැලකීමේදී සැම්සුන් හි Digital Inverter තාක්ෂණය වඩාත් කැපී පෙනේ. එහි ඩිජිටල් ඉන්වර්ටර් තාක්ෂණය වගකීම් කාලය දීර්ඝ කිරීම මගින් වසර 20ක් පුරාවට වැඩිදියුණු කිරීම් සිදු වනු ඇති බවට සැම්සුන් සමාගම සිය පාරිභෝගිකයන්ට පොරොන්දු වෙයි.
මෙයින් අදහස් වන්නේ යම් උපකරණයක් නිෂ්පාදනය කරන අතරතුර හෝ ඉන් පසුව වුවද නඩත්තු කිරීමට සහ සේවා සැපයීමට අවශ්‍ය කොටස් වසර 20ක් සඳහා ලබා ගත හැකි වනු ඇති බවයි.
කල්පැවැත්ම තුළින් තිරසාර බව කරා
දිගු කල් පැවැත්මක් සමඟින් තිරසාරව ජීවත් වීමට කුඩා තේරීම් මගින් ලෝකය තුළ විශාල බලපෑමක් ඇති කළ හැකි බැවින් ඒ සියල්ල නිවසින් ආරම්භ කළ යුතු බව සැම්සුන් විශ්වාස කරයි. වසර 20 ක වගකීම් සහතිකය සමඟින් එන සිය මුළුතැන්ගෙයි සහ ගෘහ ජීවිතයේ භාවිත කරනු ලබන උපකරණවලට නව්‍ය විසඳුම් එක් කරමින් නිවස සඳහා තිරසාර විසඳුම් ක්‍රියාත්මක කිරීමට සැම්සුන් සහාය වෙයි.
සැම්සුන් හි දිගු කල්පැවැත්ම සමඟින් කල්යත්ම වැඩිදියුණු කළ කාර්යක්ෂම ශීතකරණයක් හෝ රෙදි සෝදන යන්ත්‍රයක් සොයන පාරිභෝගිකයින් සඳහා එය සුදුසුම තේරීම බවට පත් වෙයි.