ඊ.බී. ක්‍රීසි සහ සමාගමේ BIC සහ DENTA කර්මාන්තශාලාවට ‘Women Led Sustainability Awards 2026’ හිදී සම්මානයක්

Share

Share

Share

Share

ඊ.බී. ක්‍රීසි සහ සමාගමේ BIC සහ DENTA කර්මාන්තශාලාව පසුගියදා පැවැත්වුණු ‘Women Led Sustainability Projects Appreciation Awards 2026’ හිදී සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. ‘Responsible Care’ වැඩසටහන යටතේ සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල පානදුර ‘The Barnhouse’ හිදී පැවැත්විණි. එහිදී සමාගම විසින් ක්‍රියාවට නංවන ලද ‘අවැසි’ ව්‍යාපෘතිය, වසරේ කාන්තාවන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ විශිෂ්ටතම ව්‍යාපෘති 10 අතරට නම්කරන ලද අතර, ආරක්ෂාව, නවෝත්පාදනය සහ රැකියා ස්ථානයේ තිරසාරත්වය උදෙසා එම ව්‍යාපෘතිය මඟින් ඉටු වූ මෙහෙවර වෙනුවෙන් මෙම සම්මානය පිරිනමන ලදී.

විධායක නිලධාරිනී (තත්ව සහතිකකරණ) ශානිකා අමරසේකර සහ විධායක නිලධාරිනී (බලශක්තිය සහ තිරසාරත්වය) තිලක්ෂි නවෝද්‍යා විසින් මෙහෙයවන ලද ‘අවැසි’ ව්‍යාපෘතිය, සැමට ප්‍රතිලාභ හිමි වන කාර්මික සංවර්ධනයක් උදෙසා සාර්ථක සහ නැවත භාවිතා කළ හැකි ආකෘතියක් ලෙස ඇගයීමට ලක් විය.

Lanka Responsible Care Council (LRCC) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේ ප්‍රධානතම අරමුණ වූයේ රසායනික ද්‍රව්‍ය ක්ෂේත්‍රය තුළ සුරක්ෂිත, වගකීම්සහගත සහ තිරසාර ක්‍රමවේදයන් ප්‍රදර්ශනය කරන සමාගම් හා ආයතන ඇගයීමට ලක්කිරීමය. මෙම සම්මානය, සෞඛ්‍යය, සුරක්ෂිතතාව සහ රැකියා ස්ථානයේ තිරසාරත්වය නැංවීම සඳහා ඊ.බී. ක්‍රීසි සහ සමාගමේ BIC සහ DENTA කර්මාන්තශාලාව දරන නිරන්තර උත්සාහයේ සාර්ථකත්වය මැනැවින් පිළිබිඹු කරන ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකි වේ.

2026 முதல் அரையாண்டில் ரூ. 7.2...
ஆசியாவின் புகழ்பெற்ற ‘Hot Pot’ உணவு...
இலங்கைப் படைப்பாளர்களுக்காக TikTok அறிமுகப்படுத்தும் ”Creator...
இலங்கை வாகனத் துறையில் புதிய டிஜிட்டல்...
BYD Launches RACCO in Japan,...
Fanta at Nallur: Celebrating Faith,...
மண் அடுப்பில் தயாராகும் சுவையான உணவுகளால்...
இசை, சுவையுடன் கட்டுநாயக்கவை அதிரவைத்த Coke...
Fanta at Nallur: Celebrating Faith,...
மண் அடுப்பில் தயாராகும் சுவையான உணவுகளால்...
இசை, சுவையுடன் கட்டுநாயக்கவை அதிரவைத்த Coke...
விசேட சலுகைகளுடன் Samsung Galaxy Z...