ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන Prime Lands Residencies PLC සමාගමේ තවත් සුවිශේෂී ව්‍යාපෘතියක් වන ‘43 by the Sea’ හි නිවාස ඒවායෙහි පදිංචිකරුවන් වෙත නිල වශයෙන් භාරදීම පසුගියදා සිදුකෙරිණි. මෙය කොළඹ නගරයේ Marine Drive හි සියලු පහසුකම්වලින් සමන්විත ස්ථානයක පිහිටි සුඛෝපභෝගී නිවාස එකතුවකි. 2023 වසරේදී මෙහි ඉදිකිරීම් ඇරඹුණු අතර, ආරම්භයේ සිටම තමන් කෙරෙහි නොසැලෙන විශ්වාසය රැඳවූ ගැනුම්කරුවන් වෙත ලබාදුන් ප්‍රතිඥාව යථාර්ථයක් බවට පත්කරමින් Prime Lands Residencies PLC විසින් මෙම ව්‍යාපෘතිය නිසි කලට අවසන් කර එය පදිංචිකරුවන් වෙත භාරදෙන ලදි.
නිවාස භාරදීම සඳහා විශේෂ උත්සවයක් පැවැත්වීමටද Prime Lands Residencies PLC කටයුතු යොදා තිබිණි. එය සොඳුරු පරිසරයක ජීවත් වීමට තීරණය කළ සොඳුරු නිවැසියන් පිරිසකගේ ජීවිතවල සුවිශේෂී සන්ධිස්ථානයක් විය. මෙම නිවැසියන් බහුතරයක් ව්‍යාපෘතිය ආරම්භයේදීම නිවාස වෙන්කරවාගෙන තිබුණේ සාධක රැසක් හේතුවෙනි. සුන්දර දසුන් මවන සාගරය ආසන්නයේ පිහිටා තිබීම සහ කොළඹ නගරයේ බොහෝ ස්ථාන වෙත ඉතා පහසුවෙන් ළඟා විය හැකි වීම මෙන්ම දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ Prime Lands Residencies PLC දිනා සිටින කීර්තිය ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. මෙම සාධක ඔස්සේ ඔවුන් තැබූ බලාපොරොත්තු සියල්ල කිසිදු වෙනසකින් තොරව ඉටු වී ඇති බව එදින තවදුරටත් තහවුරු විය.
කොළඹ නගරයේ ප්‍රධාන පෙළේ පාසල්, රෝහල්, වාණිජ මධ්‍යස්ථාන සහ සංස්කෘතික වැදගත්කමකින් යුත් ස්ථාන වෙත පහසුවෙන් ළඟා විය හැකි, සාගරයට මුහුණ ලා පිහිටි ස්ථානයක සුඛෝපභෝගී නිවාස එකතුවක් ඉදිකිරීමේ අරමුණින් සමාගම විසින් මෙම ස්ථානය තෝරාගන්නා ලදි. අදාළ සියලු අවසරයන් ලබාගෙන මෙම ව්‍යාපෘතිය ඉදි කර ඇති අතර, නිවාසවල ඔප්පු ඒවායෙහි ගැනුම්කරුවන් වෙත පැවරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. 43 by the Sea ව්‍යාපෘතියේ නිවාස සියල්ල දැනටමත් අලෙවි වී අවසන්ය.
මහල් 12 කින් යුත් 43 by the Sea නිවාස ව්‍යාපෘතිය නිදන කාමර 3 සහ 4 බැගින් වූ සුඛෝපභෝගී නිවාස එකතුවකින් සමන්විත වේ. සෑම නිවසක්ම එහි පිහිටීමෙන් උපරිම ප්‍රයෝජන ලැබෙන පරිදි ප්‍රවේශමෙන් නිර්මාණය කර ඇත. නිවාසවල සැලසුම් සහ ඒවා මුහුණ ලා ඇති දිශාව ආදිය ඉමහත් සැලකිල්ලෙන් යුතුව තීරණය කර ඇති අතර, ඒවා ඉදිකිරීමේදී භාවිතා කර ඇත්තේ සුඛෝපභෝගී නිවාස ඉදිකිරීමේදී භාවිතා කරන උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය හා උපාංග පමණි. මේ සියල්ල හේතුවෙන් පදිංචිකරුවන්ට වෙරළබඩ පරිසරයක සුන්දරත්වය මෙන්ම නාගරික ජීවිතයක සුඛෝපභෝගී බව සම සේ අත්විඳීමට හැකියාව ලැබී තිබේ.
