Share

Share

Share

Share

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් වන First Capital Holdings PLC, මානව සම්පත් සංවර්ධනය සඳහා අනුගමනය කරන නව්‍ය ප්‍රවේශය සහ කාර්ය මණ්ඩලයේ උන්නතිය උදෙසා ලබාදෙන දායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා පුහුණු හා සංවර්ධන ආයතනය (SLITAD) වෙතින් රන් සම්මානයකින් පිදුම් ලැබීමට පසුගියදා සමත් විය.

First Capital සමාගම සිය කාර්ය මණ්ඩලයේ දක්ෂතා සහ හැකියාවන් වර්ධනය කිරීම සඳහා නිර්මාණශීලී හා නව්‍ය ප්‍රවේශයක් අනුගමනය කරයි. එම ප්‍රවේශය ඔස්සේ කාර්ය මණ්ඩලයේ කුසලතා මෙන්ම ආයතනයේ ඉගෙනුම් හා සංවර්ධන ක්‍රියාවලීන් තවදුරටත් ශක්තිමත් කිරීමට සමාගමට හැකියාව ලැබී තිබේ.

සිය කාර්ය මණ්ඩලයට ආයතනයේ මෙන්ම සමස්ත ප්‍රාග්ධන වෙළෙඳපොළ ක්ෂේත්‍රයේ වෙනස්කම්වලට සහ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් දියුණුව ළඟා කර ගැනීමට අවස්ථා උදා කර දීම සඳහා First Capital අඛණ්ඩව අවධානය යොමු කරන බව මෙම සම්මානය මඟින් මැනැවින් පිළිබිඹු වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් First Capital Holdings PLC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ෂාන් වීරසේකර මහතා මෙසේ පැවසීය:

“ඕනෑම ආයතනයක ශක්තිය එහි කාර්ය මණ්ඩලයේ දක්ෂතා හා හැකියාවන් සමඟ සමීපව බැඳී පවතිනවා. First Capital හි අප විශ්වාස කරන්නේ කාර්ය මණ්ඩලයේ දියුණුව වෙනුවෙන් ආයෝජනය කිරීම යනු ආයතනයේ අනාගතය වෙනුවෙන් සිදු කරන ආයෝජනයක් බවයි. SLITAD වෙතින් හිමි වූ මෙම සම්මානය තුළින්, එම ක්‍රියාවලිය සඳහා අප ලබාදෙන වැදගත්කම මැනවින් පිළිබිඹු වනවා.”
First Capital Holdings PLC සමාගමේ මානව සම්පත් ප්‍රධානී චාමර පුස්සැල්ල මහතා මෙසේ අදහස් දැක්වීය:

“කාර්ය මණ්ඩලයේ දැනුම හා පුහුණුව වැඩිදියුණු කිරීමේ උත්සාහයන් සාම්ප්‍රදායික පුහුණු වැඩසටහන්වලට පමණක් සීමා නොකර, ආයතනයේ දෛනික ක්‍රියාවලියේ අනිවාර්ය අංගයක් බවට පත් කිරීම අපගේ අරමුණයි. කාර්ය මණ්ඩලයේ කුසලතා වර්ධනය කිරීමටත්, ඔවුන්ට එකිනෙකාගෙන් ඉගෙන ගැනීමට අවස්ථාව උදා කර දීමටත්, තම දැනුම හා පුහුණුව අර්ථවත් අන්දමින් භාවිතා කිරීමට ඔවුන් යොමු කරවීමටත් අප නිරන්තරයෙන් අවධානය යොමු කරනවා. අපගේ උත්සාහයන් මෙලෙස ඇගයීමට ලක්වීම අපට මහත් සතුටක්.”
ඉදිරියටත් ඉගෙනුම් හා සංවර්ධන වැඩසටහන් ඔස්සේ සිය කාර්ය මණ්ඩලයට ප්‍රාග්ධන වෙළෙඳපොළ ක්ෂේත්‍රයේ වෙනස්කම්වලට අනුගත වෙමින් සාර්ථක වෘත්තීය ජීවිත ගොඩනංවා ගැනීමට අත්වැලක් වීම First Capital සමාගමේ අරමුණ වී තිබේ.

රටේ ආයතනික ඉගෙනුම් හා සංවර්ධන ක්‍රියාවලියේ උන්නතියට දායක වෙමින්, දිගින් දිගටම දැනුම, නවෝත්පාදනය සහ වෘත්තීය දියුණුව ප්‍රවර්ධනය කරන ආයතනික සංස්කෘතියක් පවත්වාගෙන යාම සඳහා First Capital සමාගම කැප වී සිටී.
අවසන්

First Capital Holdings PLC පිළිබඳව
ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත පූර්ණ-සේවා ආයෝජන ආයතනයක් වන First Capital Holdings PLC ප්‍රාථමික අලෙවිකරු සේවා, ආයතනික මූල්‍ය උපදේශනය, ධන කළමනාකරණ සහ කොටස් තැරැව්කරණ සේවා ඇතුළු පුළුල් පරාසයක පැතිරුණු සේවාවන් සපයයි. JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි පිටුබලය සහිතව ‘Performance First’ යන දර්ශනය මඟින් මෙහෙයවනු ලබන එම සමාගම, ක්ෂේත්‍රයේ ස්ථාවර හා තරගකාරී ආයතනයක් වශයෙන් පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවාවක් ලබා දීම කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර තිබේ.

ප්‍රාග්ධන වෙළෙඳපොළ විසඳුම් සම්බන්ධයෙන් දශක 4කට වැඩි පළපුරුද්දක් හිමි First Capital සමාගම මේ වන විට මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ තමන්ට හිමි ස්ථානය තවදුරටත් ශක්තිමත් කරගනිමින් සිටියි. Lanka Rating Agency (LRA) විසින් First Capital Holdings PLC සහ එහි අනුබද්ධ සමාගමක් වන First Capital Treasuries PLC වෙත A+ with a Stable Outlook ණය ශ්‍රේණිය පිරිනමා ඇත. 2026 වසරේදී World Economic Magazine Awards හිදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයෝජන බැංකුකරණ ආයතනය ලෙස ඇගයීමට ලක් වූ First Capital Holdings PLC, 2025 වසරේදී Superbrands තත්ත්වය හිමි කරගත් ශ්‍රී ලංකාවේ පළමු ආයෝජන ආයතනය බවටද පත් විය.

First Capital Holdings PLC සමාගම කොළඹ කොටස් වෙළඳපොළේ, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියමයන් හා රෙගුලාසිවලට අනුකූලව, අදාළ නියාමන රාමු යටතේ සිය ව්‍යාපාර කටයුතු සිදුකරයි.

செப்டம்பரில் ஆடை ஏற்றுமதி வளர்ச்சி கண்டுள்ளபோதிலும்,...
Sampath Bank Introduces One-Stop Housing...
வருடாந்திர இரத்த தான நிகழ்ச்சியை வெற்றிகரமாக...
“மனதளவில் வலிமையானவர்கள் – செல்வச் செழிப்புள்ள...
Daraz ශ්‍රී ලංකා සමාගම සිය...
JAAF welcomes Government’s commitment to...
Pearson BTEC Connect South Asia...
Coca-Cola Beverages Sri Lanka celebrates...
JAAF welcomes Government’s commitment to...
Pearson BTEC Connect South Asia...
Coca-Cola Beverages Sri Lanka celebrates...