සැම්සුන් Soundbar වසර 9ක් අඛණ්ඩව ගෝලීය විකුණුම් වෙළෙඳපොලේ අංක 1 ස්ථානයට ශ්‍රේණිගත වෙයි

Share

Share

Share

Share

FutureSource Consulting නම් පර්යේෂණ ආයතනයට අනුව ගෝලීය soundbar වෙළෙඳපොලේ ප‍්‍රමුඛයා ලෙස Samsung Electronics ඇගයීමට ලක් කර ඇත. පෙබරවාරි මස ප‍්‍රකාශයට පත් කරන ලද නව වාර්තාවකින් පෙන්වා දෙන්නේ සැම්සුන් අඛණ්ඩව වසර 9ක් soundbar වෙළෙඳපොලේ ඉහළින්ම රැඳී සිටින බවත් එහි වෙළෙඳපල කොටස 20.2% ක් සහ 2022 හි එම ක්ෂේත‍්‍රයේ විකුණුම් ප‍්‍රමාණයෙන් 18.4% නියෝජනය කරන බවයි.

ප‍්‍රධාන පෙලේ ප‍්‍රිමියම් Q-series මාලාව ඇතුළුව සැම්සුන් soundbars ප‍්‍රබල සහ තාක්ෂණයෙන් අනූන ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු හඬ, රූපවාහිනීවලට අනුකුලව වැඩිදියුණු කර තිබීම සහ සියුම්ව හා නවීන පන්නයට ඔබින ලෙස මනාව සකස් කර ඇත. SpaceFit Sound වැනි විශේෂාංග පාරිභෝගිකයින් සහ විශ්ලේෂකයින්ගේ ප‍්‍රශංසාවට ලක්ව ඇත්තේ එයටම සුවිශේෂී වූ ශබ්ද අත්දැකීම් නිසාය.

සැම්සුන් soundbars ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන්ගේ සහ විශ්ලේෂකයින්ගේ සිත් දිනා ගෙන ඇති ඇත. AVForums වැනි ආයතන සමඟින් 2022 වසරේ “Best in Class” ජයග‍්‍රාහකයා ලෙස HW-Q990B තෝරා ගන්නා ලද අතර Newsweek අදහස් දක්වමින් පවසා සිටින්නේ HW-S800B ඉතා සිත් ඇද ගන්නා සුළු හඬ ලබා දෙන බවයි.

සැම්සුන් මේ වසරේදී පාරිභෝගිකයින්ගේ සහ home theater වලට දැඩි ලෙස ආසා කරන්නන්ගේ සිත් දිනා ගැනීම සඳහා ඉතා ආකාර්ෂණීය සිනමාමය ශබ්ද සහ ප‍්‍රධාන පෙළේ ශ‍්‍රව්‍ය විශේෂාංග සමඟින් සිය soundbar පෙළ නව මානයකට රැගෙන යමින් සිටී.

මේ පිළිබඳව අදහස් දක්වමින් සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් Visual Display Business හි  විධායක උප සභාපති Cheolgi Kim මහතා පැවසුවේ ‘‘අපගේ පාරිභෝගිකයින්ගේ ක‍්‍රම ක‍්‍රමයෙන් වෙනස්වන වන අවශ්‍යතා සපුරාලන ක්ෂේත‍්‍රයේ ඉදිරියෙන්ම සිටින ගෘහස්ථ රසවින්දනාත්මක අත්දැකීමක් ඔවුන්ට ලබා දීමට සැම්සුන් කැපවී සිටිනවා. Samsung soundbars යනු ඉහළ තාක්ෂණය හා වැඩිදියුණු කළ සබඳතාවය සමඟින් ඉතා උසස් මට්ටමේ සිනමාමය ශ‍්‍රව්‍ය අත්දැකීමක් සහිත සැම්සුන් රූපවාහිනිවලට කදිමට ගැලපෙනවා.’’ යනුවෙනි.

Futuresource වලට අනුව, පසුගිය වසර තුන තුළ ගෝලීය soundbar වෙළෙඳපොල 5.7% ක පමණ ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කර තිබේ. 2022 වසරේදී soundbar වෙළෙඳපොලේ මිලියන 23.16 ක විකුණුම් ප‍්‍රමාණයක් වාර්තා කර ඇති අතර එම ප‍්‍රමාණය 2025 වන විට විකුණුම් මිලියන 26ක් දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂිතය.

ஆசியாவின் சிறந்த வளர்ந்துவரும் Podcast விருதை...
2026 FIFA உலகக் கிண்ணத்தின் முதல்...
2026 FIFA ලෝක කුසලාන තරඟාවලිය...
From Exam Tips to Career...
S&P Sri Lanka சுட்டெண்ணில் இணையும்...
HNB, විශ්වාසය, නායකත්වය සහ නවෝත්පාදන...
TikTok releases Q3 2025 Community...
Softlogic Life Ignites the Resilient...
HNB, විශ්වාසය, නායකත්වය සහ නවෝත්පාදන...
TikTok releases Q3 2025 Community...
Softlogic Life Ignites the Resilient...
TikTok to bring FIFA World...