Huawei අඛණ්ඩව දෙවන වරටත් Gartner® Peer Insights™ හි පාරිභෝගික තේරීම බවට පත් වෙයි

Share

Share

Share

Share

Huawei සමාගම 2026 Gartner Peer Insights Voice of the Customer for Backup and Data Protection Platforms වාර්තාවේ දී අඛණ්ඩව දෙවන වරටත් පාරිභෝගික තේරීම (Customers’ Choice) ලෙස නම් කර ඇත. 2025 දෙසැම්බර් 31 වන විට ලැබුණු සමාලෝචන 241ක් මත පදනම්ව, Huawei හි OceanProtect Data Protection නිෂ්පාදනය සඳහා 100%ක නිර්දේශ කිරීමේ කැමැත්තක් (willingness-to-recommend) වාර්තා විය.

ව්‍යාපාරික මෘදුකාංග හා සේවා සම්බන්ධව කටයුතු කරන පුද්ගලයින්ට අවශ්ය වන Gartner Peer Insights පාරිභෝගික සමාලෝචන වෙනුවෙන් නොමිලේ භාවිත කළ හැකි නිෂ්පාදනයකි. ඒ තුලින් ලබා දෙන පාරිභෝගික අත්දැකීම්, පාරිභෝගිකයින් විසින් බහුලව භාවිත කිරීම හා පහසු භාවිතය වැනි සාධක පදනම් කර ගනිමින් මෙම ගෞරවය Huawei සමාගම වෙත ලබා දී ඇත. මෙහිදී විශේෂයෙන් ඉහත සාධකයන්ගෙන් වෙළෙඳපොලේ සාමාන්ය පරිශීලක උනන්දුව සහ සමාලෝචන ලකුණු සම්බන්ධයෙන් ඉහලින්ම සිටින සමාගම් පමණක් සමාලෝනය සඳහා යොදා ගන්නා ලදී.

ඒ අනුව Huawei OceanProtect පාරිභෝගික ඇගයීම්හිදී සමස්ත ලකුණු 5න් 4.9ක ඉහළ ලකුණු මට්ටමක් සාක්ෂාත් කර ගනිමින් මූල්ය, නිෂ්පාදන හා බලශක්ති ඇතුලු ක්ෂේත්‍ර රැසක් තුළ අභිමානයට ලක් විය. Huawei OceanProtect නිෂ්පාදනයන් සතු ගුණාත්මකභාවය හා අලෙවියෙන් පසු සේවාව පිළිබඳව ලොව පුරා පාරිභෝගිකයින් තබා ඇති විශ්වාසය මේ තුලින් වඩාත් තහවුරු වේ.

මෙම ඇගයීම පිළිබඳව අදහස් දක්වමින් Huawei Data Protection Domain හි සභාපති Song Ke මහතා පවසා සිටියේ “ OceanProtect, Data Protection වෙනුවෙන් Gartner Peer Insights හි පාරිභෝගික තේරීම ලෙස නැවතත් සම්මාන ලැබීම Huawei සමාගම අත්කරගත් සුවිශේෂී ගෞරවයක් ලෙස සැලකිය හැකියි. මේ තුලින් අපගේ නිෂ්පාදන නවීකරණය සහ විශිෂ්ට සේවාව පිළිබඳව පාරිභෝගිකයින් තබා ඇති විශ්වාසය මනාව පිළිබිඹු වනවා. නිරන්තරයෙන් නව්‍යකරණය වෙනුවෙන් කටයුතු කරන අප ඉදිරියටත් පාරිභෝගික අවශ්යතාවලට මුල්තැන දෙමින්, වඩාත් වේගවත්, ලාභදායී සහ ශක්තිමත් Data Protection විසඳුම් ලබාදීමට අපි කැපවී සිටිනවා.” යනුවෙනි.

නිෂ්පාදන පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට https://e.huawei.com/en/products/storage/oceanprotect වෙත පිවිසෙන්න.

ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය ඉහළ...
இலங்கையில் மருந்து உற்பத்தியை வலுப்படுத்துவதற்கு கைகோர்க்கும்...
கல்வி மற்றும் சுகாதாரத் துறையில் புதிய...
உணவு மேசையில் குடும்பங்களை ஒன்றிணைக்கும்‘TikTok அப்பா’
Mahindra Ideal Finance කොළඹ ප්‍රධාන...
Xiaomi 17T அறிமுகத்துடன், Xiaomi இன்...
காலி நகரின் பிரம்மாண்டமான கொண்டாட்டங்களுக்கான புதிய...
அகமதாபாத் – கொழும்பு இடையே நேரடி...
Xiaomi 17T அறிமுகத்துடன், Xiaomi இன்...
காலி நகரின் பிரம்மாண்டமான கொண்டாட்டங்களுக்கான புதிய...
அகமதாபாத் – கொழும்பு இடையே நேரடி...
Perituza engages Sri Lanka’s agency...