5 වසර ශිෂ්‍යත්ව කඩඉම ජය ගැනීමට සවියක් වෙමින් සම්පත් බැංකුවේ 5 වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව සාර්ථකව අවසන් වෙයි

Share

Share

Share

Share

සම්පත් බැංකුව හා නෙත් එෆ්.එම් නාලිකාව එක්ව සංවිධානය කළ 5 වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව පසුගියදා අවසන් වූයේ සුවහසක් දරුවන්ට මෙන්ම දෙමව්පියන්ටද නවමු අත්දැකීමක් එක් කර දෙමිනි. 5 වසර ශිෂ්‍යත්ව කඩඉම් විභාගය ඉලක්ක කර ගනිමින් ඊට පෙනී සිටින දරුවන්ගේ දැනුම ඉහළ නැංවීම මෙන්ම නොබියව විභාගයට මුහුණ දීමට අවශ්‍ය මානසික ශක්තිය ඉහළ නැංවීම අරමුණු කොට ගත් මෙම සම්මන්ත්‍රණ මාලාව කොළඹ, මාතර හා කුරුණෑගල යන දිස්ත්‍රික්කයන්හි 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත දරුවන් ඉලක්ක කොට ගනිමින් සංවිධානය කරන ලදී. පළමු සම්මන්ත්‍රණය කඹුරුපිටිය – නාරන්දෙණිය ජාතික පාසලේදී පැවැත්වුණු අතර දෙවැනි සම්මන්ත්‍රණය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේදීත්, තෙවැන්න මහරගම ජනාධිපති විද්‍යාලයේදීත් පැවැත්වුණේ සුවිසල් සිසු සිසුවියන් පිරිසකගේ සහභාගීත්වයෙනි.

මෙම සම්මන්ත්‍රණ මාලාවේ තවත් විශේෂත්වයක් වූයේ 5 වසර ශිෂ්‍යත්වය සඳහා පෙනී සිටින දරුවන්ගේ දෙමව්පියන් දැනුවත් කිරීමටද කටයුතු කර තිබීමයි. විශේෂයෙන් දරුවන් ශිෂ්‍යත්ව විභාගයට උනන්දු කරවීමේදී දෙමව්පියන් විසින් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව එහිදී ඔවුන් දැනුවත් කිරීමට කටයුතු කර තිබිණ. සම්පත් බැංකුවේ ළමා ගිණුමක් සහිත දරුවන්ට මෙන්ම ළමා ගිණුමක් නොමැති දරුවන්ටද නොමිලේ සහභාගී වීමේ අවස්ථාව සලසා දීමට මෙම සම්මන්ත්‍රණ මාලාවේ තවත් විශේෂත්වයක් විය.

ශිෂ්‍යත්ව විභාගය ඉලක්කකොට ගත් දරුවන්ගේ ගැටළුවලට නිවැරදි පිළිතුරු මෙන්ම එම ගැටළු නිරාකරණය කරන ආකාරය සම්මන්ත්‍රණ මාලාවේදී මනාව අවබෝධ කර දීමට එහි දේශකවරයා ලෙස කටයුතු කළ ප්‍රවීණ ආචාර්ය සරත් ආනන්ද මහතා කටයුතු කරනු ලැබුවේ දරුවන්ට රසවත් අත්දැකීම්ද එක් කරමිනි. දෙමව්පියන් වෙනුවෙන් මඟ පෙන්වීම් සිදු කරනු ලැබුවේ ආචාර්ය සනත් ගමගේ මහතා විසිනි.

දහසකට අධික දරුවන් පිරිසකට මඟ කියූ මෙම සම්මන්ත්‍රණ මාලාව සමඟ එක් වූ සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී- අලෙවිකරණ හා පාරිභෝගික සබඳතා තාරක රන්වල මහතා සඳහන් කර සිටියේ “හෙට දවසේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත මේ දූ දරුවන් තවත් නොබෝ කාලයකින් මෙරට දිශානතිය තීරණය කරන සුවිසල් තීරකයින් බවට පත් වනවා. රටේ අනාගත නායකයින් බවට පත් වන ඔවුන්ට හොඳම අධ්‍යාපන අවස්ථාවන් සළසාදීම වැඩිහිටියන් ලෙස අපගේ වගකීමක් ලෙස මම දකිනවා. විශේෂයෙන් දැයේ දරුවන් වෙනුවෙන් නිරන්තරයෙන් අවධානය යොමු කරමින් ඔවුන්ට යහපත් අනාගතයක් උදාකර දීමට කැපවී කටයුතු කරන සම්පත් බැංකුව 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කිරීමට කටයුතු කළේ ඒ නිසයි. මේ තුළින් 5 වසර ශිෂ්‍යත්ව කඩඉම ජය ගැනීමට අවශ්‍ය ශක්තිය දරුවන් වෙත ලබා දීමට සම්පත් බැංකුව කටයුතු කළ අතර එම දරුවන්ගේ දෙමව්පියන් දැනුවත් කිරීමටද කටයුතු කළා. සම්පත් බැංකුවේ මෙම සත්කාරය වෙනුවෙන් විශ්වාසයෙන් යුතුව සම්බන්ධ වූ දරුවන්ටත්,දෙමව්පියන්ටත්, ගුරු මහත්ම මහත්මීන්ටත් මේ මොහොතේ මාගේ ස්තුතිය පුද කිරීමට කැමතියි”යනුවෙනි.

මෙම අවස්ථාවන් වෙනුවෙන් සම්පත් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී – තැන්පතු ප්‍රවර්ධන හලීන් හෙට්ටිගොඩ මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය මෙන්ම සම්පත් බැංකු කාර්ය මණ්ඩල සාමාජිකයින් රැසක් ද එක් වූහ. සම්මන්ත්‍රණයට එක් වූ දරුවන්ට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය නොමිලේ ලබා දීමටද සම්පත් බැංකුව මෙහිදී කටයුතු කරන ලදී.

 

 

 

 

 

 

Janashakthi Finance Wins Silver at...
Lina Manufacturing wins two awards...
Sri Lanka International Insurance Summit...
MAS සමුහයේ සහ Brandix ලංකා...
Capital Trust Properties wins Asia...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
HNB FINANCE பணிப்பாளர் சபைக்கு சிவராஜா...