Janashakthi Life සමාගම Great Place To Work® විසින් 2026 වසර සඳහා ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථාන 50 අතරට නම් කෙරේ

Share

Share

Share

Share

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන Janashakthi Life සමාගම, Great Place To Work® Sri Lanka විසින් 2026 වසර සඳහා තෝරාගත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථාන 50 අතරට නම් කර තිබේ. මෙම ලැයිස්තුවට මහා පරිමාණ සමාගම් 17ක්, මධ්‍යම පරිමාණ සමාගම් 13 ක්, කුඩා පරිමාණ සමාගම් 10 ක් සහ ඉතා කුඩා පරිමාණ සමාගම් 10 ක් ඇතුළත් වන අතර, සේවකයන් 251 ත් 500 ත් අතර සංඛ්‍යාවක් සිටින සමාගම් ඇතුළත් මධ්‍යම පරිමාණ කාණ්ඩය යටතේ Janashakthi Life සමාගමට මෙම ඇගයුම හිමි විය.

Janashakthi Life සමාගම වෙත හිමි වූ මෙම ඇගයීම, එහි ශක්තිමත් ආයතනික සංස්කෘතිය, සහ නායකත්වය මෙන්ම කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට නිසි ගෞරවය, සහයෝගය සහ බලගැන්වීම හිමි වන සේවා පරිසරයක් පවත්වාගෙන යාම සඳහා සමාගම අඛණ්ඩව ලබාදෙන ප්‍රමුඛත්වය මැනැවින් පිළිබිඹු කරන ජයග්‍රහණයකි. එමෙන්ම කාර්ය මණ්ඩලය තුළ පවතින සුහදත්වය, ආයතනය තමන්ගේම තැනක් ලෙස ඔවුන්ට හැඟී යාම, සමාගම කෙරෙහි ඔවුන් දක්වන ළැදියාව මෙන්ම සියලුම දෙනාට තෘප්තිමත් විය හැකි සේවා පරිසරයක් පැවතීම මෙමඟින් මැනැවින් පිළිබිඹු වේ.

මෙම ඇගයීම සඳහා පදනම් වී ඇත්තේ Great Place To Work® හි ‘Trust Index™ Employee Experience Survey’ නමින් හැඳින්වෙන සමීක්ෂණය සහ ‘Culture Audit™’ නම් ඇගයීමයි. Trust Index™ සමීක්ෂණය මගින් කාර්ය මණ්ඩලය තුළ පවතින විශ්වාසය, ආයතනය පිළිබඳ ආඩම්බර වීමේ හැකියාව සහ රාජකාරිමය සම්බන්ධතා පිළිබඳ අත්දැකීම් සමීක්ෂණයට ලක් වන අතර, Culture Audit™ මගින් ආයතනයේ මානව සම්පත් කළමනාකරණ ක්‍රමවේදයන් ඇගයීමට ලක් කරයි. මෙහිදී ලබාදෙන සමස්ත ලකුණු ප්‍රමාණයෙන් 75% ක් Trust Index™ මඟින්ද ඉතිරි 25% Culture Audit™ මගින්ද තීරණය කෙරේ. මීට පෙර 2025 වසරේදීද Janashakthi Life සමාගම Great Place To Work® Certified™ තත්වය හිමිකර ගත් අතර, 88% ක Employee Trust Index™ ලකුණු ප්‍රතිශතයක් වාර්තා කිරීමට සමත් විය. මේ සියල්ල Janashakthi Life සමාගමේ කාර්ය මණ්ඩලයේ අත්දැකීම් සහ රැකියා ස්ථානයේ භාවිතා වන ක්‍රමවේදයන්හි ප්‍රමිතිය නොවෙනස්ව පවතින බවට සාක්ෂි දරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් Janashakthi Insurance PLC හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා මෙසේ පැවසීය.
“ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථාන 50 අතරට එක්වීම මෙන්ම, අපගේ කාර්ය මණ්ඩලය අතර පවතින සුහදත්වය සහ ආයතනය තුළදී ඔවුන්ට දැනෙන තෘප්තිමත් හැඟීම, අපගේ ආයතනික සංස්කෘතියේ ශක්තිය සහ එයට පදනම් වන දැක්ම මැනැවින් පිළිබිඹු කරනවා. අපගේ කාර්ය මණ්ඩලයෙන් ප්‍රතිචාර අනුව ලැබුණු මෙම පිළිගැනීම, අපගේ සේවා ස්ථානය තවදුරටත් ශක්තිමත් කිරීමටත්, අප සැවොම අනුගමනය කරන වටිනාකම් තවදුරටත් තහවුරු කිරීමටත් විශාල දිරිගැන්වීමක් වේවි. ගෞරවය, සහයෝගීත්වය සහ අවංකභාවය යන අපගේ මූලික වටිනාකම් Great Place To Work® හි දර්ශක තුළද පැහැදිලිව පිළිබිඹු වන අතර, කාර්යසාධනය මූලික කරගත් ප්‍රවේශය සහ නවෝත්පාදනය වැළඳ ගැනීමද අපගේ සංස්කෘතියේ අනිවාර්ය අංග බවට පත් වී තිබෙනවා. තමන්ට සෑම විටම සාධාරණ හා සමාන අවස්ථා හිමි වන බවත්, තමන්ට අවශ්‍ය මඟපෙන්වීම හා සහාය නොඅඩුව ලැබෙන බවත් අපගේ කාර්ය මණ්ඩලය විශ්වාස කිරීම අපට මහත් සතුටක්.”

