අප්‍රෙල් මාසයට අදාලව ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම් දත්ත පසුගියදා එලි දැක්වූ අතර අප්‍රෙල් මාසයේ මෙරට ඇඟලුම් අපනයන ආදායම ඉතා සුළු පසුබෑමක් පෙන්නුම් කරයි. මේ වසරේ අප්‍රේල් මාසය තුල ඇඟලුම් අපනයන ආදායම ඩොලර් මිලියන 328.15ක් වූ අතර එම අගය 2026 මාර්ත තු මාසයේදී දැක්වුනේ ඩොලර් මිලියන 344.40ක් ලෙසටය. මෙම සුළු පසුබෑම සඳහා හේතුවූයේ අප විසින් ඇඟලුම් අපනයනය කරන ප්‍රධාන රටවල වෙළෙඳපොල ආශ්‍රිත සිදු වූ විවිධ විචල්‍යතා හේතුවෙනි. නිදසුනක් ලෙස එක්සත් රාජධානිය වෙත සිදු කරන අපනයන 16%ග91කින් අඩුවීම, යුරෝපා සංගමය වෙත සිදු කරන අපනයන වටිනාකම 8.78%කින්ද ,ඇමරිකා ඒක්සත් ජනපදයට සිදු කරන අපනයනයන්ගේ වටිනාකම 3.46%කින් පහත වැටුණි. ඒහෙත් සාම්ප්‍රධායිමක නොවන වෙළෙඳපොල සඳහා සිදු කල අපනයනය අපෙුල් මාසය තුල 12.61%කින් වර්ධනය වී ඇත. මෙම දත්තයන්ට අනුව සාම්ප්‍රදායික නොව වෙළෙඳපොල ආකර්ෂණය කර ගැනීමේ අවශ්‍යතාව මතු ව ඇත.
2026 ජනවාරි මාසයේ සිට මේ දක්වා රටේ සමස්ත ඇඟලුම් අපනයන ප්‍රමාණය 7.47කින් හෙවත් ඩොලර් බිලියන 7.47කින් පමණ අඩු වී අති බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පවසයි. මෙම දත්තයන්ට අනුව ගෝලීය ඉල්ලුම පත්ව සිටින අභියෝගාත්මක තත්වය මැනවින් පිලිබිඹු වෙයි. එමෙන්ම, ශ්‍රී ලංකාව සිය තරඟකාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීම, වියදම් ව්‍යුහයන් වැඩිදියුණු කිරීම, වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම සහ වැඩි වටිනාකමක් ඇති අවස්ථා වෙත වේගයෙන් යොමු වීමේ අවශ්‍යතාවයද මෙයින් තවදුරටත් අවධාරණය කෙරේ.
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය විශ්වාස කරන ආකාරයට කර්මාන්තයේ දිගුකාලීන ශක්තිය තවදුරටත් නොවෙනස්ව පවතින නමුත්, ඉදිරි ගමන් මාර්ගය සඳහා වඩාත් කේන්ද්‍රීය හා සැලසුම්ගත ජාතික උත්සාහයක් අවශ්‍ය වන බව ඔවුන් විසින් අවධාරණය කරයි. දැනට පවතින අපනයන මට්ටම් ඉක්මවා ගොස් ඇමරිකානු ඩොලර් බිලියන 5 සීමාව පසුකර යාම සඳහා, ශ්‍රී ලංකාව විසින් ඇඟලුම් අපනයන ක්ෂේත්‍රයට ප්‍රතිපත්ති ස්ථාවරත්වය, බලශක්ති වියදම් ප්‍රතිසංස්කරණ, වෙළෙඳ පහසුකම් සැලසීම, කුසලතා සංවර්ධනය සහ සාම්ප්‍රදායික මෙන්ම නවතම වෙළෙඳපොළවල ශක්තිමත් ස්ථානගත කිරීම හරහා සහාය ලබා දිය යුතු බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ අපේක්ෂාවයි. ඇඟලුම් කර්මාන්තය ශ්‍රී ලංකාවේ විදේශ විනිමය උපයා දෙන අතිශයින් වැදගත් ක්ෂේත්‍රයකි. එම ක්ෂේත්‍රයට යළි ප්‍රකෘතිමත් වී වර්ධනය වීමට ඇති හැකියාව, රටේ සමස්ත අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම මත රඳා පවතිනු ඇත.