43 by the Sea ව්‍යාපෘතිය සාර්ථක ලෙස අවසන් වීම, Prime Lands Residencies PLC සමාගම දේපළ සංවර්ධනය සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රවේශය මැනැවින් නිරූපණය කරන්නකි. එම ප්‍රවේශයට පදනම් වී ඇත්තේ ගැනුම්කරුවන් වෙත ලබාදෙන පොරොන්දු එලෙසින්ම ඉටු විය යුතුය යන විශ්වාසයයි. මෙම ප්‍රවේශය ඔස්සේ දැන් මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් වී එහි නිවාස ගැනුම්කරුවන් වෙත භාර දී ඇති අතර, ඔවුහු දැන් එම නිවාසවල පදිංචියට පැමිණ සිටිති. Prime Lands Residencies PLC සමාගම තමන් ක්‍රියාත්මක කරන සෑම ව්‍යාපෘතියකදීම අනුගමනය කරනුයේ මෙම ප්‍රවේශයයි.
Prime Lands Residencies PLC යනු මෙරට ඉහළම තලයේ නේවාසික ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධයෙන් නොසැලෙන කීර්තියක් දිනා සිටින සමාගමකි. විශ්වාසය හා විශිෂ්ටත්වය සම්බන්ධයෙන් Prime සමූහ ව්‍යාපාරය සතු දශක ගණනක උරුමය තුළින් එය පන්නරය ලබයි. නොබෝදා අති සාර්ථක අන්දමින් නිමා වී නිවැසියන් අතට පත් වූ 43 by the Sea ව්‍යාපෘතිය, Prime Lands Residencies PLC සමාගම සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කළ සුවිශේෂී ව්‍යාපෘතියක් ලෙස හැඳින්විය හැකි වේ.
Prime Lands Residencies PLC පිළිබඳව
Prime Lands Residencies PLC යනු මෙරට වඩාත්ම ස්ථාවර සහ ගෞරවය දිනූ දේපළ සමූහ ව්‍යාපාර අතරින් එකක් වන Prime සමූහ ව්‍යාපාරයට අයත් ලැයිස්තුගත දේපළ සංවර්ධන සමාගමකි. වසර 30 ක උරුමයක් හිමි Prime සමූහය මේ වන විට රට පුරා සුඛෝපභෝගී තට්ටු නිවාස සංකීර්ණ සහිත ව්‍යාපෘති 70 කට අධික සංඛ්‍යාවක් සාර්ථක ලෙස සම්පූර්ණ කර ඇති අතර, උසස් තත්වය, විශ්වාසනීයත්වය සහ විශිෂ්ට ව්‍යාපෘති කළමනාකරණය සම්බන්ධයෙන් විශාල කීර්තියක් දිනා සිටී.
Prime සමූහයේ නිවාස සංවර්ධන අංශය ලෙස Prime Lands Residencies PLC සමාගම කොළඹ කොටස් වෙළදපොළේ ලියාපදිංචි සමාගමක් වන අතර එහි ප්‍රධානතම අරමුණ වන්නේ නිවාස හිමියන්ට සහ ආයෝජකයන්ට දීර්ඝකාලීන වටිනාකමක් ලබා දෙන, සෑම අංශයක්ම මැනැවින් සැලකිල්ලට ගෙන සැලසුම් කරන ලද, උසස් තත්ත්වයේ ජීවන අවකාශයන් නිර්මාණය කිරීමය. එම අරමුණ ඔස්සේ සමාගම විසින් නාගරික ප්‍රදේශ ඉලක්ක කරගෙන ඉහළම තලයේ සුඛෝපභෝගී පහසුකම් සහ විශිෂ්ට සැලසුම් සහිත විශේෂ නිවාස ව්‍යාපෘති වැඩසටහනක් වශයෙන් ‘The One Collection’ ක්‍රියාවට නංවනු ලබයි.