Janashakthi Insurance PLC සමාගමේ මානව සම්පත් අංශ ප්‍රධානී ධනුෂ්ක සෙනෙත් ඩී. සමරසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය.
“මෙම ජයග්‍රහණය, කාර්ය මණ්ඩලය මූලික කරගත් සහ වටිනාකම් මත පදනම් වූ ආයතනික සංස්කෘතියක් ගොඩනැංවීම සඳහා අපගේ නායකත්වය සහ සාමාජික සාමාජිකාවන් එක්ව දරන ලද සාමූහික කැපවීමක ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකියි. කාර්ය මණ්ඩලයේ සුභසාධනය, වර්ධනය සහ කාර්යසාධනය මෙම ආයතනික සංස්කෘතියේ අනිවාර්ය අංග බවට පත් වී තිබෙනවා. මෙම සංස්කෘතිය සහ සේවක අත්දැකීම තවදුරටත් ශක්තිමත් කිරීම අපගේ අරමුණයි.”

Janashakthi Life දීර්ඝ කාලයක් තිස්සේ තම කාර්ය මණ්ඩලයේ සුභසාධනයට මුල්තැන දෙන සේවා යෝජකයෙකු ලෙස පිළිගැනීමට ලක්ව ඇති අතර, ඉහළ කාර්යසාධනය සහ නවෝත්පාදනය සඳහාද ආයතනය තුළ ප්‍රමුඛත්වය හිමි වේ. එහි මානව සම්පත් ක්‍රමවේද සැලසුම් කර ඇත්තේ, සමාගමේ වටිනාකම් ප්‍රායෝගික යථාර්ථයන් බවට පත්කරන අතරම, කාර්ය මණ්ඩලයේ අපේක්ෂාවන් සම්බන්ධයෙන් සිදු වන වෙනස්කම්වලට අනුගත වන පරිද්දෙනි.

මෙහිලා එක් ප්‍රධානතම අංගයක් වන්නේ, ආයතනික සංස්කෘතිය හැඩගැස්වීම, කුසලතා සංවර්ධනය සහ කාර්යසාධනය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් සියලු මට්ටම්වල මානව සම්පත් කළමනාකරුවන් ඉටු කරන තීරණාත්මක කාර්යභාරය හඳුනාගෙන, ඔවුන්ගේ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා අඛණ්ඩව දැනුම හා පුහුණුව ලබාදීමය. නිතිපතා පුහුණුව ලබාදීම මඟින් කාර්ය මණ්ඩලයට තම හැකියාවන් නිරන්තරයෙන් වැඩිදියුණු කරගැනීමට අවස්ථා හිමිවන අතර, නම්‍යශීලී සහ දෙමුහුන් (Hybrid) සේවා ක්‍රමවේද ඔවුන්ට වැඩි ස්වාධීනත්වයක් ලබාදෙමින් විවිධ අවශ්‍යතාවන්ට අනුව හැඩගැසෙමින් රාජකාරි කළ හැකි පසුබිමක් නිර්මාණය කරයි. විවෘත හා සහයෝගී සේවා පරිසරයක් මඟින් අදහස් හුවමාරුව, සක්‍රීය දායකත්වය සහ නවෝත්පාදනය දිරිමත් කෙරේ.

අර්ථවත් සේවක සම්බන්ධතා සහ සේවක සුභසාධනයද මෙම ක්‍රියාවලියේ අනිවාර්ය අංගයන් බවට පත් වී ඇත. ඒ සඳහා ඔවුන් තුළ නිර්මාණශීලීත්වය, අන්තර් සම්බන්ධතා සහ ආයතනික හැඟීම වර්ධනය කරවන අතරම, රාජකාරි මට්ටමින් ඔබ්බටද ඔවුන්ට සහය වීම ඉලක්ක කරගත් වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. තම කාර්ය මණ්ඩලයේ විවිධත්වය සහ ඒ සමඟ ඇතිවන විවිධාකාර වූ අපේක්ෂාවන් හඳුනාගනිමින්, සියලු දෙනාට එකම ආකාරයේ ප්‍රවේශයක් අනුගමනය කිරීමෙන් වැළකී, ඒ වෙනුවට විවිධ සේවක කාණ්ඩ සහ අවශ්‍යතා අනුව වැඩසටහන් සකස් කරමින්, සැමට සාධාරණය ඉටු වන පරිසරයක් නිර්මාණය කිරීමට Janashakthi Life සමාගම සෑම විටම උත්සාහ දරයි.

Janashakthi Life
1994 වසරේදී ජීවිත රක්ෂණ සමාගමක් ලෙස ආරම්භ වූ Janashakthi Insurance PLC (Janashakthi Life) වසර 30 කට අධික උරුමයක් සමගින් මෙරටට නව්‍ය ජීවිත රක්ෂණ විසඳුම් හඳුන්වා දෙන, දොරින් දොර කියැවෙන නාමයක් බවට පත්වීමට සමත් වී තිබේ. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ බලපත්‍රලාභී ජීවිත රක්ෂණ සමාගමක් වන Janashakthi Insurance PLC මේ වන විට දිවයින පුරා ශාඛා 76 කට අධික සංඛ්‍යාවක් පිහිටුවා ඇත. “Uplifting lives and empowering dreams” (‘ජිවිතයන් නඟා සිටුවීම සහ සිහිනයන් බලගැන්වීම’) යන ආයතනික අරමුණට සමගාමීව සිය ගනුදෙනුකරුවන්ට සහ සියලුම හවුල්කරුවන්ට රක්ෂණ ක්ෂේත්‍රයේ සාම්ප්‍රදායික සීමාවන්ගෙන් ඔබ්බට ගිය විශිෂ්ට සේවාවක් සලසමින් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්වීම එම සමාගමේ අරමුණ වී තිබේ.

Great Place To Work®
ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් Great Place To Work® යනු ඉහළ විශ්වාසයක් සහ කාර්යසාධනයක් (High-trust, High-performance™) සහිත සේවා ස්ථාන සංස්කෘතීන් ඇගයීමට ලක්කරන ලොව ප්‍රමුඛතම ආයතනයයි. එයටම අනන්‍ය වූ ඇගයුම් ක්‍රමවේද, උපදේශන සේවා, Best Workplaces™ ලැයිස්තු, සහතිකකරණ වැඩසටහන් සහ සේවා ස්ථාන සමාලෝචන හරහා, විශිෂ්ට සේවා ස්ථාන සංස්කෘතීන් නිර්මාණය කිරීම, පවත්වාගෙන යාම සහ ඇගයීමට ලක්කිරීම සඳහා අවශ්‍ය දැනුම හා ක්‍රමවේදයන් Great Place To Work® මඟින් සපයනු ලැබේ. මහද්වීප 5 ක් පුරා පිහිටි රටවල් (ශ්‍රී ලංකාව ඇතුළුව) සහ කලාප 170 කට අධික සංඛ්‍යාවක ව්‍යාපාර, ලාභ නොලබන සංවිධාන සහ රාජ්‍ය ආයතන වෙත එය සේවාවන් සපයයි.
වැඩිදුර තොරතුරු සඳහා www.greatplacetowork.com හෝ www.greatplacetowork.lk වෙත පිවිසෙන්න.

Best Workplaces™ List Recognition – 2026
මෙම වැඩසටහන මගින් Great Place To Work® හි ද්විත්ව ඇගයීම් ආකෘතිය (Two-Lens Model) වන Trust Index™ Employee Experience Survey සහ Culture Audit™ People Practice Analysis Framework සාර්ථකව සම්පූර්ණ කර, Great Place To Work Certified™ සහතිකකරණය සඳහා ගෝලීය සුදුසුකම් සපුරාලන ආයතන ඇගයීමට ලක් කරනු ලබයි.

Sri Lanka strengthens business confidence...
ජී.එස්.පී ප්ලස් යලි සලකා බැලීම...
99x Rebuilds Flood-Damaged IT Labs...
Sunshine Holdings records 16.6% YoY...
Janashakthi Life සමාගම Great Place...
கிழக்கிலங்கையில் தடம் பதிக்கும் BYD: மட்டக்களப்பில்...
Samsung Sri Lanka Opens Pre-orders...
The Royal College Union, jointly...
கிழக்கிலங்கையில் தடம் பதிக்கும் BYD: மட்டக்களப்பில்...
Samsung Sri Lanka Opens Pre-orders...
The Royal College Union, jointly...
සන්ෂයින් හෝල්ඩින්ග්ස් අනාගතය වෙනුවෙන් සිය...